Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, May 18, 2011

24. Stop Loss හා Take Profit - 1 (Money management Lesson - 2)

සෑහෙන කාලෙකට පස්සේ අළුත් post එකක් කරන්නේ. වැඩත් එක්ක post කරන එකත් ලේසි කෙලියක් නෙවෙයි. හරියට post එකක් කරන්න පැය 2-3 වත් යනවා.  හරි අපි කෙලින්ම වැඩේට බහිමු. මම මේ අද කරන්න යන පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. මේකේ කියලා දීලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්.

කලින් පාඩමකින් අපි Margin Level එක ගැන ඉගෙන ගත්තා මතකද? (21 පාඩමින්).  අපි ඒ පාඩමේදී ඉගෙන ගත්තා Margin Call එකක් කියන්නේ මොකක්ද කියලත්. හැබැයි Margin Call එකක් හරියටම ඇතිවෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි මදි කියලා මම හිතනවා. ඒ නිසා අද අපි ඉස්සෙල්ලාම ඒක ගැන පොඩ්ඩක් බලමු.

ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ blog එක බලන සහෝදරයෙක් අහලා තිබ්බා "Forex වල trade එකක් open කරලා ඒ trade එක close කරන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවද කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් නැතිනම්  අපිට කවදාවත් loss එකක් නැතිව trades close කරන්න පුළුවන් නේද?" කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, මොකද අපි trade එක open කරපු ගමන් trade එක loss පැත්තට ගියත් කවදා හරි price එක ආපහු profit පැත්තට එනකම් ඉඳලා අපිට trade එක close කරන්න පුළුවන් නිසා.  මොකද ඔයාලා දන්නවා නේ Forex market එකේ price එක හැමවෙලේම ඉහල පහල යනවා කියලා. මේක මෙහෙම කරන්න පුළුවන් නම් කවුරුත් මේක කරන්නේ නැත්තේ ඇයි? මේකට හේතුව තමයි Margin Call කියන එක. අපි හරියට Money management නොකලොත්, trade එකක් දිගින් දිගටම loss පැත්තට ගියොත් අපිට Margin Call එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Forex account එකේ ඉතිරි වෙන්නේ අපි trade එක open කරද්දී broker අපෙන් ගන්න Margin එක විතරයි. ඉතිරි සල්ලි ටික ඔක්කොම Forex market එකට යනවා. අපි උදාහරණයකින්ම මේක ගැන study කරමු. මේ උදාහරණයේදී Margin call එකක් ලැබෙන Marging Level  එක විදිහට 100% අපි පාවිච්චි කරමු මොකද මේක තමයි ගොඩක් brokersලා Margin call එකක් ලබාදෙන අවස්ථාව.


අපි හිතමු EUR/USD = 1.4841/1.4844, අපේ account balance එක USD 3000 හා අපේ Leverage එක 400:1, අපි buy order එකක් කරනවා Lots1,

එතකොට අපේ Margin එක වෙන්නේ, 1.4844 X 100,000 / 400
= USD 371.1
(Margin කියන්නේ මොකක්ද කියලා මතක නැතිනම් 21 පාඩම බලන්න.)

දැන් අපේ හිතමු අපේ කරුමෙට trade එක loss පැත්තට යනවා කියලා. දැන් EUR/USD = 1.4821/1.4824 නම් අපේ account එකේ Equity, Free Margin හා Margin Level එක කීයද කියලා අපි Calculate කරලා බලමු. 

Loss in Pips = 1.4821 - 1.4844 
=  -23 

Loss in USD = (0.0001 X -23 X 100,000)
= USD - 230 (මේ ගණන මෙහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි නැතිනම් 11 පාඩම් බලන්න. ඒත් පැහැදිලි නැතිනම් අහන්න.)

