Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, February 8, 2011

10. Metatrader එක ගැන - 1

Demo account එක හදන හැටි කියලා දීලා  Metatrader එක ගැන විස්තර කියන්න මෙච්චර කල් ගියාට සමාවෙන්න ඕනෙ. හොඳටම වැඩ වැ‍ටුනා ඒකයි ප්‍රමාදයට හේතුව. කොහොම වුනත් ඔයාලා බය වෙන්න එපා blog එක දිගටම යනවා. එහෙනම් අද අපි Metatrader එකේ රවුමක් ගිහින් බලමු.







අපි මේකේ කොටසින් කොටස අරන් බලමු ඒ මොනාද කියලා.


ඔයාලට පේනවා ඇති ඉහත දැක්වෙන රූපයේ රතු පාට කො‍ටුවකින් mark කරලා තියෙන ප්‍රදේශය. ඒකේ තමයි එක් එක් Currency Pairs වල rate (price) එක දැක්වෙන්නේ. අපි කලින් post එකකදි කතාකරපු Currency Pairs ඔක්කොම වගේ මෙතන තියෙනවා නේද? ඒකේ දකුණු පැත්තේ තියෙන scroll bar එක භාවිතා කරලා අපිට ඒකේ තියෙන අනික් Currency pairs වල prices බලන්න පුළුවන්. ඒ කො‍ටුවේ උඩම Symbol, Bid හා Ask කියලා තියෙනවා නේද? Symbol කියන එක නම් ඔයාලට තේරෙනවා  නෙ. ඒත් ඔයාලා බලයි prices (rates) 2ක් තියෙන්නේ මොකද කියලා. ඒ ගැන සම්පූර්ණ විස්තරය මම ඊළඟ theory පාඩමෙන් කියලා දෙනවා (එතකන් චුට්ටක් ඉවසන්න). ඒ කො‍ටුවේ උඩම ඔයාලට පෙනෙයි Market Watch කියලා එකක්, ඒකෙන් දැක්වෙන්නේ අපි පාවිච්චි කරන broker ඉන්න රටේ දැන් වෙලාව. ඒ කියන්නේ Easy forex brokerට අනුව දැන් වෙලාව තමයි  එතන තියෙන්නේ. දැන් ඔයාලා මොකක් හරි Currency pair එකක් උඩ click  කරන්න. (උදාහරණයක් විදිහට EURUSD pair එක උඩ click කරන්න.) ඊට පස්සේ ඔයාලට පේනවා නේද ඒ කො‍ටුවේ පල්ලෙහා තියෙනවා Symbols, Tick Chart කියලා tabs 2ක්, ඒ 2කෙන් දැනට select වෙලා තියෙන්නේ Symbols කියන එකනේ. දැන් ඔයාලා ඒකේ Tick Chart කියන එක click කරන්න.


ඒකේ පොඩි ප්‍රස්තාරයක් වගේ එකක් පේනවා නේද? ඒක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න ඒතකොට ඔයාලට පෙනෙයි ඒකේ අගය ඉහල, පහල යනවා. (හැබැයි එහෙම වෙන්නේ සතියේ දවස් වල විතරයි. මොකද Forex Market එක වැඩ කරන්නේ සතියේ දවස් වල විතරක් නිසා. මේ ගැන වැඩි විස්තර ඉදිරියේදි theory පාඩමකින් මම කියලා දෙනවා.) ඔයාලට මතකද දන්නේ නෑ මම කලින් පාඩමක කිව්වා Currency pair එකක rate එක තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා කියලා. මම එහෙම කිව්වේ මෙන්න මේ ගැන තමයි. දැන් ඔයාලට තේරෙනවා නේද Currency pairs වල prices කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. දැන් ආපහු Symbols කියන tab එක click කරලා වෙන Currency pair එකක් select කරලා Tick Chart එකට යන්න. ඔයාලට පෙනෙයි. හැම Currency pair එකක්ම එකම ගානට ඉක්මනින් වෙනස් වෙන්නේ නෑ කියලා. එක එක Currency pairs  වල prices වෙනස් වෙන්නේ එක එක විදිහට. 


දැන් ඉහත රූපයේ රතු පාට රවුම් වලින් දැක්වෙන් X marks වල click කරලා charts ඔක්කොම Metatrader එකෙන් අයින් කරන්න. (බය වෙන්න එපා අපි ඒවා අපහු ගන්න හැටි ඉගෙන ගන්නවා.) දැන් අපි අර ඉස්සෙල්ල බලපු Currency pairs වල prices තියෙන කො‍ටුවට ගිහිල්ලා EURUSD currency pair එක උඩ "right click" කරන්න. 


දැන් එතනින් 2වෙනියට තියෙන "Chart Window" කියන එක් select කරන්න.  එතකොට පහත රූපයේ දැක්වෙන ආකරයේ screen  එකක් ඔයාලාට පෙනෙයි.



ඊට පස්සේ ඒ chart එක තියෙන කො‍ටුවේ තියෙන Maximize button එක click කරලා chart එක Maximize කරගන්න.



දැන් ඒ රූපයේ නිල් පාට රවුමකින් සටහන් කරලා තියෙන ප්‍රදේශය බලන්න. එතන EURUSD,H1 කියලා තියෙනවා ඒ වගේම ඊට පස්සේ මොනාද ඉලක්කම් වගයක් තියෙනවා එහෙම නේද? EURUSD කියන එකෙන් අපිට අඳුරගන්න පුළුවන් මේක EUR/USD chart එකක් කියලා. H1 කියන එකේ තේරුමයි, අර ඉලක්කම් වල තේරුමයි මම charts ගැන කරන blog post එකේදි කියලා දෙන්නම්. කහ පාට රවුමකින් සලකුණු කරලා තියෙන්නේ Currency pair එකේ rate එක ඒ කියන්නේ, පහල ඉඳන් ඉහලට අගයන් වැඩිවන පිළිවෙලට තමයි දක්වලා තියෙන්නේ. රතු පාට රවුමකින් සලකුණු කරලා තියෙන්නේ කාලය (Time) මොකක්ද මේ කාලය කියලා මම charts ගැන පාඩමේ දි හරියටම පැහැදිලි කරන්නම්.

ඔයාලා දැන් chart එකේ මුල හරියේ click කරලා ඊතලයෙන් දැක්වෙන පැත්තට drag කරලා බලන්න. එතකොට අපිට Currency pair  එකේ (ඒ කියන්නේ EUR/USD) කලින් rates දැන ගන්න පුළුවන්.


දැන් ඔයාලා කොළපාට රවුමකින් සළකුණු කරලා තියෙන buttons ඔබලා බලන්න මොනාද වෙන්නේ කියලා. ඒවා ගැන වැඩි විස්තර ඉදිරීයේ දී. අනිත් Currency pairs වලත් charts අරගෙන බලන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අහන්න.


No comments:

Post a Comment