Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Saturday, March 12, 2011

21. Account Balance, Equity, Margin, Free margin හා Margin level - (Money management Lesson - 1)

අද අපි කරන්න යන්නේ තවත් ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම කෙලින්ම සම්බන්ද වෙන්නේ Money management එහෙමත් නැතිනම් අපි කොහොමද Forex වලදී අපේ මුදල් පාලනය  කරන්නේ කියන පාඩමට. Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වෙනවද නැද්ද කියන එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ Money management කියන්නේ.

අපි trade එකක් open කරලම වැඩේ පටන්ගමු. ඔයාලගේ Metatrader එකේ open කරපු trades තියෙනවා නම්, ආයෙත් trades open කරන්න අවශ්‍ය නෑ. හැබැයි trades 1කට වඩා open කරලා තියෙනවා නම් එක trade එකක් විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔයාලා පාවිච්චි කරන Strategy එකේ rules වලට අදාලව close කරන්න. එක trade එකක් විතරක් ඉතුරු කරගන්න කිව්වේ එතකොට ගණන් හදාගන්න ලේසි හින්දා.

දැන් ඉතින් ඔයාලට trades open කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාලට පුළුවන් trade එකක් open කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න.

Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell ඔයාලා අදාල විදිහට කරන්න. ඊට පස්සේ කෙලින්ම බලන්න Chart එකට පහලින් තියෙන Terminal කියන කො‍ටුවේ Trade කියන tab එක.





අපිට පැහැදිලිව බලන්න පුළුවන් ආකාරයට මම මේ රූපසටහන කොටස් 2කට පහලින් දක්වලා තියෙනවා.




Balance කියන්නේ මොකක්ද කියලා ඔයාලට පේනවා ඇති. Balance කියලා කියන්නේ අපේ account එකේ දැනට තියෙන balance එක. හැබැයි මතක තියාගන්න අපි දැනට open කරලා තියෙන order එක මේකට ඇතුලත් වෙලා නෑ. ඒ order එක close කලාම තමයි Balance එක update වෙන්නේ. මගේ රූපසටහනේ විදිහට නම් මගේ balance එක USD 3007.00.

Equity කියන්නේ මොකක්ද? Equity කියන්නේ අපි දැන් කරගෙන යන trade එකේ profit හෝ loss එකත් ඇතුලත්ව අපේ account balance එක. අපි බලමු ඒක එහෙමද කියලා. මගේ balance එක 3007.00, මම දැනට කරගෙන යන trade එකේ profit එක -19.00 (ඒ කියන්නේ loss එකක්). අපි ඒ දෙක එකතු කරලා බලමු.

Equity = Balance + (Profit or loss)
= 3007.00 + (-19.00)
= 3007.00 - 19.00
= 2988.00

උත්තරේ රූපසටහනේ තියෙන ගණනත් එක්ක ගැලපෙනවා නේද? එහෙනම් ඒකත් හරි.

ඊළඟට අපි බලමු Margin කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මතකද දන්නේ නෑ මම කලින් පාඩම් වල ගණන් හදද්දී කිව්වා අපි trade එකක් open කලාම broker අපේ account එකෙන් ගානක් අඩුකරගන්නවා කියලා. මම කිව්වා ඒ මුදල අපිට ආපහු හම්බවෙන්නේ trade එක close කලාම කියලත්. මේ Margin කියලා කියන්නේ අන්න ඒ broker අපේ account එකෙන් අඩුකරගන්න ගණන (හරියට deposit එකක් ගන්නවා වගේ). අපි දන්නවනේ අපි Buy හෝ Sell කලේ EUR/USD, Lot 0.1 කියලා. ඒ වගේම අපි Buy හෝ Sell කරපු price එකයි, Broker අපිට දෙන leverage එකයි දන්නවා නම් broker අපෙන් අඩුකරගන්න ගණන එහෙමත් නැතිනම් Margin එක අපිට ගණනය කරන්න පුළුවන් නේද? අපි අපේ demo account එක open කරද්දී මතකද අපි දුන්න Leverage එක 100:1 කියලා. එහෙනම් අපිට අවශ්‍ය දත්ත ඔක්කොම තියෙනවනේ අපි ගණන හදලා බලමු. (මම ගණන හදන්නේ රූපසටහනේ තියෙන දත්ත පාවිච්චි කරලා, ඔයාල කැමති නම් පහල උදාහරණය බලලා, ඊට පස්සේ ඔයාලගේ account එකේ තියෙන data බලලා ගණන හදලා බලන්න.)

