Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Thursday, November 17, 2011

27. Forex trader types

ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතු‍ටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account  500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.


ඔයාලා දැනටමත් දන්නවා Forex කියන්නේ 24/5 Market එකක් කියලා. ඒ කියන්නේ සතියේ දවස් 5ම පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන Market එකක් කියන එක. අපිට Metatrader එකට ගිහිල්ලා Forex Market එක ක්‍රියාත්මක වෙන ඕනෑම වෙලාවක trade එකක් open කරන්න පුළුවන්. හැබැයි එහෙම පුළුවන් වෙච්ච පලියට හැම Forex trader කෙනෙක්ම හැම වෙලාවකම Forex trades open, close කරන්නේ නෑ. අපි trade එකක් දාන එකේ අරමුණ තමයි profits හොයන එක. ඒ නිසා අපි හැම වෙලේම trades දාන්න ඕනේ අපිට profits වැඩියෙන්ම ගන්න පුළුවන් කියලා හිතෙන වෙලාවල් වලට. මේ වෙලාවන් කතාව අදාල වෙන්නේ එක්තරා Forex tradersලා පිරිසකට විතරයි. තවත් Forex tradersලා පිරිසක් ඉන්නවා එයාලට දවසේ කොයිවෙලේද trade එක දාන්නේ කියන එක එච්චරම අදාල වෙන්නේ නෑ. දැන් ඔයාලා බලයි මොකක්ද ඒ කතාවෙ තේරුම කියලා. ඒ වගේම ඔයාලට හිතාගන්න බැරිවෙයි forex trade කරන වෙලාවන් ඔයාලට අදාලද නැද්ද කියලත්. Forex traderලා එක එක වර්ග  ඉන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ඒ forex trader වර්ග මොනාද කියලා.

Forex tradersලා ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ඉන්නවා. අපි එකින් එක බලමු ඒ මොනාද කියලා.

Scalpers
ඔයාලා දන්නවනේ Metatrader එකේ M1, M5, M15, M30, H1, H4, D1, W1, MN කියලා එක එක වෙලාවන් වලින් charts ගන්න පුළුවන් කියලා. ඔයාලා වැඩියෙන්ම forex trade කරද්දී පාවිච්චි කරන්නේ M1, M5, වගේ charts නම් ඔයාලා ගොඩක් දුරට අයිති වෙන්නේ මේ Scalpers කියන tradersලා වර්ගයට. Scalpers ලගේ අරමුණ තමයි බොහොම පොඩි වෙලාවකින් trade එකක් open, close කරලා පොඩි Pips ගණනක් හොයාගන්න එක. ඒ කියන්නේ Pips 5,6ක් හෝ සමහර අය  Pips 9,10ක් වගේ ගණනක්. එයාලගේ trades open වෙලා තියෙන්නේ බොහොම අඩු වෙලාවක්, ගොඩක් වෙලාවට වැඩිම වුනොත් විනාඩි 3,4ක් විතර. Scalpersලා profits හොයන්නේ ඒ වගේ පොඩි trades ගොඩක් කරලා. Forex trade කල යුතු වෙලාවන් වැඩියෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ Scalpersලා කියන Forex tradersලට. සාමාන්‍යයෙන් Professional Forex tradersලා අධුනිකයන්ට කරන්න එපාම කියන්නෙත් ඒ වුනාට ආධුනිකයෝ කරන්න කැමතිමත් මේ scalping කියන එක. සාර්ථක Scalper කෙනෙක් වෙන එක බොහොම අමාරු වැඩක්. හැබැයි Scalping හරියට කලොත් පොඩි ගණනකින් පටන් අරන් බොහොම ඉක්මනට හොඳ Capital එකක් හදාගන්න පුළුවන්.


Day traders
ඊළඟට ඉන්න කට්ටිය තමයි Day traders ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් M15, M30, H1 වගේ time frames වල තමයි trade කරන්නේ. හැබැයි සමහර අය M5 chart එකත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මෙයාලගේ විශේෂත්වය තමයි මේගොල්ලෝ trade එකක් open කලොත් "දවසක්" ඇතුලත ඒක close කරනවා. ඒකයි මෙයාලට Day tradersලා කියලා කියන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් Scalpersලත් Day tradersලා ජාතියක්නේ කියලා. ඔව් හැබැයි Day tradersලා සාමාන්‍යයෙන් Pips 20-30 වගේ ගණනක් එක trade එකකින් හොයනවා. Day tradersලටත් Forex trade කලයුතු වෙලාවන් අදාල වෙනවා.

Swing traders
Swing tradersලා පාවිච්චි කරන්නේ  M30, H1, H4 හා සමහර අය D1 charts. මෙයාලා trade එකක් open කලාම දවස් 2-3ක් හෝ ඊටත් වැඩි ගණනක් තියාගන්නවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙයාලාගේ profit traget එකත් Day trader කෙනෙක්ට වඩා වැඩී කියලා. මෙයාලා සාමාන්‍යයෙන් target කරන්නේ එක trade එකකින් Pips 50-200 (සමහර අය ඊටත් වැඩියෙන්) හොයන්න. මෙයාලට දවසේ කොයිවෙලාවෙද trade කරන්න ඕනේ කියලා එච්චරම අදාල වෙන්නේ නෑ. හැබැයි trade එකක් open, close කල යුතු වෙලාවන් ගැන අදහසක් ගන්න මෙයාලා ගොඩක් වෙලාවට Forex කලයුතු වෙලාවන් ගැන උනන්දුවෙනවා.

