Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, January 26, 2011

6. Lots, Margins, Leverage හා Pips - 2

අපි කලින් post එකේදි Lots හා Leverage ගැන කතා කළා. අද අපි බලමු Margin හා Pips කියන්නේ මොනාද කියලා.

Leverage ගැන කතා කරද්දි අපි දැනගත්තා Leverage එක දක්වන්නේ 200:1, 100:1 හෝ 50:1 යන ආකාරයට කියලා. Leverage එකක් එක්ක trade කරන එකට තමයි Margin Trading කියලා කියන්නේ. ඇත්තටම Margin කියලා කියන්නේ හරියට deposit එකක් වගේ, ඒ කියන්නේ සමහර උපකරණ අපි කුලියට ගද්දි අපිට පොඩි මුදලක් ඒ ආයතනයේ තියන්න වෙනවා. මේකත් ඒ වගේ එකක්.





Leverage එක 100:1 නම් Margin එක 1%
Leverage එක 200:1 නම් Margin එක 0.5%
Leverage එක 400:1 නම් Margin එක 0.25%
Leverage එක 50:1 නම් Margin එක 2%

මේක හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි 100:1 කියන අනුපාතය ප්‍රතිශතයක් විධිහට දක්වලා 1% කියන අගය ඇවිල්ලා තියෙනවා කියලා. මේක වෙන්නේ මෙහෙමයි. Forex trade කරන්න අපි Broker කෙනෙක් හරහා Forex account එකක් open කරගන්නවනේ, ඊට පස්සේ හිතන්න අපි trade එකක් කරා කියලා. හිතන්න අපි EUR/USD Mini-Lot එකක් Buy කරා කියලා. අපිට ඒ Mini-Lot එක ගන්න USD ගානක් යනවනේ. Margin එක 1% නම් අපිට යන්නේ ඒ USD ගණනින් 1%. ඒ 1% අපේ Forex account එකෙන් අඩුවෙනවා. ඒක අපිට ආපහු ලැබෙන්නේ trade එක close කරාම. දැන් අපි උදාහරණයක් බලමු.

Margin එක 1% හා EUR/USD=1.2453 නම් EUR Mini-Lot එකක් මිලදී ගැනීමට අවශ්‍ය USD ගණන?

EUR/USD = 1.2453
EUR Mini-Lot = EUR 10,000
Margin එක 1% නිසා Mini-Lot එකකට අවශ්‍ය EUR ගණන = 10,000 X 1%
=10,000 X (1/100)
= 100
එම නිසා අවශ්‍ය USD ගණන = 100 X 1.2453
= 124.53


ඉහත උදාහරණයේ විධිහට අපේ account එකෙන් USD 124.53ක් අඩුවෙනවා. ඒ USD 124.53 අපිට ආපහු ලැබෙන්නේ ඒ trade එක close කරාම. ඒ කියන්නේ අපේ Forex account එකේ USD 1000ක් තිබුනා නම්, මේ trade එකට පස්සේ account balance එක USD 875.47 (1000-124.53) වෙනවා. මේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන්ම අහන්න.

දැන් අපි බලමු Pips කියන්නේ මොනාද කියලා.

Pip එකක් කියලා අපි හඳුන් වන්නේ Currency pair එකක 4 වැනි දශමස්ථානයේ වෙනසකට (JPY තියෙන Currency pair වල විතරක් මේක 2 වැනි දශමස්ථානය). හිතන්න EUR/USD = 1.2453 කියලා, ටික වෙලාවකට පස්සේ EUR/USD = 1.2457 වෙනවා. මේ දෙක අතර වෙනස කීයද? 0.0004 මේ 4 තමයි අපි Pips කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ උදාහරණයේදි EUR/USD rate එක Pip 4කින් වැඩිවෙලා කියන එක. JPY Base currency හෝ Quote currency විධිහට තියෙන Currency pairs හැර අනික් සෑම Currency pair එකකම 4 වැනි දශමස්ථානයේ වෙනසක් Pip විධිහට හඳුන්වනවා. එතකොට JPY ඉස්සරහින් හෝ පස්සෙන් තියෙන Currency pairs වල Pip එකක් කියලා කියන්නේ 2 වැනි දශමස්ථානයේ වෙනසකට. අපි දාහරණ කීපයක් බලමු, එතකොට ඔයාලට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4359 නම් Pips ගණන කීයද?
Pips = 1.4359 - 1.4351 = 0.0008
ඒ කියන්නේ EUR/USD price එක Pips 8 කින් වැඩි වෙලා.

EUR/USD = 1.2453, Pips 20කින් අගය අඩුවුනි නම්, දැන් EUR/USD අගය කීයද?
EUR/USD = 1.2453 - 0.0020= 1.2433
ඒ කියන්නේ දැන් EUR/USD price එක = 1.2433

EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4345 නම් Pips ගණන කීයද?
Pips = 1.4345 - 1.4351 = -0.0006
ඒ කියන්නේ EUR/USD price එක Pips 6කින් අඩු වෙලා.

GBP/JPY = 130.70, ටික වේලාවකට පසු GBP/JPY = 130.75 නම් Pips ගණන කීයද?
Pips = 130.75 - 130.70 = 0.05
ඒ කියන්නේ GBP/JPY price එක Pips 5 කින් වැඩි වෙලා.

මේ කරුණු තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න.


No comments:

Post a Comment