Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, February 22, 2011

15. Metatrader එක ගැන - 2

මෙන්න එහෙනම් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු lessons ටික. අපි Metatrader එකේ කලින් නවත්තපු තැනේ ඉඳලා පටන් ගමු.

එහෙනම් දැන් ඉස්සෙල්ලාම Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරලා EUR/USD chart එක ගන්න. ඊට පස්සේ ඒක maximize  කරගන්න. මතක නැතිනම් 10 වැනි පාඩම බලන්න.







ඉස්සෙල්ලාම අපි බලමු රතු හා කොල පාට රවුම් වලින් සටහන් කරලා තියෙන buttons මොනාද කියලා. රතු පාට රවුමෙන් සටහන් කරලා තියෙන button එකට කියන්නේ Auto Scroll කියලා මේකෙන් කරන්නේ අළුත් data ආපු ගමන් chart එක update කරන එක. මේකෙන් හරියටම මොකක්ද වෙන්නේ කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. Chart එකේ වම් අත පැත්තේ click කරලා දකුණු අත පැත්තට drag කරන්න (හැබැයි මෙහෙම කරද්දී Auto Scroll කියන Button එක එබිලා තියෙන්න ඕනෙ.) මේ විදිහට දෙතුන් පාරක් කරන්න. දැන් ටිකක් වෙලා chart එක දිහා බලාගෙන ඉන්න. අළුත් data ආපු ගමන් chart එක අගට යනවා නේද? ඒ හින්දා අපි සාමාන්‍යයෙන් chart history එක එහෙමත් නැතිනම් chart එකේ වම් අත පැත්තේ තියෙන data බලන්න ඕනෙ නම් අපි Auto Scroll කියන button එක uncheck කරලා තමයි තියන්නේ. මොකද නැත්නම් අළුත් data ආපු ගමන් chart එකේ අගට යනවානෙ.

දැන් Auto Scroll කියන button එක uncheck කරන්න. ඊට පස්සේ කොලපාට රවුමෙන් සටහන් කරලා තියෙන Chart Shift කියන button එක click කරලා බලන්න. ඒ button එක පාවිච්චි කරලා අපිට හැමවෙලේම chart එකේ අගට එක පාරටම යන්න පුළුවන්. මේ button දෙකෙන් වෙනදේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි අනිත් ඒවා මොනාද කියලා බලමු.



මේකෙ 4 හා 5 buttons වලින් වෙනදේ ඔයාලට දැනටමත් දන්නවා ඇති. මොකද 10 වැනි පාඩමේදි ඔයාලා ඒවා click කරලා බැලුවනේ. කොහොම වුනත් 4 button එකෙන් වෙන්නේ chart එක ලොකු කරන එක හා 5 button එකෙන් වෙන්නේ chart එක පොඩි කරන එක. දැන් අපි 5 button එක දිගටම click කරමු. ටික වෙලාවක් click කරපුවාම ඒ button එක අළුපාට වෙලා disable  වෙනවා නේද?

දැන් 1 button එක ඔබලා 4 button එක හතර පාරක් click කරන්න. ඊට පස්සේ chart  එක දෙපැත්තටම drag කරලා බලන්න. ඔයාල බලයි මොනාද මේ කූරු වගයක් තියෙන්නේ කියලා. මේකට කියන්නේ Bar Chart කියලා. මේ chart එකේ එක කූරකින් දත්ත 4ක් පෙන්වනවා. ඔයාලා බලයි මොනාද ඒ තොරතුරු කියලා ඒවා ඊළඟ පාඩමට. දැනට දැන ගන්න මේකට කියන්නේ Bar Chart කියලා අපි මේ chart එක වැඩිය පාවිච්චි කරන්නේ නෑ  මොකද මේක ටිකක් තේරුම් ගන්න අපහසු නිසා. හැබැයි සමහර පලපුරුදු Forex tradersලා මේ chart එකට කැමති.


ඊළඟට 3 button එක click කරන්න. එතකොට හරියට අර ඉස්පිරිතාලෙ heart එක check කරන machine එකේ වගේ එකක් එනවා නේද? මේකට කියන්නේ Line Chart කියලා මේකත් අධුනිකයෝ වශයෙන් අපි වැඩිය පාවිච්චි කරන්නේ නෑ. අනිත් එක මේකේ Bar chart එකේ වගේ දත්ත 4ක් පෙන්වන්නෙත් නෑ.


දැන් අපි 2 button එක click කරමු. දැන් ටිකක් අමුතු chart එකක් ආවා නේද? ඔයාලා ඉස්කෝලෙ යන කාලේ කවදාවත් මේවගේ chart එකක් දැකලා තියෙනවද? මම හිතන්නේ නෑ. මේ chart එකට අපි කියෙන්නේ Candlestick chart කියලා. මේකේ ඔය තියෙන පෙට්ටියක් වගේ එකකට කියන්නේ Candle එකක් කියලා. මේ Candle එකකිනුත් කලින් අපි කතා කරපු Bar chart එකේ වගේ තොරතුරු 4ක් පෙන්වනවා. ඒ වගේම මේ chart එක තේරුම් ගන්න ටිකක් ලේසී. අපි ඉස්සරහට දිගටම ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ Candlestick chart කියන chart එක.


එහෙනම අපි මීළඟ post එකේ ඉඳලා Candlestick charts ගැන ඉගෙන ගමු.

No comments:

Post a Comment