Position traders
මෙයාලා තමයි හතරවෙනි කාණ්ඩය. Position trader කෙනෙක් වෙන්න නම් මහමෙරක් තරමට ඉවසීම තියෙන්න ඕනේ. මොකද මෙයාල trade එකක් open කලාම ඒක close කරන්න සති ගණනක් සමහර අය මාස ගණනක් වුනත් ගන්නවා. මේ අය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ H4, D1, W1, M1 වගේ charts. Profit target එක Pip 200-2000ක් හෝ ඊට වැඩි ගණනක් වුනත් වෙන්න පුළුවන්. Forex trade කල යුතු වෙලාවන් මෙයාලට අදාල වෙන්නේ නැතිතරම්. සාර්ථක Position trader කෙනෙක් වෙන්න ලොකු Capital එකක් තියෙන්න ඕනේ. සාමන්‍යයෙන් Forex trading වල ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් කියලා කියන්නේ මේ Position trading කියන එක. හැබැයි ගොඩාක් ආධුනිකයෝ position trading  දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ. මොකද මේක අල්ලගන්න බොහොම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ නිසා.


දැන් අපි Forex tradersලා වර්ග ගැන ඉගෙන ගත්තනේ, කෙනෙක් අහන්න පුළුවන් මේ 4න් සාර්ථකම ක්‍රමය මොකක්ද කියලා. කණගා‍ටුවෙන් වුනත් මට කියන්න වෙන්නේ ඒකට උත්තරය ඔයාලටම හොයාගන්න වෙනවා කියලා. මොකද මේ 4න් තමන්ට ගැලපෙනම ක්‍රමය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් තමන්ම try කලොත් විතරයි. ගොඩක් Professional forex tradersලා කියන්නේ ඉස්සෙල්ලාම Position trading ඉගෙන ගන්න කියලා. මොකද ඒක තමයි ඉගෙන ගන්න ලේසිම. හැබැයි real account එකක් open කරලා Position trading  කරන්න තරමක ලොකු captial  එකක් තියෙන්න ඕනේ. ඒ ඇයි කියලා ඔයාලට ඉදිරියේදී තේරේයි. Scalping තමයි ඉක්මනින්ම පොඩි ගණනකින් පටන් අරන් ඉක්මනින්ම capital එකක් හදාගන්න පුළුවන් trading ක්‍රමය, හැබයි, ප්‍රශ්නේ තියෙන්නේ ඊටත් වඩා ඉක්මනින් අතේ තියෙන සල්ලි බින්දුවටම බස්ස ගන්න පුළුවන්. ඔයාලා scalping කරන්න අදහසක් තියෙනවා නම් demo account එකේ මාස 6ක් විතර හොඳට profits හොයන්න පුළුවන් වුනාම විතරක් පොඩි ගණනක් දාලා real account එකක් open කරන්න. එතකන් real account එකක් ගැන හිතන්නවත් එපා.

මේ trading ක්‍රම 4න්ම සාර්ථකව මුදල් හොයන forex tradersලා ඉන්නවා. ක්‍රම 4ම trade කරලා බලලා තමන්ට වඩා ගැලපෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. තව දෙයක් කියන්න අමතක වුනා. මේ trading ක්‍රම හතරෙදී  forex trader, charts දිහා බලන් ඉන්න ඕනේ කාලයත් වෙනස් වෙනවා. Position trading වලදී දවසකට විනාඩි කීපයකුත්, Swing trading හා Day trading වලදී  විනාඩි කීපයක ඉඳලා පැයක්  පමන කාලයකුත් හා Scalping වලදී  වැඩිම කාලයකුත් (දවසේ trading session එක නිම වෙන තුරු) වැයවෙනවා. ඒ කියන්නේ job එකක් කරන ගමන් forex කරන අයට වඩාත් සාර්ථක වෙන්නේ Position trading හෝ Swing trading යන දෙකින් එකක්.

අනිත් එක තමයි Forex trade කරද්දී අනිවාර්්‍යයෙන් මේ 4න් එකක් විතරක් කරන්න ඕනේ කියලා නියමයක් නෑ. සමහර tradersලා ඉන්නවා මේ ක්‍රම 4න් 2ක් හෝ ඊට වැඩි ගණනක් කරන අය. Forex වලට අළුත් අය දැන් කලබල වෙන්න එපා. මම ඉදිරීයේදී  මේ හැම trading ක්‍රමයකටම අදාලව trading strategies කියලා දෙනවා. එතකොට ඔයාලට තමන්ට ගැලපෙනම trading ක්‍රමය හොයාගන්න පුළුවන්.

එහෙනම් අපි ඊළඟ ලිපියෙන් බලමු Scalpersලට හා Day tradersලා ට වැඩියෙන් වැදගත් වන Forex trade කලයුතු වේලාවන් ගැන. ජයවේවා!

No comments:

Post a Comment