Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, March 2, 2011

18. අපේ මුල්ම trade එක කරමු

ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.








Trade එකක් open කරනවා කියන්නේ, එහෙමත් නැති නම් Order එකක් place කරනවා කියන්නේ බොහොම වගකීමකින් යුතුව කරන්න ඕනේ දෙයක්. ඔයාලා දැන් දන්නවානේ අපිට trade කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා එකක් EUR/USD Long (EUR/USD Buy order) කරන්න පුළුවන් එහෙමත් නැතිනම් EUR/USD Short (EUR/SUD Sell order) කරන්න පුළුවන්. අපි මොන trade එකද කරන්නේ? Long ද, Short ද? මොන order එකද කරන්න ඕනෙ කියලා හරියට දැන ගන්න පුළුවන් නම් මේක කරන හැමෝම මෙලහකට කෝටිපතියෝවෙලා. Trade එකක් open කරන්න කලින් Market එකේ තත්වය හොඳට study කරලා (ඒ කියන්නේ Market analysis)  තියෙන්න ඕනෙ. එතකොට තමයි අපිට වන losses අවම කරගන්න පුළුවන් වෙන්නේ.

කොහොම වුනත් දැන් අපි කරන්න හදන්නේ trade එකක් open කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නනේ. අනිත් එක අපිට අපේ ඇත්ත සල්ලි නැතිවෙන්නෙත් නැති නිසා අපි නිකන් trade එකක් කරලා බලමු.

දැන් මෙහෙමයි මේක කරන්නේ. ඉස්සෙල්ලම  අපි අරන් තියෙන EUR/USD chart එක M15 කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. M15 button එක click  කරන්න විතරයි තියෙන්නේ. අපි කරන්න් යන්නේ මේකයි, දැන් හැදෙමින් පවතින candle එක දිහා හොඳට බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙච්ච ගමන් අපි ඒ හැදිච්ච candle එකේ පාට බලලා Buy හෝ Sell order එකක් දාමු.

Candle එක කොළපාට එකක් නම් Buy Order එකකුත්
Candle එක රතුපාට නම් Sell Order එකකුත්

Trade එකක් කරද්දී අපි දැනගෙන ඉන්න ඕනෙ අපි ඒ trade එක කරන්නේ මොන පදනමක් මතද කියලා. ඇයි Sell order එකක් නැතුව Buy order එකක් කරන්නේ හෝ Buy order එකක් නැතුව Sell order එකක් කරන්නේ කියලා. එහෙම නැතුව කාසියක් උඩ දාලා head වැ‍ටුනොත් Buy කරනවා, tail වැ‍ටුනොත් Sell  කරනවා කියලා මේක කරන්න ගියොත්, ඇත්ත සල්ලි දාලා වැඩිකල් Forex කරන්න වෙන එකක් නෑ.

දැන් අපි බලමු Candle එක කොළපාට නම් Buy order එකකුත්, රතු පාට නම් Sell order එකකුත් කරන පදනම (හේතුව) මොකක්ද කියලා. අන්තිමට හැදුනු Candle එක කොළපාටයි කියන්නේ අපි බලන් හිටපු අන්තිම විනාඩි 15දී (M15 නිසා) EUR/USD price එක වැඩිවෙලා කියන එක. අපි අනුමාන කරනවා price එක තවදුරටත් ඉහලයයි කියලා. ඒකයි අපි Buy order එකක් කරන්නේ. මතකනේ Buy order එකකදී අපිට profit ලැබෙන්නේ Market price එක අපි ගත්ත ගණනට වඩා ඉහල ගියොත් විතරයි.

Candle එක රතුපාට නම් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පහුගිය විනාඩි 15දී price එක අඩුවෙලා තියෙනවා. ඒ හින්දා අපි අනුමාන කරනවා price එක තවදුරටත් පහලයයි කියලා. දැන් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. 

Market එක ඒ විදිහට study කරනවට  කියන්නේ Market analysis කියලා මේ විදිහට Market එක analyse කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා. එකක් Technical analysis අනිත් එක Fumdamental analysis. දැනට මේවා ලොකුවට හිතන්න එපා. මම ඒවා ඉස්සරදී කියලා දෙන්නම්. හැබැයි අපි ගොඩාක් දුරට කරන්න යන්නේ Technical analysis තමයි. 

මට ඕනෙ කරන්නේ ඔයාලට මේක කරන්නන් වාලේ කරන්නේ නැතිව කරන හැම දේම තේරුමක් ඇතුව කරවන්න. එතකොට Forex වල තියෙන risky පැත්ත සෑහෙන්න අඩුකරගන්න පුළුවන්. 

