Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, January 11, 2012

28. Forex trade කල යුතු වේලාවන්


හැමෝටම ලැබුවා වූ නව අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ forex වලින් ජයම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. Blog එකටත් දැන් අවුරුද්දක් වෙනවා. කලින් අවුරුද්දට වඩා හොඳට blog එක කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාලා මට හොඳ සහයෝගයක් ලබාදෙයි කියලා. CPC Daily, Ruvinda, nuwan chandrasiri (නම් නොකිය වුනු කෙනෙක් ඉන්නවා නම් තරහා වෙන්න එපා.) හා අනිකුත් නම් නොකියවුනු සහෝදර සහෝදිරියෝ මට ලබාදුන් සහයෝගය මම ඉහලින්ම අගය කරනවා. එහෙනම් අපි කෙලින්ම අද පාඩමට බහිමු. 

කලින් පාඩමෙන් අපි කථා කලේ tradersලා වර්ග ගැන නේ. අද අපි කථා කරමු trade කල යුතු වේලාවන් ගැන. මේ වේලාවන් ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ Scalpers හා Day tradersලා කියන tradersලට. දැන් කෙනෙක් අහන්න පුළුවන් forex market එක සතියේ දවස් පහේම පැය 24ම ක්‍රියාත්මක වෙනවා නම් trade කරන්න කියලා වෙනම වෙලාවක් මොකටද කියලා. හේතුව මේකයි, ඔයාලා දන්නවනේ forex market එක ලෝකේ පුරාම විහිදිලා තියෙන market එකක් කියලා. මේ forex market එකේ ප්‍රධාන currencies වලට සම්බන්ධ ප්‍රධාන රටවල්, ඒ කියන්නේ USA, UK, Japan, Australia හා අනිකුත් රටවල් වලට හිරු උදාවෙන්නේ එක එක වෙලාවල් වලට. මේ එක් එක් රටවල් වල markets open වෙන වෙලාවට ඒ ඒ currency pairs වල ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ Volatility එක වැඩිවෙන්න පටන් ගන්නවා. Forex market එකේ අපිට profits ගන්න පුළුවන් වෙන්නේ price එක හොඳට move වෙන්න පටන් ගත්තාම. අනිත් වෙලාවට price එක ටිකක් ඉහල යනවා, ආයෙත් පහලට වැටෙනවා, ආයෙත් ඉහල යනවා හරියට price එක යන පැත්තක් හිතාගන්න බැරි වෙනවා. එතකොට අපි දාන දාන trade එක loss එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හැමවෙලේම (විශේෂයෙන්ම scalpersලා) trade කරන්න යන්න ඕනේ තම තමන් කැමති currency pair එකේ volatility එක වැඩි වෙනවා කියලා දන්න වෙලාවල්වල විතරයි. 

Forex market එකේ තියෙන රටවල් වලින් මුලින්ම හිරු දකින්නේ Wellington (New Zealand). ඒ හැම සතියකම සඳුදා උදේ 8.00ට එයාලගේ බැංකු විවෘත කිරීමත් සමඟ. New Zealand වල සඳුදා උදේ 8.00 කියන්නේ අපේ ලංකාවේ වෙලාවෙන් සඳුදා උදේ 00:30 (ඒ කියන්නේ පාන්දර 12:30) අන්න ඒ වෙලාවට තමයි ඒ සතියේ forex market එකේ පටන් ගැන්ම. ඊළඟට පිළිවෙලින් Sydney (Australia), Tokyo (Japan), Frankfruit (Germany) හා London (UK) වල markets හා අන්තිමට New York (USA) market එකත් පටන් ගන්නවා. ඔය විදිහට එක් එක් රටවල් එයාලගේ markets උදේ 8:00ට open කරලා සවස 5:00ට close කරනවා. ඔය cycle එක ඔහොම ගිහින් සිකුරාදා New York (USA) market එකේ close එකත් එක්ක, ඒ කියන්නේ සිකුරාදා New York (USA) වෙලාවෙන් සවස 5:00ට සතියේ forex market එකේ ක්‍රියාකාරකම් නිමවෙනවා. New York වල සිකුරාදා සවස 5:00 කියන්නේ ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා උදේ 3:30 කියන එක. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් forex market එක සඳුදා 00:30 සිට සෙනසුරාදා 03:30 දක්වා ක්‍රියාකාරී වෙලා තියෙනවා කියන එක.  හැබැයි හොඳට මතක තියාගන්න සමහර රටවල් වල summer එකේදී Daylight saving කියලා එයාලගේ වෙලාව පැය කීපයකින් වෙනස් කරනවා. එතකොට අදාල විදිහට අදාල market එක අල්ලගන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හොඳම වැඩේ තමයි International clocks display වෙන මොකක් හරි software එකක් පාවිච්චි කරන එක. එහෙමත් නැතිනම් http://www.timeanddate.com/worldclock/personal.html කියන website එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට එක් එක් රටවල් වල වේලාව පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. පිළිවෙලින් Wellington, Sydney, Tokyo, Colombo, Frankfruit, London, New York වල වෙලාව පෙන්වන විදිහට වෙලාව හදා ගන්නව නම් වඩාත් පහසුයි. 

ඒ ඒ රටවල් වල markets open වෙන කොට ඒ ඒ රටවල් වල currencies සම්බන්ධ Currency pairs වල volatility එක ඉහල යනවා. 

Wellington (New Zealand) - NZD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (NZD/USD, NZD/JPY etc.)
Sydney (Australia) - AUD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (AUD/USD, GBP/AUD etc.)
Tokyo (Japan) - JPY සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (GBP/JPY, USD/JPY etc.)
Frankfruit (Germany) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
London (United Kingdom) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
New York (USA) - USD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD etc.)

අපි trade කරන්න පුරුදු වෙන්නේ EUR/USD නිසා අපිට ගොඩක් වෙලාවට අදාල වෙන්නේ Frankfruit, London හා New York කියන markets විතරයි. ඒ කියන්නේ EUR/USD trade කරන අයට ලංකාවේ වෙලාවෙන් උදේ 11:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුල තමන් කැමති විදිහට trade කරන්න පුළුවන්. විශේෂයෙන් markets open වෙන වෙලාවල් වලදී prices වල හොඳ movement එකක් තියෙනවා. 

මේ blog post එක තරමක් හදිසියෙන් ලියපු එකක්. මේ ගැන සවිස්තරව අපි ඉදිරියේදී ඉගෙන ගමු. මේ වේලාවන් ඇත්තටම වැදගත්ද නැද්ද කියලා තීරණය වෙන්නේ කෙනෙකුගේ trading strategy එක අනුව. අපි trading strategy ගැන කතා කරද්දී මේක තවදුරටත් ඉගෙන ගමු. Scalpers ලට වැදගත් තවත් වෙලාවක් තමයි Forex News release කරන වේලාවන්. ඒ ගැන අපි ඊළඟ blog post එකෙන් ඉගෙන ගමු. ප්‍රශ්න මොනා හරි තියෙනව නම් අහන්න.  :)

No comments:

Post a Comment