"Forex වලින් මුදල් සොයමු" Blog අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි. Forex යනු අද ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන පහසුවෙන් මුදල් ඉපයිය හැකි මුදල් ආයෝජන ක්රමයකි. නිවැරදි ක්‍රම වේද අනුගමනය කිරීමෙන් Forex මඟින් ඔබට විශාල මුදලක් ඉතාමත් පහසුවෙන් උපයා ගත හැක. මෙම Blog අඩවිය මඟින් ඔබට Forex පිළිබඳව ආධුනිකයෙකු වශයෙන් ඉගෙන ගත යුතු සියලු කරුණු ඔබට සිංහල මධ්‍යයෙන් ම ඉගෙන ගත හැක.
Subscribe
Friday, March 9, 2012
32. Risk management - 2 (Money management Lesson -4)
කට්ටියටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ veryම very sorry කියලා. ආයෙමත් වැඩේ පොඩ්ඩක් දෙල් වුනා. හිතපු නැති වැඩ වගයක් එකපාරටම set වුනා. දැන්වත් වැඩේ පිළිවෙලකට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. Comments ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම ඒවාට හෙමීට reply කරන්න නම්.
කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ USD quote currency විදිහට තියෙන currency pairs වලදී අපේ risk එක අනුව lot size එක ගණනය කරන්නේ කොහොමද කියන එක. අද අපි බලමු USD base currency එක විදිහට තියෙන currency pairs වල හා USD ඇත්තෙම නැති currency pairs වලදී අපේ lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උදාහරණයකින්ම වැඩේ පටන් ගමු.
Friday, February 10, 2012
31. Risk management (Money management Lesson -4)
අළුත් post එකක් දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. සොරි වෙන්න ඕනේ. කලින් පාඩමේදී අපි කතා කලේ Risk reward ratio එක ගැන. බොහොම සරල සංකල්පයක් හැබැයි හරියට පාවිච්චි කලොත් ගොඩම තමයි. හැබැයි අනිත් හැමදෙයක්ම වගේ Risk reward ratio එකත් කරන්න ඕනේවට කලොත් සාර්ථකත්වය අඩුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න කෙනෙක් හිතනවා R:R එක 1:2 පාවිච්චි කලොත් එයාගේ trading strategy එකත් එක්ක හොඳ profit එකක් හොයන්න පුළුවන් කියලා. නමුත් එයාගේ trading strategy එක අනුව වඩාත් ගැලපෙන්නේ 1:1.5 නම් එයා 1:2 R:R පාවිච්චි කරන එකෙන් එයාට ලැබෙන ලාභය අඩුවෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි පාඩුවෙන්නත් පුළුවන්.
මම කලිනුත් කිව්වනේ Forex හරියට කරන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා කියලා. ඉතින් තමන්ගේ trading strategy එකට අනුව R:R එක හදාගන්න එකත් එකේ කොටසක්. අනිත් එක තමයි R:R එක හැමවෙලේම එකම අගයක් තියෙන්න ඕනේ නෑ. ඔයාලාගේ trading strategy එක අනුව trade එකෙන් trade එකට R:R අගය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් එක trade එකකට R:R 1:2 දීලා තවත් trade එකකදී R:R එක 1:1 දෙන්න. හැබැයි මෙහෙම කරන්න ඕනේ market price එක SL වගේ දෙගුණයක් ඉහලයයි කියලා ඔයාලාට හිතෙන්නේ නැති අවස්ථාවලදී. මෙහෙම කරද්දි හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය ඔයාලා පාවිච්චි කරන අවම R:R එකේදී profits හොයන්න අවශ්‍ය ගණන වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඔයාලා 1:1, 1:1.5, 1:2 වගේ R:R කීපයක් පාවිච්චි කලොත් ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය අවම R:R එකේ දී ඒ කියන්නේ මේ උදාහරණයේදී 1:1 වලදී Profitable වෙන්න අවශ්‍ය 55% වෙන්න ඕනේ.
Friday, January 27, 2012
30. Risk Reward ratio (Money management Lesson - 3)
කලින් post එකෙන් මම කිව්වනේ ඔයාලා කැමති Moeny management ද Indicators ද කියලා කියන්න කියලා. කීපදෙනෙක්ම comments දාලා තිබුනා. හැබැයි මම හිතුවේ මීට වඩා feedback එකක් තියෙයි කියලා. කොහොම වුනත් comments දාපු ඔක්කොගෙම වගේ ඉල්ලීම වුනේ Money management. බොහොම හොඳ තේරීමක්, ඒ ඇයි කියලා මේ post එක ඉවර වෙද්දී ඔයාලට තේරුම් යයි.
