Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Saturday, February 12, 2011

12. Pips ගැන තවදුරටත් - 2

අපි කලින් පාඩමේදි ඉගෙන ගත්තා අපේ forex account එකේ ප්‍රධාන currency එක USD නම් USD quote currency එක විදිහට එහෙමත් නැත්නම් USD 2 වැනියට තියෙන currency pairs වල Pip එකක වටිනාකම හොයාගන්න හැටි. අපි හොයාගත්තා ඒක USD 0.0001ක් කියලා. ඒ කියන්නේ rate එක කීය වුනත් එක Pip එකකට USD 0.0001 ගානේ අපි මිලදී අරගෙන තියෙන currency units ගණනට අපිට profit හෝ loss එකක් ලැබෙනවා.

දැන අපි බලමු USD base currency එක විදිහට එහෙමත් නැත්නම් USD ඉදිරියෙන් තියෙන currency pairs වල Pip එකක වටිනාකම ලබාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු USD/JPY pair එක.

USD/JPY = 83.45 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 83.45
= 0.0001198
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.0001198
අපි USD/JPY = 83.45 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.0001198 X 100,000
= USD 11.98






USD/JPY = 100.43 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 100.43
= 0.00009957
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.00009957
අපි USD/JPY = 100.43 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.00009957 X 100,000
= USD  9.96

ඔයාලට පේනවා නේද USD quote currency  එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, USD base currency එක විදිහට තියෙන pairs වල Pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා USD quote currency එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, අනිත් currency pairs වල Pip වටිනාකම අපි ගණන් හදලා බලලම ගන්න ඕනෙ. හැබැයි මේක මෙහෙම වෙන්නේ අපේ account එක USD වලින් තියෙන හින්දා, නිකමට හිතන්න අපේ forex account එක CHF වලින් තිබ්බා කියලා, එතකොට මොකද වෙන්නේ. එතකොට CHF quote currency  එක විදිහට තියෙන හැම currency pair එකකම, rate එකක් කීය වුනත් Pip එකක වටිනාකම CHF 0.0001 . අනිත් pairs වල pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා.  අපි තව උදාහරණයක් බලමු.

USD/JPY = 99.35 දී අපි Mini-Lot එකක් මිලට ගෙන Pip 20කට පසු trade එක close කලා නම් අපගේ profit එක කීයද?
මිලදී ගැනීමේදී rate එක = 99.35
Pip 20කට පසු rate එක = 99.35 + 0.20 (JPY pairs වල Pip දැක්වෙන්නේ 2 වැනි දශමස්ථානයෙන් නිසා.)
= 99.55
Pip එකක වටිනාකම = 0.01 / 99.55
= USD 0.00010045
එම නිසා profit එක = 0.00010045 X 20 X 10,000
= USD 20.09

දැන් ඒ කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. USD base currency එක විදිහට තියෙන currency pairs තමයි USD/CHF, USD/JPY, USD/CAD වගේ ඒවා.

ඒවා ඔක්කොම හරි කියමුකෝ හදිස්සියේවත් අපිට EUR/GBP වගේ pair එකක් trade කරන්න හිතුනොත් මොකද වෙන්නේ? ඒකේ එක පැත්තකවත් USD නෑනෙ. මේ වගේ වෙලාවක Pip වටිනාකම හොයන්න අපිට EUR/GBP rate එක වගේම, currency pairs එකේ quote currency එක හා අපේ account currency එක තියෙන currency pair එකේ rate එකත් දැනගෙන ඉන්න ඕනෙ. ඒ කියන්නේ අපි EUR/GBP rate එක වගේම GBP/USD rate එකත් දැනගෙන ඉන්න ඕනෙ (මොකද අපේ account currency එක USD නිසා.). නැත්නම් අපිට Pip වටිනාකම හොයන්න විදිහක් නෑ. එහෙනම් අපි උදාහරණයක් බලමු.

