Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, March 7, 2011

19. Forex ගැන තව ටිකක් ඉගෙන ගමු.

මම මේ Forex blog එක කරගෙන ගියේ සාමාන්‍යයෙන් ගොඩක් Forex sites කරනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ලොකුවට theory කරන්නේ නැතුව practicals පැත්ත තමයි වැඩිපුර කියලා දුන්නේ. දැන් ඔයාලට නිකන් ඉන්න ගමන් කරන්න වැඩකුත් තියෙන නිසා (Trades open කරන්න දන්න නිසා) අද අපි Forex Market එක ගැන විස්තර ටිකක් ඉගෙන ගමු.

දැන් ඔයාල දන්නවනේ Forex කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම Forex වලින් සල්ලි හම්බ කරන හැටි ගැනත් ඔයාලට අවබෝධයක් තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද Forex Market එක තමයි මුළු ලෝකයේම තියෙන ලොකුම Financial Market එක කියලා. Stock Market එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ලෝකයේ තියෙන ලොකුම Stock Market එක තමයි NYSE (New York Stock Exchange) (හරියට ලංකාවේ Colombo Stock Exchange එක වගේ). NYSE එකේ දවසකට $74 Billions මුදල් ගනු දෙනු සිද්ධ වෙනවා. සෑහෙන්න ලොකු ගණනක් නේද? හැබැයි Forex Market එකේ දවසකට $4 Trillion ගනු දෙනු සිද්ධ වෙනවා.

අපි නිකමට බලමු මේ ගණන් දෙක බිංදුත් එක්ක ලියලා.

$74 Billion = 74,000,000,000
$4 Trillion = 4,000,000,000,000

දැන් තේරෙනවා නේද කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා.





රූපසටහන බැලුවම මම කියන දේ ඔයාලට තවත් පැහැදිලිවෙයි. හැබයි මේ $4 Trillion කියලා කියන්නේ Forex Market එකේ ඉන්න ඔක්කොම tradersලාගේ මුළු transaction volume එක. Retail traders, ඒ කියන්නේ අපි වගේ පොඩි traders ලාගේ transaction volume එක $1.49 Trillion  විතර තමයි වෙන්නේ.

කොහොම හරි ඔයාලා දැන් දන්නවනේ Forex Market එකේ trade වෙන්නේ මොනාද කියලා. (මතක නැතිනම් පරණ පාඩම් වලට ගිහින් බලන්න.)

Forex Market එකට කියන්නේ OTC (Over the Counter) එහෙමත් නැතිනම් Interbank, Market එකක් කියලා. මොකද අනිත් Markets වගේ Forex Market එකට Central exchange එකක් හෝ භෞතික තැනක් නෑ. මේක තනිකරම වෙන්නේ බැංකු අතර Electronically. අනිත් එක මේක පැය 24ම ක්‍රියත්මක වෙනවා. ඒ නිසා අපිට Forex ලෝකේ ඕනෙම තැනක ඉඳලා කරන්න පුළුවන් (හැබැයි Internet තියෙන්න ඕනෙ.).

පහත රූපසටහනේ දැක්වෙන්නේ ලෝකයේ වැඩියෙන්ම trade වෙන currencies.

(Chart එකේ මුළු ප්‍රතිශතවල එකතුව 200%, මොකද Currency pair එකක currencies 2ක් තියෙන නිසා.)

ඔයාලට පේනවා නේද, වැඩිම ඉල්ලුමක් තියෙන්නේ USD වලට. Forex Market එකේ සිදුවෙන transactions වලින් 84.9% කටම USD සම්බන්ධයි.


International Monetary Fund (IMF) එක කියන විදිහට ලෝකයේ Foreign Exchange Reserves වල 62%ක්ම තියෙන්නේ USD. හැම දෙනාම වගේ USD වල price එක ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.

USD මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතු කීපයක් තියෙනවා.

- ලෝකයේ ලොකුම Economy එක තියෙන රට United States of America වීම
- ලෝකයේ ගොඩක් රටවල් වල Money reserve වල USD තිබීම
- USA වල ලෝකයේ liquidම Financial Markets තිබීම
- USA වල ස්ථාවර දේශපාලන ක්‍රමයක් තිබීම
- USA යුධමය වශයෙන් ඉතාමත් ප්‍රබල ස්ථානයක සිටීම
- USD මූල්‍ය හුවමාරු මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම. (උදා. Mexicoවට Saudi Arabia වලින් තෙල් ගන්න ඕනෙ නම්, එයාලට ගෙවන්න වෙන්නේ USD වලින්. Mexico වල USD නැතිනම් ඉස්සෙල්ලා එයාලා එයාලගේ සල්ලි USD වලට මාරු කරන්න වෙනවා.)

තවත් ඔයාලා දැනගෙන ඉන්න ඕනෙ දෙයක් තමයි. Forex Market එකේ transaction වලින් 90%ක් ම වෙන්නේ ලාභ ලබන්න Buy හෝ Sell කරන traders ලා අතින්. ඒ කියන්නේ අපි වගේ tradersලා. අනිත් 10% තමන්ගේ අවශ්‍යතා සඳහා මුදල් මාරු කරන අය. (උදාහරණයක් වශයෙන් විදේශ ගතවීමට යන අය අදාල රටේ මුදල් ලබා ගැනීම.)


90%ක්ම ලාභ ලබන්න බලාගෙන currencies Buy හා Sell කරන එක අපිට ලොකු වාසියක්. මොකද අපිට ඕනෙම වෙලාවක Currencies, Buy හෝ Sell කරන්න පුළුවන්. මේකට තමයි liquidity කියලා කියන්නේ. Forex Market එකේ liquidity එක අනිත් Markets වලට වඩා ගොඩක් වැඩී. ඒ නිසා අපිට currency ලොකු ගණන් trade කරන්න පුළුවන් price එකේ ලොකු වෙනසක් වෙන්නේ නැතුව.

ඔයාලට මම කියපු දේවල් පැහැදිලිද? මෙහෙම හිතන්න, ඔයාට මොනා හරි දෙයක් ගන්න ඕනේ, හැබැයි ඒ දේ ගන්න කවුරු හරි ඒ දෙය ඔයාට දෙන්න ඕනෙ නේද? දැන් අපි Metatrader එකේ Buy order එකක් කරද්දී Forex Market එකේ කවුරු හරි Sell කරන එකක් තමයි අපි Buy කරන්නේ. Broker කරන්නේ අපිට අවශ්‍ය currency ගණන, විකුණන කෙනාගෙන් අරගෙන අපිට දෙන එක. ඉතින් හිතන්න අපිට ඕනෙම වෙලාවක currency Buy, Sell කරන්න පුළුවන් කියන්නේ හැමවෙලේම කවුරු හරි Buy හෝ Sell කරන නිසා නේද?

හැබැයි හැම Currency pair එකක්ම හැම වෙලේම liquid ද? නෑ. එක් එක Currency pairs වල liquidity එක වැඩිවෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් දැනගෙන හිටියොත් profit හොයන්න ලේසී. ඒවා ගැන ඉදිරි පාඩමෙන් මම කියලා දෙනවා.

අනිත් දේ තමයි Forex Market එකේ trade කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.

- Spot Forex
- Futures
- Options
- Exchange-traded Funds

ආදී වශයෙන්. මේවගෙන් අපි කරන ක්‍රමයට කියන්නේ Spot Forex කියලා. එහෙනම් අපි මිළඟ පාඩමෙන් හමුවෙමු.



No comments:

Post a Comment