හරි දැන් අපි බලමු trade එක කරන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් හැදෙමින් පවතින M15 Candle එක දිහා බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙන්න තව කොච්චර වෙලා යනවද කියලා Market watch එක බලලා දැන ගන්න පුළුවන්. (Market watch එක තියෙන්නේ Currency pairs prices පෙන්වන කො‍ටුවේ උඩම, එකේ පෙන්වන වෙලාව 08:20 නම් ඒ කියන්නේ Candle එක හැදිලා ඉවරවෙන්න තව විනාඩි 10ක් යනවා කියන එක, මොකද M15 chart එකේදී Candles හැදෙන්නේ විනාඩි 15න් 15වට නිසා).

Candle එක හැදිලා ඉවර වෙච්ච ගමන් chart එක උඩ right click කරන්න. 


ඊට පස්සේ එන Menu එකෙන් Trading select කරලා එන sub menu එකෙන් New Order කියන එක select කරන්න. (F9 key එක ඔබලත් මේ dialog box එක ගන්න පුළුවන්)


දැන් ඒ dialog box එක දිහා ටිකක් බලන්න. එකේ තියෙන ඒවා ගැන දැන්ම කලබල වෙන්න එපා. Symbol  කියන්නේ අපි trade කරන Currency pair එක. හැබැයි Volume කියන එක ඉතාමත්ම වැදගත්, මම ආයෙත් කියනවා Volume  කියන එක ඉතාමත්ම වැදගත්. Trade එකක් කරන හැමවෙලේම අනිත් ඒවා කෙසේවෙතත් Symbol එකයි Volume එකයි double නැතිනම් triple check කරන්න පුරුදුවෙන්න. 

Volume එකේ 1 කියන්නේ Lot එකක් කියන එක. ඒ කියන්නේ අපි එතන 1 තියෙද්දී Buy හෝ Sell order එකක් කලොත් Currency Lot එකක් Buy හෝ Sell  වෙනවා. දැන් මේ trade එක කරද්දී අපි Mini-lot එකක් trade කරමු. Lot එකක් 1 නම්, Mini-lot එකක් කියන්නේ 0.1 නේද? (Lot = 100,000, Mini-Lot = 10,000). දැන් Volume කියන තැන 0.1 select කරන්න, select කරන්න බැරිනම් අතින් type කරන්න. ඊට පස්සේ අපේ analysis එකට අදාල විදිහට Sell හෝ Buy button 2න් එකක් click කරන්න. (ඒ කියන්නේ අපි බලන් හිටපු Candle එක කොළපාට නම් Buy order එකක් හා රතුපාට එකක් නම් Sell order එකක්).


දැන් Ok button එක click කරන්න. 

Trade එක දාපු ගමන් chart එකට පහල කො‍ටුවේ විස්තර වගයක් වැටෙනවා නේද? ඒකේ අන්තිම Column එකේ තමයි අපි මේ කරපු trade එකේ profit, loss පෙන්වන්නේ. Trade එක දාපු ගමන් ඒක negative ගණනක් තිබ්බට කලබල වෙන්න එපා ඒකට හේතුව තමයි අර අපි කලින් පාඩමක කතාකරපු Bid හා Ask price අතර වෙනස.



Trade එකක් දාපු ගමන්ම close කරත් අපිට ඒ trade එක කරාට Brokerට spread එක ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් EUR/USD pair එකේ නම් 3 Pips විතර. ඒ කියන්නේ Mini-Lot එකකදී නම් USD 3ක loss එකක් අපිට වෙනවා. ඒකයි කලින් මම කිව්වේ Volume කියන එක හොඳට බලන්න කියලා. නිකමට හරි වැරදීමක් වෙලා trade එක close කරොත් අපිට පාඩුයි.

ඉහත රූපසටහන හරියට පැහැදිලි නැති නිසා මම ඒක කොටස් 2කට අරන් විස්තර කරන්නම්.



Order කියලා තියෙන්නේ අපේ trade එකේ number එක (හරියට index number එකක් වගේ). අපි demo account එකේ trade කරන හින්දා මේක එච්චර ගනන් ගත්තේ නැති වුනාට real money එකක් trade කරද්දී මේ number එක අනිවාර්්‍යයෙන්ම log book එකක් වගේ එකක් තියාගෙන ලියාගන්න ඕනෙ. මොකද හදිස්සියේවත් Broker පිස්සුවක් කරොත් එයාලට කතාකරන්න අපේ Order number දැනගෙන තිබුනොත් ගොඩාක් ලේසියි. ඔයාලා හැබැයි දැන්ම මේ ගැන බය වෙන්න එපා. ඒවා ඔක්කොම මම ටික ටික කියලා දෙන්නම්.

Time කියලා තියෙන්නේ අපි trade එක open කරපු දිනය හා වේලාව.

Type කියන්නේ Buy order එකක්ද Sell order එකක්ද කියන එක.

Size කියන්නේ අපි trade කරපු Currency ප්‍රමාණය, මෙතන පෙන්වන්නේ Lots වලින්. (1 කියන්නේ Lot එකක් හා 0.1 කියන්නේ Mini-Lot එකක්)

Symbol කියන්නේ අපි trade කරපු Currency pair එක

Price කියන්නේ අපි Market order එක කරපු price එක.

ආ මට පොඩි දෙයක් කියන්න බැරිවුනා. අපි මේ කරපු Buy හෝ Sell orders වලට කියන්නේ Market orders කියලා ඊට අමතරව තව orders වර්ග තියෙනවා ඒවා මම ඉක්මනට කියලා දෙන්නම්.




S/L කියන්නේ Stop Loss කියන එක මේක හරියට Forex කෙනෙක්ට ඉතාමත් වැදගත් variable එකක්. හැබැයි අපි තවම ඒ ගැන ඉගෙන ගත්තේ නෑනේ. ඒ නිසා ඒක මේ trade එකේ දී අපිට වෙනස් කරන්නේ නෑ.

T/P කියන්නේ Take Profit කියන එක S/L වගේම මේකෙත් සෑහෙන වැදගත්කමක් තියෙනවා. දැනට මේකත් අපි අතහැරලාදාමු.

Commission කියන්නේ මේ trade එකට Broker අපෙන් commission එකක් ගන්නවා නම් මෙතන තමයි ඒ ගණන පෙන්වන්නේ. Forex Brokers ලා බොහෝ දෙනෙක් commission එකක් charge කරන්නේ නෑ. (කරන Brokers ලත් ඉන්නවා හැබැයි බොහෝම අඩුයි.) ඒ හින්දා මේ field එකත් අපිට වැඩිය අදාල නෑ.

Swap කියන එක මම ඉදිරියේදී කියලා දෙන්නම්. ඒකට වෙනම පාඩමක් කරන්න වෙනවා.

අන්තිමට තියෙන්නේ Profit. ඒක නම් මොකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ. එතන තියෙන්නේ අපේ profit එක හෝ loss එක.


ඉහත රූපසටහනේ පෙන්වලා තියෙන Balance, Equity, Margin, Free margin හා Margin level කියන්නේ මොනාද කියලා අපි අනිවාර්්‍යයෙන්ම දැනගන්න ඕනෙ. ඒවා මම ඉදිරි පාඩමෙන් කියලා දෙන්නම්. එතකොට තාරක මගෙන් අහල තිබුනු ප්‍රශ්නයටත් උත්තර ලැබෙනවා.


කොහොම හරි දැන් Market order එකක් (එහෙමත් නැතිනම් trade එකක්) දාන්න දන්නවා. දැන් අපි දාපු trade එක close කරන්නේ කොහොමද? මතකනේ මම කිව්වා අපි trade එකක් කරලා profit එක හෝ loss එක අපේ account එක පෙන්වන්න අපි trade එක close කරන්න ඕනෙ.

අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අපි කොයි වෙලේද trade එක close කරන්නේ? අපිට ලැබිලා තියෙන profit එක ඇති කියලා හිතුනමද? එහෙමත් නැතිනම් loss වැඩිවේගන එනකොට ද?

ඒකටත් අපි ක්‍රමයක් යොදමු. හිතන්න ඔයා කලේ Buy order එකක් කියලා, එතකොට trade එක open කරලා විනාඩි 15කට පස්සේ හැදුනු Candle එක රතු පාට එකක් කියලා. එහෙම නම් ඒ candle එක හැදිලා ඉවර වෙච්ච ගමන් trade එක close කරන්න. හැබැයි හැදුනු Candle එක කොළපාට එකක් නම් trade එක තවදුරටත් තියන්න. ආයෙත් රතුපාට candle එකක් හැදෙනකම් trade එක ගෙනියන්න.

Sell order එකේදි මේකෙ අනිත් පැත්ත. Trade එක කරලා විනාඩි 15කට පස්සේ හැදුනු candle එක කොළපාට එකක් නම් ඒ candle එක හැදිලා ඉවර වෙච්ච ගමන් trade එක close කරන්න. හැදුනු candle එක රතු පාට එකක් නම් trade එක තවදුරටත් තියන්න. ආයෙත් කොළපාට candle එකක් හැදෙනකම් trade එක ගෙනියන්න.

එහෙනම් අපි බලමු trade එකක් close කරන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම අපි අර විස්තර කතා කරපු trade එක උඩ right click කරන්න.

ඊට පස්සේ එන Menu එකෙන් Close Order කියන එක select කරන්න.