EUR/GBP = 0.8465 දී  Mini-lot එකක් මිලට ගෙන Pip 10ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට GBP/USD = 1.6001,
Pip එකක වටිනාකම GBP වලින් = 0.0001 
(අපි Pip එකක වටිනාකම EUR වලින් හොයන්න, 0.0001/0.8465 භාවිතා කරනවා. ඒත් මෙතනදී එහෙම අවශ්‍ය නෑ.)
Pip එකක වටිනාකම USD වලින් = 0.0001 X 1.6001
= 0.00016001
එම නිසා profit එක USD වලින් = 0.00016001 X 10 X 10000
=  16

අපි තව වෙනස් උදාහරණයක් බලමු. 
EUR/JPY = 113.04 දී Lot එකක් මිලට ගෙන Pip 15ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට USD/JPY = 83.45
Pip එකක වටිනාකම JPY වලින් = 0.01
Pip එකක වටිනාකම USD වලින් = 0.01 / 83.45
= 0.0001198
එම නිසා profit එක USD වලින් = 0.0001198 X 15 X 100,000
= 179.70

ඉහට උදාහරණ දෙක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ගණන් අපි අතින් හදන්න ඕනෙ නෑ Metatrader එකේ මේවා ඔක්කෝම automatically calculate වෙනවා. දැන් ඔයාල බලයි එහෙනම් මොන මඟුලකටද මෙච්චර වෙලා මේවා කිව්වේ කියලා. අපි Forex වලට invest කරන්න යන්නේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නිසා මේකේ profit හෝ loss ගණනය කරන විදිහ අපි හොඳටම දැනගෙන ඉන්න ඕනෙ. ඔයාලා දැන් ඔයාලම එක එක currency pairs වල එක එක rates හිතලා ගණන් හදලා බලන්න. ආපු උත්තර හරිද කියලා බලන්න මම පොඩි tool එකක් දෙන්නම්.

ඔයාලට  http://fxtrade.oanda.com/account/profit-calculator/ ගිහිල්ලා ඒ tool එකට යන්න පුළුවන්.


මේකේ Account Currency කියන එක ඔයාලට තේරෙනවනේ. Currency Pair කියන එකෙන් අදාල currency pair එක select කරන්න. Current Price (USD/USD) කියන එකට මොනවත් දාන්න ඕනෙ නෑ ඒක තියෙන්නේ USD base currency එකවත් quote currency  එකවත් නොවන pairs වල profit calculate කරන කොට පාවිච්චි කරන්න. Trade Price කියන එකට අපි මිලදී ගන්න rate එක දාන්න. Action  කියන එක Buy/Long කියන position එකේම තියන්න. (Sell/Short ගැන අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්නවා.) Number of Units කියන තැනට අපි ගන්න currency units ගණන දාන්න ඕනෙ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි Lot එකක් ගන්නවා නම් Number of Units කියන තැනට අපි 100000 දාන්න ඕනේ. Mini-Lot එකක් ගන්නවා නම් එතනට 10000 දාන්න ඕනෙ. ඊට පස්සේ Closing Price කියන එකට අපි trade එක close  කරන rate (price) එක දාන්න. ඊට පස්සේ Calculate කියන button එක click  කරාම අපිට අපේ profit එක හෝ loss එක USD වලින් පෙන්වනවා. 


අපි EUR/JPY වගේ pair එකක් select කලොත් Current Price (JPY/USD) කියන තැනට අදාල rate එක දාන්න ඕනෙ. සාමන්‍යයෙන් JPY හා USD අතර rate එක දක්වන්නේ USD/JPY විදිහට නිසා අපිට JPY/USD rate එක හොයන්න පොඩි calculation  එකක් කරන්න වෙනවා.

JPY/USD = 1 / (USD/JPY)
ඒ කියන්නේ USD/JPY rate එක 85.77 නම්,
JPY/USD rate එක = 1 / 85.77
= 0.011659

මේ කරුණු ඔක්කොම ඔයාලට තේරුම් යන්න ඇති කියලා මම හිතනවා. තේරුනේ නැති තැනක් තියෙනවා නම් අහන්න. ඒ වගේම blog එකට subscribe  කරලා නැති අය subscribe  කරන්න. එතකොට අළුත් posts ඔයාලාගෙ E-mail එකටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි මීළඟ ලිපියෙන් හමුවෙමු. 

No comments:

Post a Comment