Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, January 31, 2011

8. කොහොමද අපි මේ Forex Market එකේ trade කරන්නේ?


ඇත්තම කිව්වොත් අපිට තව theory ඉගෙන ගන්න තියෙනවා. ඒත් මම දිගටම theory කරන්න ගත්තොත් ඔයාලට මේක හොඳටම boring වෙයි. මම දන්නවා ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇති මේක කරන්නේ කොහොමද කියලා දැන ගන්න.

Forex Market එකේ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් කියන්නේ ඇයි දන්නවද? Forex Market එකේ trade කරන්න අපිට අවශ්‍ය වෙන්නේ Computer (දැන් නම් අළුත් phones වලිනුත් trade කරන්න පුළුවන්) එකක්, Internet හා Telephone එකක් විතරයි. ඇත්තටම මේ ටික විතරක් නෙවෙයි Forex ගැන හොඳ දැනුමකුත් ඕනෙ. ඒත් හිතන්න අපි වෙන මොනා හරි Business එකක් පටන් ගත්තා කියලා, ඒ Business එක සාර්ථක කරගන්න Business දැනුමට අමතරව අපිට තව කොච්චර මහන්සි වෙන්න වෙනවාද? ඒ කරදර මොනවත් Forex වල නෑ. Forex වල තියෙන එකම කරදරය තමයි මේක හරියට ඉගෙන ගන්න එක. කමක් නෑ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න පටන් අරන්නේ තියෙන්නේ. බය නැතුව අපි ඉස්සරහටම යමු.






අපි Forex trade කරන්නේ Broker කෙනෙක් හරහා. මේ ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. Brokerලත් විවිධ වර්ගයේ අය ඉන්නවා. අපි ඒ ගැන පසුව කතා කරමු. Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි Forex Market එකේ ඉන්න Brokersලා හැමදෙනාම වගේ එයාලාගේ clients ලට ඒ කියන්නේ අපිට Demo accounts open කරන්න ලබාදෙනවා.

දැන් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි මේ Demo accounts කියන්නේ මොනාද කියලා. Demo account එකක් කියලා කියන්නෙත් Forex Market එකේ trade කරන්න පුළුවන් Account එකක් ඒ වුනත් වෙනස තමයි මේකෙදි අපි ඇත්ත සල්ලි පාවිච්චි කරන්නේ නැති එක. Forex අළුතින් ඉගෙන ගන්න අයට මේ Demo account කියන එක ඉතාමත් වැදගත්. මොකද අපිට Demo account එකක් open කරගෙන අතේ තියෙන සල්ලි ටික නැති කරගන්නේ නැතුව Forex Market එකේ trade කරන හැටි ඉගෙන ගන්න පුළුවන් නිසා. අපි මීළඟ post එකෙන් බලමු Demo account එකක් open කරගන්නේ කොහොමද කියලා.

No comments:

Post a Comment