දැන් ආපු dialog box එකෙන් කහපාටට තියෙන Close button එක click  කරන්න. මෙතනදිත් බලන්න Symbol හා Volume කියන කො‍ටු 2ක.


ඊට පස්සේ Ok button එක click කරන්න.


එහෙනම් දැන් ඔයාලා දන්නවා trade එකක් open කරලා close කරන්නේ කොහොමද කියලා. ඔයාලට මම කිව්වේ කොළපාට candle එකක් හැදුනම Buy order එකකුත්,  රතු පාට candle එකක් හැදුනම Sell order එකකුත් කරන්න කියලා. ඒ වගේ rules set එකකට කියන්නේ Strategy එකක් කියලා. අපේ මේ පොඩි Strategy එක නම් සම්පූර්ණ නෑ, මොකද ඒකේ Stop Loss, Take Profit වගේ දේවල් නැති නිසා. ඒත් අපි මේක කලේ trade එකක් දාන්න පුරුදු වෙන්නනේ.

හරි දැන් ඔයාලා trade එක close කලා නම් පහත රූපසටහනේ දැක්වෙන ආකාරයට ඔයාලගේ account balance එක අඩුවෙලා හෝ වැඩිවෙලා තියෙන්න පුළුවන්.


Account balance එක වැඩි වුනා නම් ඔයාලට සතු‍ටු ඇති. හැබැයි account balance එක අඩුවෙච්ච කට්ටිය දුක් වෙන්න එපා Forex වල හැම වෙලේම දිනන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ. පොඩි රහසක් තියෙනවා ඒකෙන් පුළුවන් අපි trades පැරදුනත් අපේ account balance එක එන්න එන්න වැඩි කරගන්න, ඒකට කියන්නේ Money management කියලා ඒ ගැන වැඩි විස්තර ඉදිරි පාඩම් වලදී.


ඉහත රූපසටහනේ දැක්වෙන රතුපාට රවුම click කරලා අපි කලින් කරපු trades වල විස්තර බලන්න පුළුවන්.



ඒකේ තියෙන ගොඩක් විස්තර ඔයාලා දැනටමත් දන්නවානේ. Account History එකේ වැඩිපුර ඇවිත් තියෙන්නේ  තව Time කියලා field එකක්. ඒකේ පෙන්වන්නේ අපි trade එක close කරපු වේලාව. (මම trade එක close කරපු වෙලාව ගැන එච්චර හිතන්න එපා මොකද මට ඕනෙ වුනේ මේක කරන හැටි ඔයාලට කියලා දෙන්න. )

Profit/Loss කියලා තියෙන තැන වැටෙන්නේ සාමාන්‍යයෙන් දැන් ගෙවෙන මාසයේ මුළු profit එක හෝ loss එක. (මේ time period එක අපිට Account history එකේ right click කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒත් දැනට අපිට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ.)

Credit කියන්නේ අපිට Broker මොකක් හරි offer එකකදී හෝ වෙනත් හේතුවක් නිසා අපිට ලබාදෙන සල්ලි වලට.

Deposit කියන්නේ අපි real account එකක් කරද්දී අපි deposit  කරන මුදල් ගණනට (මේ මාසය ඇතුලත).

Withdrawal කියන්නේ අපි අපේ real account එකෙන් withdraw කරපු මුදල් ගණනට.


හරි දැන් ඒ ටික තේරෙනවනේ. අපි අපේ Strategy එක තවපාරක් බලමු.

Currency pair - EUR/USD
Time frame - M15

Open order condition - දැන් හැදෙමින් පවතින candle එක හැදී අවසන් වෙන තුරු සිට, ඒ candle එක

Green නම් Buy order එකක් හා
Red නම් Sell order එකක් කරන්න.

Close order condition - order එක open කලාට පස්සේ හැදුනු candle එක,

Red නම් හා අපි කලේ Buy order එකක් නම්, හෝ
Green නම් හා අපි කලේ Sell order එකක් නම් trade එක close කරන්න. හැදුනු candles වල පාට මේ conditions වලට වඩා වෙනස් නම් තවදුරටත් trade එක තියන්න.

එහෙනම් මීළඟ post එකෙන් හමුවෙන තුරු දිගටම trade කරන්න පුරුදුවෙන්න. කැමති නම් අනිත් time frame  වලත් trade කරලා බලන්න. හැබැයි මෙහෙම rule එකක් තියාගන්න. දවසකට එක දිගට trades 3ක් loss වුනොත් ඒ දවසේ තවදුරටත් trade කරන එක නවත්වන්න.

මම හිතනවා මේ කියලාදීපු දේවල් පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. අනිත් එක ඔයාලා කැමති නම් ඔයාලගේ first trade එකේ profit හෝ loss එක මේ post එකේ comment එකක් විදිහට දාන්න.


No comments:

Post a Comment