Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, September 25, 2012

35. Comments

වැඩි දෙනෙක්ගේ ඉල්ලිම මත comments section එක නැවතත් මම ඇතුලත් කරලා තියෙනවා. ඒක spam කරන්නේ නැතිව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. (Spam දැම්මට වැඩක් නැතිවෙයි.) කලින් තිබුනු සියළුම comments මම අයින් කරලා දැම්මා. මොකද comments 1800 ගාණක් එකින් එක බලන්න මට වෙලාව නැති නිසා. Blog posts වල පැහැදිලි නැති තැන් තියෙනවා නම් නැවතත් අහන්න මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ලබාදෙන්නම්. ජයවේවා!

Monday, September 24, 2012

34. නිහඬතාවයට පසු

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් සමාව අයැද සිටිනවා මාගේ දිගු නිහඬතාවය පිළිබඳව. මගේ නිහඬතාවයට හේතු ගොඩක් තිබුනා. එකක් තමයි අනිකුත් ව්‍යාපාර කටයුතුවල කාර්යබහුල වීම. ඒවගේම පවුලේ වැඩ වලට වැඩි කාලයක් යොදවන්නත් සිදුවුනා. කොහොම හරි post එකක් හිත එක විදිහකට තියාගෙන ලියන්න පුළුවන් තරම් වෙලාවක් හදාගන්න බැරි වුනා. කොහොම වුනත් අන්තිම කාලේ වෙද්දී මම ටිකක් කලකිරිලා හිටියේ. මම මේ blog එක පටන් ගත්තේ කාවවත් රවට්ටලා සල්ලි හොයන්න නෙවෙයි. මම හැමවෙලේම forex market එකේ තියෙන අවධානම ගැන ඔයාලව දැනුවත් කරන්න උත්සාහ කලා. මට ඕන තරම අවස්ථා තිබුනා ඔයාලාව මොකක් හරි broker කෙනෙක්ට refer කරලා ගාණක් කඩා ගන්න. කීදෙනක් මගෙන් අහලා තිබුනද real account එකක් open කරන්න හොඳ broker කව්ද කියලා. මට ඒවගේ දේවල් කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නෑ. කීපදෙනක් මට බොරු චෝදනාත් කලා. ඒවගේම හතු පිපෙන්නා වගේ සිංහල forex blogs ඇතිවෙන්නත් ගත්තා. ඒ ගොඩක් blogs බලපු ගමන් ඒවා කරන අයගේ අරමුණු පැහැදිලි වෙනවා. ඒත් ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වෙලා තිබුනු දේ ඒ blogs වලින් දෙන්න පොරොන්දුවෙලා තිබුනා ඒ තමයි ඉක්මනින් පොහොසත්වීමේ ක්‍රමය. මම හැමවෙලේම අවධාරණය කලා forex කියන්නේ "ඉක්මනින් පොහොසත් වෙන ක්‍රමයක්" නෙවෙයි කියන එක.

කොහොම හරි දැන් මහ බැංකුවෙන් forex වලට සීමා පනවලා කියලා මටත් දැන ගන්න ලැබුනා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද ඒකෙන් හදිස්සියට සල්ලි හොයන්න ගිහින් සල්ලි නැති කරගන්න බහුතරය බලෙන් හරි නවත්තන්න පුළුවන් නිසා. හැබැයි මේකෙන් පාඩු වෙන්නේ ඇත්තටම සංයමයකින් යුතුව forex ඉගෙන ගන්න බලන් ඉන්න කට්ටියට. කොහොම වුනත් forex කියන්නේ හරියට ඉගෙන ගෙන කලොත් අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන්න ගන්න පුළුවන් මුදල් ආයෝජන ක්‍රමයක්. මහ බැංකුව මේවගේ තීරණයක් කරන් තියෙන්නේ තනිකරම forex කඩ කාරයෝ නිසා. එයාලට forex වලින් සල්ලි හොයන්න බැරි නිසා එයාලා මිනිස්සුන්ව හොර brokerලා ගාවට යවලා commission ගත්තා. එයාලට තමයි හොඳම බඩේ පාර වැදුනේ. Forex ඉක්මනින් ඉගෙන ගන්න ගිය අයටත් ඇත්තටම හොඳ දෙයක් වුනේ. දැන් එයාලට හදිස්සිය තිබුනු පලියට real accounts open කරන්න ගිහින් සල්ලි නැති කරගන්න බෑ.

මහ බැංකුව පනවලා තියෙන්නේ මොනවගේ සීමාවන්ද? ඒවා කොහොමද අපිට බලපාන්නේ කියලා මම තවම හරියට අධ්‍යනයක යෙදුනේ නෑ. මට හිතෙනවා ඒකට අපිට පිළියමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මම අදහස් කරන්නේ හොර වැඩ ගැන නෙවෙයි. අපිට පුළුවන් වුනොත් අපිට සාර්ථකව forex trade කරලා ලංකාවට විදේශ විනිමය ගෙනත් දෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න, මහ බැංකුවට අපිට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නෑ. එතකං අපි අපේ trading skills දියුණු කරගන්න demo accounts පාවිච්චි කරමු.

http://www.forexfactory.com/forum.php?s=69cddf5d49e2741df10364608c4ce99b
http://forums.babypips.com/  වගේ forums වලට ගිහින් ඒවාගේ තියෙන trading strategies අත්හදා බලන්න. ඒවගේම මගේ blog එකේ තියෙන money management techniques අත්හදා බලන්න. Demo එක real account එකක් කියලා හිතාගෙන හොඳ discipline එකක් තියාගෙන සාර්ථකව trade කරන්න පුරුදුවෙන්න.

මහ බැංකුවෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව හරියට අවබෝධයක් ලබාගන්නා තුරු මම forex posts දාන්නේ නෑ. අනවශ්‍ය වල්පල් බහුභූත කතාකිරීම නිසා මම comments section එකත් ඉවත් කරනවා. ඔබලා කාට හෝ මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම්  lanka.rom@gmail.com එකට e-mail එකක් එවන්න. එහෙමත් නැතිනම් මගේ facebook page එකට message එකක් දමන්න.

මාත් එක්ක මෙච්චර කල් එකට හිටපු සහෝදර සහෝදරියෝ හිතන්න එපා මම ඔයාලාව අතහැරලා පැනලා යනවා කියලා. අපි මේකට පිළියමක් හොයාගමු. මොන පසුබෑම ආවත් කා ගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්ට විතරයි forex වලින් දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවගේ මිනිසුන් වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජයවේවා!