Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, January 18, 2012

29. Forex news release කරන වේලාවන්


මම ඔයගොල්ලන්ට පොරොන්දු වුනානේ සතියකට එක post එක ගානේ දාන්නම් කියලා. ඉතින් මම කොහොම හරි උත්සාහ කරනවා අඩුම ගානේ සතියකට එක post එකක්වත් දාන්න. අපි ගිය සතියේ forex trade කල යුතු වෙලාවල් ගැන දළ වශයෙන් කථා කලානේ. අද අපි බලමු Forex news trading කියන්නේ මොකක්ද කියලා.

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් stock market එකේ යම් කිසි company එකක කොටස් වල මිල ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ කොහොමද කියලා? Stock market එකේ ඉන්න අය ඒ ගැන අනුමාන කරන්නේ ඒ ඒ company වල performance බලලා. ඒ බලන කරුණු මොනාද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ, එහෙම කරොත් මේක forex lesson එකක් නෙවෙයි Economics lesson එකක් වෙනවා. (Stock market එක වැඩ කරන විදිහ ගැන අවබෝධයක් නැති අය කලබල වෙන්න ඕනේ නෑ, Forex trade කරන්න stock market එක ගැන ඉගෙන ගෙන තියෙන්න අවශ්‍ය නෑ.) අපි forex market එක ගැනත් ඒ විදිහට හිතුවොත් අපි රටක currency එකක වටිනාකම අඩුවෙයිද, වැඩිවෙයිද කියලා අනුමාන කරන්නේ කොහොමද? ඔයාලා හිතුවා නම් ඒ ඒ රටේ economy එක බලලා කියලා, ඒක තමයි හරි උත්තරය. මේ විදිහට ඒ ඒ රටවල් වල economy එක අධ්‍යනය කරන එකට කියන්නේ Fundamental analysis කියලා. Fundamental analysis කියලා කියන්නේ සාමන්‍යයෙන් forex traders ලා trading කරද්දී market එක කොයි පැත්තට යයිද කියලා අනුමාන කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම 2න් එකක්. අනිත් ක්‍රමයට කියන්නේ Technical analysis කියලා. Technical analysis වලදී ප්‍රධාන වශයෙන් අපි අධ්‍යනය කරන්නේ Charts ගැන. Indicators එහෙම 500ක් (500ක් කිව්වට 500ක්ම නෙවෙයි :) )විතර පාවිච්චි කරලා trade කරන එකට තමයි technical analysis කියලා කියන්නේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති ඔයාලා මෙච්චර කල් trade කරලා තියෙන්නේ technical analysis පාවිච්චි කරලා කියලා.

දැන් ඔයාලා බලනවා ඇති මම මේ කිව්ව දේවල් වලයි, Forex news අතරයි සම්බන්ධය මොකක්ද කියලා. මේ Forex news කියලා ඒ ඒ රටවල් අපිට ලබාදෙන්නේ ඒ ඒ රටවල් වල economy එක පිළිබඳ විස්තර. ඒ කියන්නේ interest rate changes, FOMC rate decisions, retail sales figures, consumer price index (CPI), producer price index (PPI), unemployment figures, industrial production announcements etc. මේවාට අමතරව තව ගොඩක් කරුණු පිළිබඳව news නිකුත් වෙනවා. මේවා මොනවද කියලා ලොකුවට දැන ගන්න කොහොමත් අවශ්‍ය නෑ, හැබැයි ඔයාලා තනිකරම පාවිච්චි කරන්නේ fundamental analysis නම් මේ එක් එක් කරුණු පිළිබඳ news වලින් market එකේ මොනවගේ වෙනසක්වෙයිද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. දැනට අපි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ 95%ක්ම වගේ අවධානය යොමු කරලා තියෙන්නේ technical analysis පැත්තට නිසා මේ කරුණු ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ කරුණු ගැන මම දිගින් දිගටම විස්තර කරන්න ගියොත් ඔයාලට forex එපාම වෙලා යයි.

