Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, February 25, 2011

17. Candlestick charts - 2

කලින් පාඩමෙන් අපි candlestick charts ගැන පොඩි idea එකක් ගත්තනේ. අද අපි ඒ ඉගෙන ගත්ත දේවල් තවත් ටිකක් ඉස්සරහට අරගෙන යමු. අපි දැන ගන්න ඕනෙ price data වලින් මෙච්චර ලස්සන candlestick chart එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඒක දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න එක. ඔයාලට ඉස්සරහට Forex කරද්දී candlestick charts ගොඩක් අධ්‍යනය කරන්න වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක මම මේ දෙන Exercise එක කරන්න.

ඉස්සෙල්ලම EUR/USD chart එක Metatrader එකට ගන්න. ඊට පස්සේ chart එක maximize කරලා Candlestick charts කියන button එක select කරන්න. දැන් Zoom in button එක 4 පාරක් විතර click කරලා ඔයාලට හොඳට candles පේන ගානට ලොකු කරගන්න. (මේවා කරන්නේ කොහොමද කියලා ඔයාල දැන් දන්නවනේ, මතක නැතිනම් පරණ Blog posts බලන්න) ඊට පස්සේ M5 button එක click කරලා Chart shift කියන button එකත් click කරන්න. දැන් තමයි අමාරු හරිය. බලාගෙන ඉන්න price data එද්දී candles හැදෙන විදිහ. හොඳට ඉවසිල්ලෙන් බලන්න කොහොමද Bull candles හැහෙන්නේ, කොහොමද Bear candles හැදෙන්නේ, ඒ වගේම කොහොමද candle එකේ shadows, body හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න. මේ candles හැදෙන විදිහෙන් අපිට Market එක කොයි පැත්තට යයිද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

දැක්ක නේද හැම විනාඩි 5කටම සැරයක් අළුත් candle එකක් හැදෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති candles හැදෙන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා මතකද candle එකකින් දත්ත 4ක් පෙන්වනවා කියලා. ඒ දත්ත 4 තමයි පහත රූපසටහනේ දැක්වෙන්නේ. ඒ දත්ත M5 chart එකට අදාලව තමයි දාලා තියෙන්නේ. හැබැයි chart එක H1 නම් අදාල කාල පරාසය (time period) වෙන්නේ පැයක්. මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න.


Thursday, February 24, 2011

16. Candlestick charts - 1

එහෙනම් අපි Cadlestick charts ගැන ඉගෙන ගන්න පටන් ගමු. ඔයාලට මතකද අපි Metatrader එක ගැන මුලින්ම කරපු post එකේ එක් එක් currency pairs වලට අදාල tick charts බැලුවා. ඒක හරියට Line chart එකක් වගේ නේද?


හැබැයි මේ chart එකෙන් අපිට Currency pairs එකේ price movement එක ගැන වැඩි අදහසක් ගන්න බෑ. මොකද මේක data එන එන පාරට points හැදිලා chart එක හැදෙන නිසා. ඒ නිසා Forex tradersලා මේ price data තේරුම් ගැනීමේ පහසුව සඳහා හොයාගත්ත එක්තරා chart එකක් තමයි මේ Candlestick chart කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවානේ Candlestick chart එක ගන්න විදිහ.  

Tuesday, February 22, 2011

15. Metatrader එක ගැන - 2

මෙන්න එහෙනම් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු lessons ටික. අපි Metatrader එකේ කලින් නවත්තපු තැනේ ඉඳලා පටන් ගමු.

එහෙනම් දැන් ඉස්සෙල්ලාම Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරලා EUR/USD chart එක ගන්න. ඊට පස්සේ ඒක maximize  කරගන්න. මතක නැතිනම් 10 වැනි පාඩම බලන්න.


Friday, February 18, 2011

14. Bid, Ask හා Buy, Sell orders -2

කලින් පාඩමේ අපි අන්තිමට කරන්න ගියේ Pip වටිනාකම බලලා ඒකෙන් අපේ profit එක ගණනය කරන එකනේ. එහෙනම් අපි ඒක බලමු.

EUR/USD = 1.2757/1.2759  දී Buy Order එක කරලා EUR/USD = 1.2768/1.2770 trade එක close කලා
ගත් මිල (Buy order එකක් නිසා Ask price එක) = 1.2759
trade එක close කල මිල (Buy order එක close කරන විට Bid price එක නිසා) = 1.2768
profit එක Pips වලින් = 1.2768 - 1.2759 = 0.0009 = Pips 9
Account currency එක USD නම් USD quote currency වන pairs වල Pip එකක් අගය = USD 0.0001
එම නිසා profit එක = 9 X 10,000 X 0.0001
= USD 9

උත්තර 2කම සමානයි නේද?

Thursday, February 17, 2011

13. Bid, Ask හා Buy, Sell orders - 1

මේ පාඩමට පස්සේ ගොඩාක් දුරට අපි practicals පැත්ත තමයි කරන්නේ. ඒ හින්දා මේ පාඩමත් ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනෙ.