Sell order කල price එක = 1.3791 (රූපසටහන බලන්න.)
Currency  ප්‍රමාණය = 0.1 Lots = 10,000
අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
= 13,791
Leverage එක 100:1 නිසා = 13,791 / 100
= 137.91

ඒ කියන්නේ අපේ account එකෙන් Margin එක විදිහට USD 137.91ක් අඩුවෙන්න ඕනේ. අපි බලමු රූපසටහනේ විදිහට, Margin එක විදිහට කීයක් අඩුවෙලා ද කියලා. මාර සීන් එකනේ Margin එක විදිහට අඩුවෙලා තියෙන්නේ USD 34.48 නේ. ඒ කියන්නේ අපේ ගණන් හදපු විදිහ වැරදිද? නෑ, මෙතන වෙලා තියෙනේ Broker අපිට පොරොන්දු වුන ගණනට වඩා වැඩි ගණනක Leverage එකක් ලබා දීලා තියෙන එක. සමහර වෙලාවට Brokerලා එහෙම වැඩ කරනවා. එහෙම කරද්දී අපි අර කලින් දීපු Leverage එක 100:1 කියන එක broker අපිට ලබාදෙන අවම Leverage එක විදිහට තියාගන්නවා. දැන් අපි ගණන් හදලා බලමු broker අපිට කොච්චර Leverage එකක් දීලා තියෙනවද කියලා.

අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
= 13,791
අපේ Margin එක = 34.48
Leverage එක = 13,791 / 34.48
= 399.97

ඒ කියන්නේ Broker අපිට 400:1 Leverage එකක් ලබාදීලා කියන එක.

තවදෙයක් කියන්න ඕනේ, අපි trades එකකට වඩා open කරලා තියෙනවා නම් Margin එකෙන් පෙන්වන්නේ ඒ trades ඔක්කොටම අපේ account එකෙන් කීයක් අඩුකරලාද කියන එක.

සමහර Brokersලා ඉන්නවා එයාලා අපිට ලබාදෙනවා Floating Leverage කියලා එකක්. ඒ කියන්නේ අපේ Leverage එකක් අපි trade කරන Lots ගණනත් එක්ක වෙනස් වෙනවා. අපිට දැනට මේ ගැන එච්චර හිතන්න දෙයක් නෑ. මොකද ඊට වඩා වැදගත් දේවල් ගොඩාක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ මම කියලා දීපු ටිකේ මොනාහරි  ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

Free margin, මේකත් එච්චර අමාරු එකක් නෙවෙයි. Free margin, කියලා කියන්නේ Equity එකෙන් Margin එක අඩු කලාම එන ගණනට. මේ ගණනින් කියන්නේ අපිට තව කොච්චර සල්ලි තියෙනවද trades open කරන්න කියන එක. අපි ඒ ගණනත් හදලා බලමු රූපසටහනේ තියෙන උත්තරය එනවද කියලා.

Free margin = Equity - Margin
= 2988.00 - 34.48
   = 2953.52

උත්තර 2කම ගැලපෙනවා නේද? එහෙනම් අපි බලමු Margin level කියන්නේ මොකක්ද කියලා.

Margin Level එක ගණනය කරන්නේ පහත දැක්වෙන සූත්‍රයෙන්, ඒ වගේම Margin level එක පෙන්වන්නේ ප්‍රතිශතයක් විදිහට.

Margin level = (Equity / Margin) X 100

අපි ගණන හදලා බලමු රූපසටහනේ ගණනට ගැලපෙනවද කියලා.

Margin level = (2988.00 / 34.48) X 100
=  8665.89%

රූපසටහනේ උත්තරය 8666.52% නේද? උත්තර 2කේ පොඩි වෙනසක් තියෙනවා නේද? මේකට හේතුව තමයි Metatrader එක මේ ගණන හදන්නේ මීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට. අපි ඒ විදිහටත් හදලා බලමුකෝ.

Margin level = (2988.00 / (13,791/400)) X 100

(මෙතන 13,791 කියන්නේ EUR Mini-lot එක ගන්න යන USD ගණන. 400 කියන්නේ Leverage එක.)

