එහෙනම් අද Blog post එකේ ඉඳලා අපි Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. මම ඇත්තටම කලින් හිතාගෙන හිටියේ Forex වල Theory side එක පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සෙ Practical පැත්තට බහින්න. ඒ උනාට ගොඩක් දෙනෙක්ට මේක කරන්න පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ. ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. Theory, History වගේ තොරතුරු මම ඔයාලට ටික ටික මේ Blog එක හරහා කියලා දෙන්නම්. එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න අළුත්ම Subject එකක් ඉගෙන ගන්න.
මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවෙ අපට අහලා පුරුදු Share Market හෝ Stock Market එක වගේ. මේකට Forex කියලා වගේම FX Market, Currency Market කියලත් කියනවා. Market කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ "පොළ" නේද? පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවෙත් ඔයාලා කියයි "බඩු විකුණලා" කියලා. එතකොට මම Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ කොහොමද? කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? කමක් නෑ උත්තරය මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නේ "සල්ලි" විකුණලා. දැන් සමහර විට ඔයාලා බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියලා. බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම්.