ඔයාලට මතක ඇති අපි Metatrader එකේ බලද්දි Currency Pairs වල rates තිබ්බ කො‍ටුවේ එක් Currency Pair එකකට rates (prices) 2ක ගානෙ තිබ්බා. එකක් "Bid" කියලා. අනිත් එක "Ask" කියලා. ඒ මොකක්ද කියලා මම පස්සේ කියලා දෙන්නම් කිව්වනේ. අද අපි බලමු ඒ මොනාද කියලා.

ඔයාලා දැකලා ඇති බැංකුවකින් Currency Exchange Rate එක් දක්වද්දී rates 2ක් දක්වනවා. "ගැනුම් මිල" හා "විකිණුම් මිල" වශයෙන්. අන්න ඒක තමයි මේ Bid හා Ask කියලා කියන්නේ. Bid කියන්නේ "ගැනුම් මිල" හා Ask කියන්නේ "විකිණුම් මිල". හැබැයි මෙතන ගැනුම් මිල කියන්නේ අපි ගන්න මිල නෙවෙයි Broker අපෙන් ගන්න මිල හා විකිණුම් මිල කියන්නේ Broker අපිට විකුණන මිල. හැමවෙලේම Ask එකේ අගය Bid එකේ අගයට වඩා වැඩී. Bid හා Ask අතර වෙනසට කියන්නේ Spread කියලා. Stock Market (Share Market) එකේ වගේ Forex Market එකේ Brokerලා Commission එකක් ගන්නේ නෑ. Forex brokerලාගේ ලාභය තමයි මේ Spread එක. Spread එක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ Pips වලින්. අපි පොඩි උදාහරණයක් බලමු.

Saturday, February 12, 2011

12. Pips ගැන තවදුරටත් - 2

අපි කලින් පාඩමේදි ඉගෙන ගත්තා අපේ forex account එකේ ප්‍රධාන currency එක USD නම් USD quote currency එක විදිහට එහෙමත් නැත්නම් USD 2 වැනියට තියෙන currency pairs වල Pip එකක වටිනාකම හොයාගන්න හැටි. අපි හොයාගත්තා ඒක USD 0.0001ක් කියලා. ඒ කියන්නේ rate එක කීය වුනත් එක Pip එකකට USD 0.0001 ගානේ අපි මිලදී අරගෙන තියෙන currency units ගණනට අපිට profit හෝ loss එකක් ලැබෙනවා.

දැන අපි බලමු USD base currency එක විදිහට එහෙමත් නැත්නම් USD ඉදිරියෙන් තියෙන currency pairs වල Pip එකක වටිනාකම ලබාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු USD/JPY pair එක.

USD/JPY = 83.45 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 83.45
= 0.0001198
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.0001198
අපි USD/JPY = 83.45 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.0001198 X 100,000
= USD 11.98

Friday, February 11, 2011

11. Pips ගැන තවදුරටත් - 1

අද අපි theory ටිකක් කරමු. එතකොට ඉක්මනටම අපිට අපේ පළවෙනි trade එක කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකින් Pips, Pipettes කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තා. අද අපි බලමු අපි Forex trade කරද්දී මේ Pips වැදගත් වෙන්නේ කොහොමද කියලා. සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා" ආදි වශයෙන්. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා මොකක්ද තේරුම් ගන්නේ? අද පාඩමට පස්සේ ඔයාලාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. 

Tuesday, February 8, 2011

10. Metatrader එක ගැන - 1

Demo account එක හදන හැටි කියලා දීලා  Metatrader එක ගැන විස්තර කියන්න මෙච්චර කල් ගියාට සමාවෙන්න ඕනෙ. හොඳටම වැඩ වැ‍ටුනා ඒකයි ප්‍රමාදයට හේතුව. කොහොම වුනත් ඔයාලා බය වෙන්න එපා blog එක දිගටම යනවා. එහෙනම් අද අපි Metatrader එකේ රවුමක් ගිහින් බලමු.


Tuesday, February 1, 2011

9. කොහොමද Demo Account එකක් open කරගන්නේ?

Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා. බොහොමයක් ලොකු Forex Brokersලා ඒ ගොල්ලන්ගෙම softwares අපිට ලබාදෙනවා trade කරන්න. කොහොම වුනත් අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක. මේ software එකේ version 4 තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මේ software එකට අපිට පහසුවෙන් Indicators (Indicators කියන්නේ මොනාද කියලා මම ඉස්සරහට ඔයාලාට කියලා දෙනවා.) හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ software එක. අපි මේ Demo account එක open කරන්න යන්නේ "Easy Forex" කියන Forex Broker එකක්. මේ ගොල්ලෝ prices quote කරන්නේ දශමස්ථාන 4කින් (JPY pairs දශමස්ථාන 2කින්). පස්සේ අපි දශමස්ථාන 5කින් (JPY pairs දශමස්ථාන 3කින්) පෙන්වන Broker කෙනෙක් එක්කත් account එකක් open කරමු. එහෙනම් අපි Easy Forex එක්ක Demo account එකක් open කරමු.

1. මුලින්ම http://en.easy-forex.com/evo/Int/home.aspx වෙබ් අඩවියට පිවිසෙන්න.