= (2988.00 / 34.4775) X 100
= 8666.52%

දැන් උත්තරේ හරියටම ආවා නේද? දැන් Margin Level එක හැදෙන හැටි ඔයාලා දැන ගත්තනේ. අපි බලමු Margin Level එකෙන් අපිට කියන්නේ මොනාද කියලා.

Forex වලදී අපිට කවදාවත් brokerට අතින් ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. හිතන්න අපි USD 3000ක් දාලා Forex real account එකක් open කරනවා. ඊට පස්සේ අපි trade එකක් open කරනවා (Buy හෝ Sell). හිතන්න ඒ trade එක loss එකක් වෙලා ටිකින් ටික ඒ loss එක වැඩිවෙනවා. කොහොම හරි අපිටත් එක එක වැඩ නිසා trade එක දිහා බලන්න හම්බවෙන්නේ නෑ. කොහොම හරි trade එකේ loss එක දැන් USD 2500යි. තවදුරටත් trade එක loss වේගන යනවා. හැබැයි මේ trade එකේ loss එක කවදාවත් USD 3000ට වඩා වැඩිවෙන්නේ නෑ. මොකද broker ගේ තියෙන software එකක් හැමවෙලේම අපේ Margin Level එක දිහා බලාගෙන ඉන්නේ. Margin level එක එක්තරා සීමාවකට වඩා අඩුවුන ගමන් broker අපේ trades close කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන්, අපි trades එකකට වඩා open කරලා තියෙනවා නම්, ඉස්සෙල්ලාම වැඩිම loss එක තියෙන trade ඉඳන් තමයි trades close කරන්නේ.

මම කිව්වනේ Margin Level එක එක්තරා සීමාවකට වඩා අඩුවුනාම මේක වෙන්නේ කියලා. ඒ සීමාවට කියන්නේ Margin Call කියලා. මේක පෙන්වන්නේ ප්‍රතිශතයක් විදිහට සාමාන්‍යයෙන් 100% තමයි ඒ සීමාව. ඒ කියන්නේ අපේ account එකේ Margin level එක 100% වඩා අඩුවෙන්න ගියොත් broker automatically අපේ trades close කරනවා. මෙහෙම වෙනවට කියන්නේ Margin call එකක් ලැබිලා කියලා. හැබැයි දැන් සමහර brokerලාගේ මේ වගේ සීමාවන් 2ක් තියෙනවා එකක් Margin Call කියලා අනිත් එක Stop out level කියලා. එහෙම Levels 2ක් දීලා තියෙනවා නම් එතනදී Margin Call කියන සීමාවෙදි broker අපිට warning එකක් දෙනවා අපේ trades close වෙන්න ලඟයි කියලා. අපි ඒකත් ගනන් ගන්නේ නැතුව හිටියොත් Stop out level කියන සීමාවට ආපු ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.

උදාහරණයක් විදිහට Margin Call එක 30% හා Stop out level එක 20% නම්, අපේ Margin Level එක 30% වුනාම අපිට broker ගෙන warning එකක් එනවා.  අපේ Margin Level එක 20% වෙච්ච ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.

සමහර broker ලා දෙන්නේ Margin Call කියන සීමාව විතරයි. ඒ කියන්නේ එතන අදහස Margin Call එකයි Stop out level කියන එකයි 2කම එකයි කියන එක.  උදාහරණයක් විදිහට broker කෙනෙක් කිව්වොත් Margin Call එක 50% කියලා. ඒකේ අදහස Stop out level  එකත් 50% කියන එක. ඒ කියන්නේ අපේ Margin Level එක 50% වෙච්ච ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.

මේ කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. කලින් තාරක අහල තිබුනු ප්‍රශ්නයටත් පිළිතුර මෙතන තියෙනවා.

අපි නිවැරදි විදිහට මුදල් පාලනය (Money management) කරනවා නම් අපිට කවදාවත් Margin Call එකක් කොහොමටවත් එන්නේ නෑ. ඒ නිසා මම Margin Call හා Stop out level 100% තියෙද්දී හා ඊට වඩා අඩුවෙන් තියෙද්දී තිබෙන වාසි හා අවාසි ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද අපි කවදාවත් Margin Call එකක් එන අහලකටවත් යන්න හිතන්නවත් හොඳ නැති නිසා. හැබැයි මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

No comments:

Post a Comment