Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, April 1, 2011

23. අළුත් demo account එකක් open කරමු.

මේ post එක අප්‍රේල් පලවෙනිදා මෝඩ joke එකක් කියලා ඔයාලා හිතයිද මන්දා. :) කලින් පාඩමකින් මම කියලා දුන්නානේ කොහොමද demo account එකක් open කරගන්නේ කියලා.  දැන් මෙච්චර දවස් trades open, close කරලා සමහර අයගේ account එකේ සල්ලි බිංදුවටම හිදිලා ඇති. එහෙමත් නැතිනම් සමහර අයගේ accounts වල charts update වෙන්නේ නැතුව "Invalid account" කියලා පෙන්වනවා ඇති.



ඔයාලටත් එහෙම වුනා නම් ආයේ demo account එකක් open කරන්න Metatrader download කරන්න ඕනේ නෑ. මේ post එකෙන් මම කියලා දෙන්නම් ආයෙත් demo account එකක් open කරගන්නේ කොහොමද කියලා. 

ඉස්සෙල්ලාම දැන් අපේ account number එක කොහේ හරි සටහනක් දාගන්න. Account number තියෙන්නේ Navigator කියන කො‍ටුවේ Accounts කියන heading එක යටතේ. ඒක තමයි මම පහත රූපසටහනේ රතුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ. 

දැන් Metatrader එකේ File menu එකේ Open an Account  කියන එක select කරන්න. 


දැන් අපි කලින් fill කරපු විදිහටම data ටික fill කරලා "I agree to subscribe to your newsletters" කියන checkbox  එකටත් tick එකක් දාන්න. 


ඊට පස්සේ Next button එක දෙපාරක් click කරලා Finish button එක click කරන්න. Metatrader එක update වෙන්න dialogbox එකක් ආවොත් update එකත් කරන්න. (මේක කරන හැටි ඔයාලා දන්නවානේ. මතක නැතිනම් කලින් මම කරපු demo account එකක් open කරන පාඩම බලන්න. ඒත් පැහැදිලි නැතිනම් ප්‍රශ්න අහන්න.)

දැන් ආපහු බලන්න Navigator කො‍ටුවේ Accounts කියන තැන. දැන් එතන Accounts 2ක් තියෙනව නේද?

අපි ඉස්සෙල්ලා අපේ පරණ account number එක සටහනක් දාගත්තනේ. දැන් ඔයාලට ඕනෙ නම් ඒ සටහන බලලා පරණ account number එක උඩ right click කරලා ඒ පරණ account එක delete කරලා දාන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මෙහෙම කලාම අපේ පරණ trades වල data ඔක්කොම delete වෙනවා කියලා. දැනට අපි trades සටහන් කරගන්නේ නැති නිසා ඔයාල ඒ පරණ account එක delete කරලා දාන්න. 

දැන් අපිට ආපහු USD 3000ක් එක්ක අළුත් demo account එකක් ලැබිලා තියෙනවා.

No comments:

Post a Comment