Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Thursday, February 17, 2011

13. Bid, Ask හා Buy, Sell orders - 1

මේ පාඩමට පස්සේ ගොඩාක් දුරට අපි practicals පැත්ත තමයි කරන්නේ. ඒ හින්දා මේ පාඩමත් ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනෙ.

ඔයාලට මතක ඇති අපි Metatrader එකේ බලද්දි Currency Pairs වල rates තිබ්බ කො‍ටුවේ එක් Currency Pair එකකට rates (prices) 2ක ගානෙ තිබ්බා. එකක් "Bid" කියලා. අනිත් එක "Ask" කියලා. ඒ මොකක්ද කියලා මම පස්සේ කියලා දෙන්නම් කිව්වනේ. අද අපි බලමු ඒ මොනාද කියලා.

ඔයාලා දැකලා ඇති බැංකුවකින් Currency Exchange Rate එක් දක්වද්දී rates 2ක් දක්වනවා. "ගැනුම් මිල" හා "විකිණුම් මිල" වශයෙන්. අන්න ඒක තමයි මේ Bid හා Ask කියලා කියන්නේ. Bid කියන්නේ "ගැනුම් මිල" හා Ask කියන්නේ "විකිණුම් මිල". හැබැයි මෙතන ගැනුම් මිල කියන්නේ අපි ගන්න මිල නෙවෙයි Broker අපෙන් ගන්න මිල හා විකිණුම් මිල කියන්නේ Broker අපිට විකුණන මිල. හැමවෙලේම Ask එකේ අගය Bid එකේ අගයට වඩා වැඩී. Bid හා Ask අතර වෙනසට කියන්නේ Spread කියලා. Stock Market (Share Market) එකේ වගේ Forex Market එකේ Brokerලා Commission එකක් ගන්නේ නෑ. Forex brokerලාගේ ලාභය තමයි මේ Spread එක. Spread එක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ Pips වලින්. අපි පොඩි උදාහරණයක් බලමු.






EUR/USD = 1.3551/1.3554 නම් Spread එක කීයද?
Bid හා Ask අතර වෙනස Pips වලින් = 1.3554 - 1.3551
= 0.003
= Pips 3
එම නිසා Spread එක = 3 Pips

එක් එක් Currency pairs වල Spread එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අඩුම Spread එකක් තියෙන Currency pairs තමයි EUR/USD, USD/JPY වගේ ඒවා. GBP/JPY වගේ pairs වල Spread එක බොහොම වැඩී. ඔයාලට පුළුවන් Metatrader එකේ Currency pairs  වල rates දැක්වෙන කො‍ටුවට ගිහිල්ලා එක් එක් Currency pairs වල Spread එකක් කීයද කියලා ගණනය කරලා බලන්න. මේ Spreads Broker ගෙන් Brokerටත් වෙනස් වෙනවා. අපි හැමවෙලේම බලන්න ඕනෙ Spread එක අඩුම Broker කෙනෙක් ‍තෝරගන්න. මොකද Spread එක කියන්නේ අපට සිදුවන වියදමක් නිසා. ඒ වගේම ආධුනිකයෝ වශයෙන් අපි trade කරන්න ඉගෙන ගන්න කොට Low spread එකක් තියෙන Currency pairs trade කරන එක තමයි නුවණට හුරු.

Stock Market එකේ අපි කොටස් මිලදී ගත්තොත් අපිට profit ලැබෙන්නේ අපි මිලදී ගත් කොටස් වල වටිනාකම ඉහල ගියොත් විතරයි. හැබැයි Forex Market එකේ Currency Pairs එකක Currency  2ක් තියෙන නිසා අපිට දෙපැත්තටම trade කරන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා.

හිතන්න අපි උදාහරණයකට EUR/USD Currency pair එක ගත්තා කියලා. මේ Currency pair එකේ වෙනස්කමක් සිදුවෙන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් EUR වටිනාකම USD වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි, USD වල වටිනාකම EUR වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්.

අපි EUR වල අගය ඉහල යයි කියලා හිතනවා නම් අපි EUR/USD pair එකේ "Buy Order" එකක් දානවා. Buy Order එකට කියන තවත් නමක් තමයි "Long" කියන එක. EUR/USD Long කරනවා කියන්නේ අපි EUR/USD Buy order එකක් දානවා කියන එකම තමයි. හැමවෙලේම අපි Currency pair එකක් Buy (Long) කරද්දී Ask කියන rate එක තමයි අපට ලැබෙන්නේ. මොකද ඒක තමයි අපේ Borker Currency pair එක විකුණන මිල.

අපි USD වල අගය ඉහල යයි කියලා හිතනවා නම් (ඒ කියන්නේ EUR වල අගය පහල යයි කියලා හිතනවා නම්) අපි EUR/USD pair එකේ "Sell Order" එකක් කරනවා. Sell Order එකට කියන තවත් නමක් තමයි "Short" කියන එක. EUR/USD Short කරනවා කියන්නේ EUR/USD pair එකේ Sell Order එකක් කරනවා කියන එක.  හැමවෙලේම අපි Currency pair එකක් Sell (Short) කරද්දී Bid කියන rate එක තමයි ලැබෙන්නේ මොකද ඒක තමයි අපේ Broker  අපෙන් Currency pair එකක් ගන්න මිල.