Forex වලට ආධුනිකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?" කියන එක. මේක Forex අළුතින්ම ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සේ Forex trade කරන අයටත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තමයි එයාලා එක එක ජාතියේ indicators පාවිච්චි කර කර, සාර්ථක trading strategy එකක් හදාගන්න උත්සාහ කරන්නේ. එක indicator එකක් කාලයක් වැඩ කරනවා, ඊට පස්සේ ඒකෙන් එක දිගට trades කීපයක් loss වුනාම තවත් indicator එකකට මාරු වෙනවා. ඒකත් හරියන්නේ නැතිනම් indicators කීපයක් පාවිච්චි කරන trading strategy හදාගන්නවා. ඔය විදිහට ගොඩක් tradesලා Moving averages, Fibonacci retracement, Bollinger bands, MACD, RSI, Elliot Waves, Heiken Ashi, Parabolic SAR, Pivots points වගේ මෙකී නොකී indicators බර ගාණක් අතරේ අතරමං වෙනවා. (Indicators නම් වලට බයවෙන්න එපා, ඉදිරියේදී අපි ඒවා ගැන කතා කරනවා.) සමහර අයගේ charts flight එකක cockpit එකක් වගේ, දැක්කම බයත් හිතෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ trading strategy එක තමයි Forex වලින් සාර්ථක වෙන්න අවශ්‍ය ලොකුම දේ කියලා. සාර්ථක trading strategy එකක් අවශ්‍යයි, හැබැයි ඒක එක කොටසක් විතරයි.
Wednesday, January 18, 2012
29. Forex news release කරන වේලාවන්
මම ඔයගොල්ලන්ට පොරොන්දු වුනානේ සතියකට එක post එක ගානේ දාන්නම් කියලා. ඉතින් මම කොහොම හරි උත්සාහ කරනවා අඩුම ගානේ සතියකට එක post එකක්වත් දාන්න. අපි ගිය සතියේ forex trade කල යුතු වෙලාවල් ගැන දළ වශයෙන් කථා කලානේ. අද අපි බලමු Forex news trading කියන්නේ මොකක්ද කියලා.
ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් stock market එකේ යම් කිසි company එකක කොටස් වල මිල ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ කොහොමද කියලා? Stock market එකේ ඉන්න අය ඒ ගැන අනුමාන කරන්නේ ඒ ඒ company වල performance බලලා. ඒ බලන කරුණු මොනාද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ, එහෙම කරොත් මේක forex lesson එකක් නෙවෙයි Economics lesson එකක් වෙනවා. (Stock market එක වැඩ කරන විදිහ ගැන අවබෝධයක් නැති අය කලබල වෙන්න ඕනේ නෑ, Forex trade කරන්න stock market එක ගැන ඉගෙන ගෙන තියෙන්න අවශ්‍ය නෑ.) අපි forex market එක ගැනත් ඒ විදිහට හිතුවොත් අපි රටක currency එකක වටිනාකම අඩුවෙයිද, වැඩිවෙයිද කියලා අනුමාන කරන්නේ කොහොමද? ඔයාලා හිතුවා නම් ඒ ඒ රටේ economy එක බලලා කියලා, ඒක තමයි හරි උත්තරය. මේ විදිහට ඒ ඒ රටවල් වල economy එක අධ්‍යනය කරන එකට කියන්නේ Fundamental analysis කියලා. Fundamental analysis කියලා කියන්නේ සාමන්‍යයෙන් forex traders ලා trading කරද්දී market එක කොයි පැත්තට යයිද කියලා අනුමාන කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම 2න් එකක්. අනිත් ක්‍රමයට කියන්නේ Technical analysis කියලා. Technical analysis වලදී ප්‍රධාන වශයෙන් අපි අධ්‍යනය කරන්නේ Charts ගැන. Indicators එහෙම 500ක් (500ක් කිව්වට 500ක්ම නෙවෙයි :) )විතර පාවිච්චි කරලා trade කරන එකට තමයි technical analysis කියලා කියන්නේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති ඔයාලා මෙච්චර කල් trade කරලා තියෙන්නේ technical analysis පාවිච්චි කරලා කියලා.
Wednesday, January 11, 2012
28. Forex trade කල යුතු වේලාවන්
හැමෝටම ලැබුවා වූ නව අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ forex වලින් ජයම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. Blog එකටත් දැන් අවුරුද්දක් වෙනවා. කලින් අවුරුද්දට වඩා හොඳට blog එක කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාලා මට හොඳ සහයෝගයක් ලබාදෙයි කියලා. CPC Daily, Ruvinda, nuwan chandrasiri (නම් නොකිය වුනු කෙනෙක් ඉන්නවා නම් තරහා වෙන්න එපා.) හා අනිකුත් නම් නොකියවුනු සහෝදර සහෝදිරියෝ මට ලබාදුන් සහයෝගය මම ඉහලින්ම අගය කරනවා. එහෙනම් අපි කෙලින්ම අද පාඩමට බහිමු.
Thursday, November 17, 2011
27. Forex trader types
ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතුටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account 500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.
Sunday, October 23, 2011
අළුත් Post එකක් ඉක්මනටම
ඉස්සෙල්ලාම මම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඔයාලාට මෙච්චර කල් බලන් ඉන්න වුනාට. මගේ කලින් post එකට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තිබුනා. Blog එක මම නවත්වන්නේ නෑ. ඇත්තටම මට post කරන්න බැරිවුනේ වැඩ අධික වෙච්ච නිසා. මම දැන් අළුත් post එකක් ලියන්න පටන් අරන් තියෙන්නේ ඉක්මනටම ඒක upload කරන්නම්. ඔයාලා හැමෝටම ජයවේවා!
Subscribe to:
Posts (Atom)





