Friday, March 9, 2012

32. Risk management - 2 (Money management Lesson -4)


කට්ටියටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ veryම very sorry කියලා. ආයෙමත් වැඩේ පොඩ්ඩක් දෙල් වුනා. හිතපු නැති වැඩ වගයක් එකපාරටම  set වුනා. දැන්වත් වැඩේ පිළිවෙලකට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.  Comments ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම ඒවාට හෙමීට reply කරන්න නම්.

කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ USD quote currency  විදිහට තියෙන currency pairs වලදී අපේ risk එක අනුව  lot size එක ගණනය කරන්නේ කොහොමද කියන එක. අද අපි බලමු USD base currency එක විදිහට තියෙන currency pairs වල හා  USD ඇත්තෙම නැති currency pairs වලදී අපේ lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උදාහරණයකින්ම වැඩේ පටන් ගමු.