එහෙනම්,
Equity = 3000 - 230
= USD 2770

Free Margin = 2770 - 371.10
= USD 2398.90

Margin Level = (2770 /  (148,440/400)) X 100
= 746.43%

Trade එක තවදුරටත් loss පැත්තට යනවා. අපි හිතමු දැන් trade එකෙන් Pips 100ක loss එකක් වෙලා කියලා. ඒ කියන්නේ EUR/USD = 1.4744/1.4747. දැන් අපි ආයෙත් බලමු Equity, Free Margin හා Margin Level එක කීයද කියලා.


Loss in USD = (0.0001 X -100 X 100,000)
= USD - 1000


Equity - 3000 - 1000
= USD 2000


Free Margin =  2000 - 371.10
= USD 1628.90


Margin Level = (2000 / (148,440/400)) X 100
= 538.94%


දැන් ඔයාලට පේනවද Pips 23ක Loss එකක් තියෙද්දී 746.43% වුනු Margin level එක, Loss එක Pips 100ක් වුනාම 538.94% වෙනවා. දැන් අපි බලමු Pips 250ක loss එකකට පස්සේ අපේ Margin Level එක කීයද කියලා (මතක තියාගන්න අපි තවම trade එක close කරලා නෑ. අපිට trade එක දිහා බලන්න වෙලාවක් නැතුව තියෙද්දී trade එක දිගටම loss පැත්තට යනවා කියලා හිතන්න.)


අපිට Pips 250ක loss එකක් වෙන්නේ EUR/USD = 1.4594/1.4597 වුනාම


Loss in USD = (0.0001 X -250 X 100,000)
= USD - 2500


Equity = 3000 - 2500
= USD 500


Free Margin = 500 - 371.10
= USD 128.90


Margin Level = (500 / (148,440/400)) X 100
=  134.73%


අපේ Account balance එක USD 3000 දී අපි currency lot 1ක trade එකක් open කරලා Pips 250ක loss එකක් කරගත්තොත් අපේ Margin Level එක ආසන්න වශයෙන් 134.73% දක්වා අඩුවෙනවා (ආසන්න වශයෙන් කියලා කිව්වේ මේ Margin Level එක Currency pair එකේ price එකත් එක්ක සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් හින්දා.) USD quote currency එක විදිහට තියෙන currency pairs වල අපිට පහසුවෙන්ම හොයන්න පුළුවන් Margin call එකක් ලැබෙන්න කොච්චර Pips ගණනක Loss එකක් වෙන්න ඕනෙද කියලා. හැබැයි මේ ගණන හදන්න අපිට Currency price, Account balance, Lots හා Leverage කියන දත්ත අවශ්‍ය වෙනවා. එහෙනම් අපි එහෙම ගණනකුත් හදලා බලමු.


අපි EUR/USD = 1.4525/1.4528 තිබියදී Currency Lot 1ක් buy order එකක් කලොත් Margin Call එකක් එන්නේ Pips කියක් loss වුනොත් ද? (Account balance = 3000, Leverage = 400:1)


අපි දන්නවා, Margin Level = (Equity / Margin) X100
එම නිසා 100% = (Equity / ((1.4528 X 100,000) / 400)) X 100
ඉහත සමීකරණය සුළු කලාම අපිට ලැබෙනවා
Equity = (1.4528 X 100,000)/400
= USD 363.20


Account balance එක USD 3000 නම් Equity එක USD 363.20 දක්වා අඩුවෙන්න, සිදුවෙන්න අවශ්‍ය loss එක,
Loss in USD = 3000 - 363.20
= USD 2636.80


Pips ගණන = 2636.80  / (0.0001 X 1 X 100,000)
= 263.68
= 263


දැන් තේරෙනවද, අපි EUR/USD = 1.4525/1.4528 තිබියදී Currency Lot 1ක් buy order එකක් කලොත් Margin Call එකක් එන්නේ Pips 263කට වඩා loss වුනොත්.


කෙටියෙන් කිව්වොත් අපිට ඉහත උදාහරණයේ විදිහට Margin call එකක් ආවොත් අපේ Account එකේ තිබ්බ USD 3000න් ඉතිරි වෙන්නේ trade එක open කරන්න ගිය Margin එක විතරයි. ඒ කියන්නේ USD 363.20ක් විතරයි.

