Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, March 28, 2011

22. තිත්ත ඇත්ත

මට සති 2කට වැඩි කාලයක් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහාවෙලාද මන්දා? තරහා වෙන්න එපා, සමහර වෙලාවට ටිකක් පරක්කු වුනාට blog එක දිගටම යනවා.

අද මම තරමක් වෙනස් දෙයක් ගැන කතා කරන්න යන්නේ. මේක මම දැන්ම කරන්න හිටපු post එකක් නෙවෙයි හැබැයි බොහෝ දෙනෙක් දිගටම real account එකක් open කරන්නේ කොහොමද කියලා අහන නිසාත් මගේ blog එක කියවන සහෝදරයෙකුගේ comment එකක් නිසාත් මට හිතුනා අද මම කතාකරන්න යන මාතෘකාව කතාකල යුතුමයි කියලා.


"මම මේ බ්ලොග් එක දැක්කේ දවස් 3 කට කලින් dakshinalanka එකේ member page එකෙන් . මම liteforex වලින් real account හදල $ 100 ඒකට දාල මාසෙකින් ඒක $350 ක් කරගත්තා. එත් ඒ සියලු මුදල් නැවත මට නැති වුනා. එහෙම වෙන්න හේතුව මම trade කලේ forex පිළිබද මනා අවබෝදයක් නැතිව වීම. මම forex ඉගෙනගන්න ගොඩක් මහන්සි වුනා. ඇතැම් අයට මුදල් ගෙවල skype වලින් ඉගෙන ගත්තා. net එකේ websites සහ blogs ගොඩක් කියෙව්වා , නමුත් ඒ කිසිම ක්‍රමයකින් forex පිලිබදව නිවැරදි දැනුමක් ලබාගන්න බැරිඋනා. විශේෂයෙන්ම ලංකාවේ forex උගන්වන වැඩිදෙනෙක් හොරු. google එකට ගිහිල්ලා sinhala forex කියල search කරලා බලන්න. එහෙම search කරාම ලැබෙන සිංහල sites වල එකම අරමුණ අපෙන් මුදල් ගසා කෑම පමණි. ඔවුන් forex ගැන සාමාන්‍ය දැනීමක් ඇති අය වෙති. ඔවුන්ගෙන් forex ඉගෙන ගෙන විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කරගත් බොහෝ දෙනෙක් සිටිති......."



වරදවා තේරුම් ගන්න එපා මම මේ අද කරන post එකේ අරමුණ ලංකාවේ අනිකුත් Forex උගන්වන ආයතන වලට පහර ගැසීම නොවෙයි. ගොඩක් දෙනෙක් හිතනවා සල්ලි කියක් දීලා හරි මේක ඉක්මනට ඉගෙන ගෙන මුදල් උපයන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් ආයතන පෙන්නලා දෙන විදිහට සල්ලි හොයන්න නම් Forex වලින් සැහෙන්න අමාරුයි. එහෙම බැලුවාම නම් එයාලා පොඩි බොරුවක් කරනවද කියලත් හිතෙනවා කොහොම වුනත් ඒ ගැන කතාකරනවට වඩා වැදගත් දෙයක් තමයි මම අද කතා කරන්න යන්නේ. 

මේ comment එක දාල තිබ්බ සහෝදරයා $100ක්, $350ක් බවට මාසයකින් පත් කරගෙන තියෙනවා. ඒත් අන්තිමට ඒ සල්ලි ඔක්කොම එයා නැති කරගෙන. ගොඩක් කට්ටිය දැන් හිතයි, "අයියෝ මම trade කරා නම් ඔය ගාන තවත් වැඩි කරගන්නවානේ කියලා". අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ අපි හැමවෙලේම හිතන්නේ අපි හම්බකරන්න යන ගණන ගැන විතරයි. අපිට loss එකක් වුනොත් කීයක් නැතිවෙයි ද කියලා හිතන්නේ නෑ. හොඳ Forex trader කෙනෙක් වෙන්න නම් අපි හැමවෙලේම trade එකක්දී අපිට කීයක් නැතිවෙන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. (මොකද අපිට profit එකක් වුනොත් කොහොමත් අවුලක් නෑනේ.) මේවා කරන්නේ කොහොමද කියලා මම ඉක්මනට ඔයාලට කියලා දෙන්නම්, එතකන් චුට්ටක් ඉවසලා real account වලට බහින්නේ නැතුව ඉන්න. මොකද මම කැමති නෑ ඔයාලා නිකරුනේ සල්ලි නාස්ති කරගන්නවා දකින්න. ඒ comment එක දාල තිබ්බ සහෝදරයා හරියට මුදල් පාලනය (Money management) කලා නම් (ඒ කියන්නේ මම ඉදිරියට කියලා දෙන්න හිතාගෙන ඉන්න විදිහට මුදල් පාලනය කලා නම්) එයාගේ account එකේ balance එක $210කට වඩා කොහොමටවත් අඩුවෙන්නේ නෑ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවානේ, ඒ නිසා දැන්මම real account open කරන්න හදිස්සිවෙන්නේ නැතුව demo account එකේ ඔයාල කැමති ඕන දෙයක් කරන්න. 

මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්, Forex market එකේ trade කරාලා profit එකක් ආවාම අපිට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? ඔයාලා කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද? අපිට ඒ සල්ලි දෙන්නේ broker ද? Borkerට කොහේ තියෙන අමාරුවකටද එහෙම කරන්නේ, සමහර brokerලා අපිට නිකන් සල්ලිත් දෙනවා trade කරන්න. ඊට පස්සේ එයාලා අපි profit හෙව්වමත් සල්ලි දෙයිද? හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නම් එහෙම කරන එකක් නෑනේද? එහෙනම් හොඳට අහගන්න, අහගන්න විතරක් නෙවෙයි හොඳ මොළේට දාගන්නත් ඕනේ. Forex market එකේ අපි profits කියලා ගන්නේ තවත් Forex trader කෙනෙක් loss කරගන්න සල්ලි. Forex market එකට එන 95%ක් දෙනා එයාලගේ සල්ලි loss කරගන්නවා කියලා කියනවා. ඒ 95% දෙනාගේ සල්ලි තමයි 5%ක් දෙනා profit කියලා හොයන්නේ. 


මේකෙන් අපි තේරුම් ගන්න ඕනෙ මොකක්ද? Forex වලින් සල්ලි හොයන්න නම් Forex traderලාගෙන් profits හොයන 5%ට ඇතුලත් වෙන්න ඕනෙ. ඒ කියන්නේ අපි Forex market එකේ ඉන්න traders ලාට වඩා මොළේ පාවිච්චි කරන්න ඕනේ. නැතිනම් අපේ සල්ලි නැතිකරගන්න පුළුවන්. මේ 95%ක් දෙනා loss වෙන බව දන්න නිසා තමයි brokersලා බය නැතුව එක එක offers අපිට දෙන්නේ. මොකද වැඩි දෙනෙක් Forex කරන තරමට එයාලට වාසී, එයාලට spread එක හම්බ වෙනවනේ. කොහොම හරි මට ඕනේ වුනේ ඔයාලව බය කරන්න නෙවෙයි. මේ Forex market එකේ තියෙන තරඟකාරීත්වය ගැන ඔයාලට කියලා දෙන්න. ඒවගේම Forex කියන එක සුළුවට හිතන්නේ නැතුව ඒකේ serious පැත්ත ඔයාලට කියලා දෙන්න. 


අනිත් එක Forex ගැන කෙනෙක්ට ඉගෙන ගන්න අවශ්‍ය සියලුම කරුණු, මම ආයෙත් කියනවා සියලුම කරුණු Internet එකෙන් free ලබාගන්න පුළුවන්. එහෙම තියෙද්දී කාටවත් සල්ලි දීලා ඒවා ඉගෙන ගන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි ඒ කරුණු පිළිවෙලකට ලබාගන්න පුළුවන් විදිහකට නෑ. මම මේ blog එක පටන් ගත්තේ අන්න ඒ අඩුව පුරවන්න. 


දැන් සමහර විට ඔයාලට හිතෙනවද දන්නේ නෑ Forex වලින් සල්ලි හම්බ කරන එක හරිම අමාරු වැඩක් ඒ නිසා මේක අතහැරලා දාන්න ඕනේ කියලා. හැබැයි මතක තියගන්න Forex වලින් අනිත් කිසිම මුදල් ආයෝජන ක්‍රමයකට වඩා මුදල් හොයන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ඉගෙන ගන්න සත 5ක් වත් වියදම් වෙන්නේ නෑ. අපේ trading skills දියුණු කරගන්න තුරු අපිට demo account වල trade කරන්න පුළුවන්. 


කොහොම හරි සාරාංශයක් වශයෙන් ගත්තාම, මට අද ඔයාලට කියන්න අවශ්‍ය වුනේ දැන්ම real accounts open කරන්න හදන්න එපා. ඉස්සෙල්ලා අපි Money management හරියට ඉගෙන ගමු. ඊට පස්සේ හොඳ trading strategy එකක් හදාගමු. ඊටත් පස්සේ අපි පොඩි ගණනක් දාලා real account එකක් open කරලා trade කරලා බලමු. ඉස්සර කාලේ මිනිස්සු "ඉවසීමෙන් සැනසීම ලැබේ." කියලා, කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අළුත් post එකකින් ඉක්මනට හමුවෙන්නම්.  




No comments:

Post a Comment