Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Thursday, June 30, 2011

26. Stop Loss එකේ වැදගත්කම (Money management lesson - 2)

ඔයාලට දැන් SL එකක් හා TP එකක් දාන හැටි හොඳට පුරුදු ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම අහන්න. මට කලින් පාඩමේදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම හිතුවේ තව පොඩි post එකක් දාන්න ඕනේ කියලා.

සමහර tradersලා ඉන්නවා එයාලා SL එකක් එයාලගේ trades වලට දාන්නේ නෑ. එයාලා එහෙම දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට එයාලා trade එකක් open කලාම එයාලා computer එක ගාව ඉඳලා trade එක දිහා බලාගෙන ඉඳලා එයාලට ඕන price එකට ආවාම trade එක close කරන නිසා. ඒ කියන්නේ trade එක හරි පැත්තට යනවා නම් එයාලට අවශ්‍ය Pips ගණන ලැබුනාම එහෙමත් නැතිනම් trade එක වැරදි පැත්තට යනවා නම්, එයාලා trade එක close කරන්න හිතාගෙන ඉන්න price එකට ආවාම trade එක close කරනවා.


මේ ක්‍රමය demo account එකකදි නම් ප්‍රශ්නයක් නෑ. ඒත් හිතන්න අපි real account එකක ලොකු මුදල් ගණනක trade එකක් open කරලා තියෙනවා කියලා. හදිසියේ අපි trade එක open කරලා තියෙන අතරේ power cut එකක් වෙනවා (ලංකාවේ ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දෙයක් නේ), නැතිනම් internet connection එක අවුල් වෙනවා, එහෙමත් නැතිනම් computer එක crash වෙනවා. ඔය වගේ මොකක් හරි අකරතැබ්බයක් වුනා කියලා හිතමු. එතකොට අපේ trade එකට මොකද වෙන්නේ? Trade එක profit පැත්තට ගියොත් නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි loss පැත්තට දිගටම ගියොත් නම් විනාශයක් තමයි වෙන්නේ.

මේවගේ දෙයක් සිදුවුනොත් වෙන හානිය අවම කරගන්න අවශ්‍යයි. ඒ නිසා සමාන්‍යයෙන් professional tradesලා එයාලගේ trades වලට hard stop කියලා එකක් දානවා. Hard stop කියන්නේ SLම තමයි හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි අපි අපේ trade එක close කරන්න හිතාගෙන ඉන්නේ Pips 20ක් Loss පැත්තට ගියොත් කියලා නම්, අපි hard stop එකේ දී SL එක දෙන්නේ Pips 40ක් හෝ 50ක් විදිහට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් SL දෙනවට වඩා දෙගුණයක් විතර. හැබැයි හොඳට මතක තියාගන්න මේ hard stop එකට ඇවිල්ලා trade එක close වෙන්න ඉඩදෙන්නේ මොකක් හරි අවුලක් වුනොත් විතරයි. අපි trade එක computer එක දිහා බලලා close කරනවා නම් Pips 20ක් loss පැත්තට ගිය ගමන් අපි manually trade එක close කරන්න ඕනේ. එහෙම නොකලොත් අපේ Money management එක ඔක්කොම අවුල් වෙනවා.

ඒ වගේම අපි අපේ real account එකේ broker ගේ telephone number එක දැනගෙන ඉන්න ඕනේ. අපිට පුළුවන් හදිස්සියේ මොකක් හරි අවුලක් වුනොත් එයාලට කතාකරලා අපේ trade එක close කරන්න කියලා කියන්න. හැබැයි එහෙම කියන්න අපි අපේ trade එකේ details දැනගෙන ඉන්න ඕනේ. එතකොට brokerටත් ලේසී අපිටත් ලේසී. කොහොමද මේක කරන්නේ. සාමාන්‍යයෙන් professional tradersලා එයාලා open කරන හැම trade එකකම Order number එක, Currency pair එක, trade එක open කරපු දිනය හා වෙලාව, Lots ගණන කියන විස්තර ටික පොඩි සටහන් පොතක සටහන් කරගන්නවා. (ඒවගේම ඔයාලගේ real account එකේ number එකත් ඒ සටහන් පොතේ කොහේ හරි සටහන් කරලා තියාගන්න ඕනේ.) එතකොට ඔයාලට brokerට call කරන්න අවශ්‍ය වුනොත් details ඔක්කොම දීලා ඉක්මනට ඔයාලට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. Log පොතක් තියාගන්න එකේ වැදගත්කම් ගොඩක් තියෙනවා අපි ඒවා ගැන ඉදිරියේ දී කතාකරමු.

මිළඟ ලිපියෙන් අපි කතාකරමු Forex trade කල යුතු වෙලාවල් ගැන.

No comments:

Post a Comment