මම කලින් කිව්වනේ forex market එක යන දිශාව ගැන දැන ගන්න ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා කියලා. ඒ කියන්නේ Fundamental analysis හා Technical analysis කියලා. මේ දෙකෙන් ප්‍රධාන වශයෙන් fundamental analysis පාවිච්චි කරලා trade කරන forex tradersලා මේ Forex news release බලලා එයාලාගේ trading decisions වෙනස් කරනවා. ඒ කියන්නේ අදාල news එකේ වැදගත්කම මත එයාලා එක්කෝ trade එකක් open කරනවා නැතිනම් open කරලා තියෙන trade එකක් close කරනවා. හැබැයි මතක තියාගන්න හැම fundamental analysis පාවිච්චි කරන traderම හැම news එකටම trades open, close කරන්නේ නෑ. එයාලා එයාලගේ trading plan එකට අනුව trade කරනවා. ඉතින් මේ tradesලගේ trading activities නිසා Forex news release වෙන වෙලාවට forex market එකේ volatility එක වැඩිවෙනවා. මේක බලන් ඉන්න scalpersලා (scalpersලා බොහෝමයක් තනිකරම පාවිච්චි කරන්නේ technical analysis) කළ දු‍ටු කල වල ඉහ ගන්නවා වගේ trades දාන්න පටන් ගන්නවා. මේකෙන් වෙන්නේ market volatility එක තවත් වැඩිවෙන එක. ඉතින් මේ forex news release වෙන වෙලාවට වැඩිවෙන volatility එක පාවිච්චි කරලා trade කරන එකට තමයි Forex news trading කියලා කියන්නේ. 

ඉතින් මේ forex news trading පාවිච්චි කරලා profits හොයන ගොඩක් forex tradersලා ඉන්නවා. හැබැයි මේ news trading කියන එක ආධුනිකයන්ට එච්චරම හොඳ දෙයක් නෙවෙයි (මම කියන්නේ real accounts open කරන් ඉන්න ආධුනිකයන්ට). මොකද සමහර news release වෙන වෙලාවට market එක සුළු වෙලාවක් ඇතුලත ලොකු pips ගණනක් (30-100ක් හෝ ඊටත් වැඩියෙන්) එක පැත්තකට (ඉහලට හෝ පහලට) move වෙන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති charts වල සමහර වෙලාවට  අනිත් candles වලට වඩා ගොඩක් දිග candle තියෙනවා. ගොඩක් වෙලාවට මේවා හැදෙන්නේ forex news නිසා. හරියට money management එකක් නැතිව trade කලොත් ලොකු පාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට demo account එකේ කාලයක් trade කරලා පුරුදු වෙලා තිබුනොත් බය නැතිව real account එකක trade කරන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. සමහර brokerලා ඉන්නවා, එයාලා forex news release වෙන වෙලාවට එයාලගේ spread එක වැඩි කරනවා. මේකෙනුත් අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි real account එකක news trading කරන්න අදහසක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම reviews බලලා හොඳ broker කෙනෙක් හොයගන්න වෙනවා.

දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි "කොහොමද මේ forex news release වෙන වෙලාවල් දැනගන්නේ"කියන එක. මේ විස්තර දැන ගන්න පුළුවන් websites ගොඩක් තියෙනවා. අපි ඒ ඔක්කොම websites ගැන කතා කරන්න යන්නේ නෑ. අපි බලමු www.forexfactory.com කියන website එක. ඉස්සෙල්ලාම අපි ඒ website එකේ වේලාව අපේ වේලාව (ඒ කියන්නේ ලංකාවේ හෝ ඔයාලා දැනට ඉන්න රටේ වේලාවට) හරවා ගන්නේ කොහොමද කියලා.  එහෙනම් ඉස්සෙල්ලාම යන්න www.forexfactory.com කියන website එකට. 


ඊට පස්සේ මම ඔය රතු පාට ඊතලයකින් සටහන් කරලා තියෙන වේලාව පෙන්වන තැන click කරන්න.


ඊට පස්සේ Time Zone කියන drop down box එකෙන් ඔයාලා ඉන්න රටේ time zone එක select කරන්න. ලංකාවේ නම් (GMT +5.30) කියන එක select කරන්න. ඒ වගේම ඔයාල ඉන්න රටේ විදිහට අදාල නම් DST එකත් හදන්න. ලංකාවේ අයට DST එක අදාල වෙන්නේ නැ. ඊට පස්සේ Save changes කියන button එක  click කරන්න. දැන් අර උඩින් පෙන්වන Synchronized time කියන එකයි, ඔයාලගේ computer එකේ පෙන්වන වේලාවයි 2කම සමාන වෙන්න ඕනේ. එහෙම නැතිනම් මොකක් හරි වැ‍රැද්දක් වෙලා.


වේලාව හරියට හදාගත්තට පස්සේ රූපසටහනේ මම සළකුණු කරලා තියෙන Calendar කියන tab එක click කරන්න.