අපි Buy Order එකක් කලා කියන්නේ ඒ Order එක close කරන්න අපි කරපු දේ ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕනෙ. ඒ කියන්නේ අපි Buy කරා නම් trade එක close කරන්න අපි ඒක Sell  කරන්න ඕනෙ. ඒ වගේම අපි Sell කරා නම් trade එක close  කරන්න අපි ඒක ආයෙත් Buy  කරන්න ඕනෙ. හැබැයි මේක Metatrader එකේ automatically වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපි කැමති Currency pair එක Buy හෝ Sell කරන එක ඊට පස්සේ අපිට trade එක close කරන්න විතරයි තියෙන්නේ. Metatrader එකෙන් Sell orders, Buy කරලත් Buy orders, Sell කරලත් අදාල විදිහට close කරනවා. මම මේක ඔයාලට කිව්වේ මෙතන තවත් වැදගත් දෙයක් තියෙන හින්දා. ඒ තමයි. අපි හැමවෙලේම,

Buy order එකක් open කරන්නේ Ask කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Bid කියන rate එකෙන්
Sell order එකක් open කරන්නේ Bid කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Ask කියන rate එකෙන්

මේක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්. මොකද බොහෝමයක් ආධුනික tradersලා මේක තේරුම් ගන්නේ නැතුව Brokersලා හොරු කියලා කෑගහනවා. ඒ ඇයි කියලා මම ඊළඟ Charts පාඩමේදි කියලා දෙන්නම්.

එහෙනම් දැන් අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත ඔක්කොම දැනුම භාවිතා කරලා බලමු Metatrader එකේ trade එකක් කරද්දී ඒක වෙන්නේ කොහොමද කියලා.

අපි ඉස්සෙල්ලාම බලමු. EUR/USD pair එක. අපි Leverage එක 100:1 කියලා ගමු. ඒ වගේම අපේ account currency එක USD විදිහට ගමු. (මෙතන ඉදලා හැමවෙලේම අපි අපේ Account currency එක විදිහට USD ගමු.)

EUR/USD = 1.2757/1.2759 (1.2757 Bid price එක හා 1.2759 කියන්නේ Ask price එක) විටදී අපි Buy order එකක් කරනවා currency Mini-Lot එකක්. දැන් ඔයාලට ගණන හදන්න පුළුවන් වෙන්න ඕනෙ. Buy order එකක් නිසා Ask rate එක තමයි ගන්නේ. ඒ කියන්නේ 1.2759 කියන rate එක.

EUR min-lot එකක් ඒ කියන්නේ 10,000ක් ගන්න අවශ්‍ය USD ගණන වෙන්නේ,
USD = 10,000 X 1.2759
= 12,759
Leverage එක 100:1 නිසා = 12,759 / 100
= USD 127.59

දැන් මේ USD 127.59 අපේ account balance එකෙන් අඩුවෙනවා ඒක ආපහු ලබෙන්නේ අපි trade එක close කරාට පස්සේ විතරයි. (මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවලින්) හොඳට මතක තියාගන්න අපේ account එකෙන් USD 127.59ක් අඩු වුනාට දැන් අපි ගාව EUR 10,000ක් තියෙනවා. මේ EUR 10,000 අපි ගාව තියෙනවා කිව්වට අපිට ඒක ගන්න බෑ. මේක හරියට virtual money වගේ, අපිට හිතන්න පුළුවන් අපි ඒ EUR 10,000 බැංකුවේ දාලා කියලා. ඒ වගේම මතක තියාගන්න අපිට ඒ EUR 10,000 (Mini-Lot) එක ගන්න USD 12,759ක් ගියා. හැබැයි Broker අපෙන් ගත්තේ ඒ ගණනෙන් 1%. Leverage එක100:1 හින්දා. හරියටම කිව්වොත් අපි මුලු ගණනින් 1%ක් දාලා තියෙනවා, Broker 99%ක් දාලා තියෙනවා.

දැන් හිතන්න පැය කීපයකට පසුව rate  එක EUR/USD 1.2768/1.2770 දක්වා ඉහල ගියා කියලා. අපි ඒ price එකේදි trade එක close කරා කියලා හිතන්න. දැන් අපේ EUR 10,000ට USD කීයක් ලැබෙනවද කියලා බලමු. මතකනේ මම ඉස්සෙල්ලා කිව්වා Buy Order එක close කරද්දී අපි පාවිච්චි කරන්නේ Bid කියන rate එක කියලා. ඒ නිසා අපිට ලැබෙන USD ගණන වෙන්නේ,

USD ගණන = 10,000 X 1.2768
= 12,768

දැන් අපිට profit එක හරි loss එක හරි කීයද කියලා බලන්න පුළුවන්. EUR 10,000ක් ගන්න අපිට USD 12,759ක් ගියා (Leverage එක හින්දා අපි Broker ට දුන්නේ USD 127.59ක් විතරයි.) පස්සේ අපි ඒ EUR 10,000 විකිණුවාම USD 12,768ක් ලැබුනා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන්නේ ලාභයක් නේද?

Profit in USD = 12,768 - 12,759
= USD 9

ඒ කියන්නේ අපේ ලාභය USD 9ක්. අපිට ආපු උත්තරය නිවැරදිද කියලා බලන්න තව ක්‍රමයක් තියෙනවා. මතකද අපි කලින් පාඩමක කරපු Pip එකක වටිනාකම හොයලා කරන ක්‍රමය.  අපි බලමු ඒ විදිහට ගණන හදලා,  උත්තර 2ක සමාන වෙනවද කියලා.

ඒක අපි මීළඟ පාඩමේදි බලමු.

No comments:

Post a Comment