Pips 263ක් කියන්නේ Forex market එකේ ලොකු ගණනක් නෙවෙයි. Market එකේ condition එක්ක pips 263ක් සතියකින් වුනත් move වෙන්න පුළුවන්. දැන් ඔයාලට තරමක් පැහැදිලි ඇති ඇයි Trade එකක් loss පැත්තට යද්දී කවදා හරි ඒක profit වලට හරවා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ trade එක අල්ලගෙන ඉන්න එක එතරම් නුවණට හුරු නැත්තේ ඇයි කියලා.

බොහෝමයක් Professional forex tradersලා කරන්නේ trade එක loss පැත්තට යද්දී වැඩි දුර යන්න නොදී ඒ trade එක close කරන එක. එතකොට එයාලට loss එකකින් සිදුවන පාඩුව අවම කරගන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපි Stop loss කියන එක පාවිච්චි කරන්නේ.

මේක වැඩ කරන විදිහ හරිම සරලයි. Stop loss කියන දත්තය අපිට trade එක open කරන කොටම හරි, එහෙමත් නැතිනම් trade එක open කරලා පස්සේ වෙලාවක ඇතුලත් කරන්නත් පුළුවන්. මෙහෙම Stop loss කියන data එක enter කලාම වෙන්නේ Currency pair එකේ price එක Stop loss කියන එකේ තියෙන අගයට සමාන වෙච්ච ගමන් අපේ trade එක auto close වෙන එක. එතකොට trade එක දිගටම loss පැත්තට යමින් තිබුනා නම් අපිට සිදුවෙන්න තිබුනු loss එක අවම කරගන්න පුළුවන් වෙනවා. Stop loss කියන එක මෙහෙම තේරුම් ගන්න පුළුවන් වුනාට Stop loss එකේ අගය තීරණය එක එච්චර පහසු වැඩක් නෙවෙයි. මොකද අපි Stop loss එක අඩු ගණනක් දැම්මොත් trade එක පොඩ්ඩක් loss  පැත්තට ගිය ගමන් close වෙනවනේ. එතකොට පොඩි පොඩි losses ගොඩක් එකතු වෙලා අපිට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි Stop loss එක ලොකු ගණනක් දැම්මොත්, අපි කරන trade එක loss වුනොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. මේකේ අගය තීරණය කිරීමේ හැකියාව අපිට පළපුරුද්දත් එක්ක ලබා ගන්න පුළුවන්. අපි මීළඟ post එකෙන් බලමු Metatrader එකේ Stop loss එකක් දාන්නේ කොහොමද කියලා.

අනිත් එක තමයි Take profit කියන එක. මේකත් Stop loss වගේම එකක් හැබැයි මේක Stop loss එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ trade එක profit පැත්තට යද්දී අපිට අවශ්‍ය අගයකදී trade එක close කරගන්න තමයි Take profit කියන එක පාවිච්චි කරන්නේ. දැන් ඔයාලා බලයි trade එක profit පැත්තට යනවා නම් මොකටද trade එක close කරන්නේ කියලා. මේකට හේතුව තමයි trade එක දැන් profit පැත්තට ගියාට තව මොහොතකින් කොහේ යයි ද කියලා ශක්‍රයාටවත් කියන්න බැරි නිසා. හදිසියේවත් trade එක profit පැත්තට ගිහිල්ලා ඒක profit තියෙද්දී close කරගන්න බැරි වුනොත් හරිම පාඩුවක් තමයි වෙන්නේ. ඒක වලක්වන්න තමයි Take profit කියන value එක තියෙන්නේ. මීළඟ post එකෙන් මම කියලා දෙන්නම් අපේ trade එකට Take profit කියන එක enter කරන්නේ කොහොමද කියලා.

පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න.

No comments:

Post a Comment