ඒ page එකේ පහලට යන විට ඔයාලට අද දවසට අදාල news දකින්න ලැබෙයි. මම කහ පාට ඊතලයකින් සළකුණු කරලා තියෙන්නේ ඊළඟට නිකුත් වීමට නියමිතව තියෙන forex news පිළිබඳ විස්තර. මේකේ විස්තර දක්වලා තියෙන්නේ time, currency, importance, impact, detail, actual, forecast, previous හා chart කියන පිළිවෙලට. මේවායින් time කියලා කියන්නේ ඒ forex news එක release කිරීමට නියමිත වේලාව, අපි දැන් අපේ computer එකේ වේලාවට අනුව වේලාව හදාගෙන තියෙන නිසා මෙතන පෙන්වන්නේ අපේ වේලාවෙන් forex news release වීමට තියෙන වේලාව. Currency කියන එක නම් ඔයාලට හිතාගන්න පුළුවන්නේ, currency කියලා කියන්නේ අදාල news එක බලපාන currency එකට. Impact කියන එකෙන් කියන්නේ ඒ news එකෙන් අදාල currency එකේ වටිනාකමට කොච්චර බලපෑමක් වෙනවද කියන එක. ඔයාලට පෙනෙයි ඒ impact කියන තීරුව එක එක පාට සළකුණකින් පෙන්වලා තියෙනවා කියලා.  ඒ සළකුණ රතු පාට නම් ඒකේ අදහස තමයි අදාල news එකෙන් currency එකේ වටිනාකමට ලොකු බලපෑමක් වෙනවා කියන එක. ඒක තැබිලි පාට නම් ඒකේ අදහස අදාල news එක currency එකට තරමක් දුරට බලපෑ හැකි බවයි. ඒකේ පාට කහ නම් එකෙන් කියන්නේ ලොකු බලපෑමක් නැහැ කියන එක. Detail කියන එකෙන් පෙන්වන්නේ අදාල news එක පිළිබඳ විස්තර. ඔයාලට ඒ ඒ news ගැන විස්තර දැන ගන්න අවශ්‍ය නම් detail කියන තීරුව යට  තියෙන අදාල සළකුණ click කරලා ඒ විස්තර ලබාගන්න පුළුවන්. සමහර වෙලාවට මේ විස්තර බලන්න news එක release වෙන තුරු ඉන්න වෙනවා. ඊට පස්සේ තියෙන්නේ actual කියන එක, ඒකෙන් පෙන්වන්නේ අදාල news එකේ දැක්වු කරුණ වෙනස් වු ප්‍රතිශතය හෝ අගය. මේක පෙන්වන්නේ news එක release වුනාට පස්සේ. Forecast කියන්නේ අදාල news එක release වීමට කලින් උපකල්පනා කර තිබූ ප්‍රතිශතය හෝ අගයට. Previous කියන්නේ අදාල news එක කලින් පෙන්වු අගයට. Chart කියන එකින් අදාල news එකේ කරුණ වෙනස් වී තිබෙන ආකරය ප්‍රස්තාරයක් ආකාරයට අපිට දැක ගන්න පුළුවන්. 


සමහර අය මේක දැක්කහම කලබල වෙයි, ඒත් බයවෙන්න එපා. මේක ලොකුවට හිතන්න දෙයක් නෑ. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් trade කරන වෙලාවට ආසන්න වෙලාවක ඔයාලා trade කරන currency pair එකේ මොකක් හෝ currency එකකට අදාලව impact කියන සළකුණ රතු පාටින් පෙන්වන news එකක් release වීමට තියෙනවා නම් පරික්ෂාකාරි වෙන්න ඕනේ. නැතිනම් ලොකු පාඩු සිද්ධ වෙන්න පුළුවන්.  Forex news trade කරන්න හිතන් ඉන්න අයට මම ඉදිරියේදී  මීට වඩා සවිස්තර ලිපියක් ලබාදෙන්න උත්සාහ කරන්නම්. 

මේ blog post එක ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මීළඟ ලිපියෙන් indicators ගැන ලියන්න පටන් ගන්නද? එහෙමත් නැතිනම් ඉතාමත්ම වැදගත් money management ගැන ඉතුරු ලිපි ලියන්න පටන් ගන්නද? ඔයාලා කැමති මොකටද කියලා comment එකක් දාල යන්න. හැබැයි මම නම් කියන්නේ money management කියන එක තමයි forex  වල වැදගත්ම පාඩම කියලා. ඔයාලා හැමෝටම ජයවේවා!


No comments:

Post a Comment