Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, January 27, 2012

30. Risk Reward ratio (Money management Lesson - 3)


කලින් post එකෙන් මම කිව්වනේ ඔයාලා කැමති Moeny management ද Indicators ද කියලා කියන්න කියලා. කීපදෙනෙක්ම comments දාලා තිබුනා. හැබැයි මම හිතුවේ මීට වඩා feedback එකක් තියෙයි කියලා. කොහොම වුනත් comments දාපු ඔක්කොගෙම වගේ ඉල්ලීම වුනේ Money management. බොහොම හොඳ තේරීමක්, ඒ ඇයි කියලා මේ post එක ඉවර වෙද්දී ඔයාලට තේරුම් යයි.

Forex වලට ආධුනිකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?" කියන එක. මේක Forex අළුතින්ම ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සේ Forex trade කරන අයටත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තමයි එයාලා එක එක ජාතියේ indicators පාවිච්චි කර කර, සාර්ථක trading strategy එකක් හදාගන්න උත්සාහ කරන්නේ. එක indicator එකක් කාලයක් වැඩ කරනවා, ඊට පස්සේ ඒකෙන් එක දිගට trades කීපයක් loss වුනාම තවත් indicator එකකට මාරු වෙනවා. ඒකත් හරියන්නේ නැතිනම් indicators කීපයක් පාවිච්චි කරන trading strategy හදාගන්නවා. ඔය විදිහට ගොඩක් tradesලා Moving averages, Fibonacci retracement, Bollinger bands, MACD, RSI, Elliot Waves, Heiken Ashi, Parabolic SAR, Pivots points වගේ මෙකී නොකී indicators බර ගාණක් අතරේ අතරමං වෙනවා. (Indicators නම් වලට බයවෙන්න එපා, ඉදිරියේදී අපි ඒවා ගැන කතා කරනවා.) සමහර අයගේ charts flight එකක cockpit එකක් වගේ, දැක්කම බයත් හිතෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ trading strategy එක තමයි Forex වලින් සාර්ථක වෙන්න අවශ්‍ය ලොකුම දේ කියලා. සාර්ථක trading strategy එකක් අවශ්‍යයි, හැබැයි ඒක එක කොටසක් විතරයි.

Wednesday, January 18, 2012

29. Forex news release කරන වේලාවන්


මම ඔයගොල්ලන්ට පොරොන්දු වුනානේ සතියකට එක post එක ගානේ දාන්නම් කියලා. ඉතින් මම කොහොම හරි උත්සාහ කරනවා අඩුම ගානේ සතියකට එක post එකක්වත් දාන්න. අපි ගිය සතියේ forex trade කල යුතු වෙලාවල් ගැන දළ වශයෙන් කථා කලානේ. අද අපි බලමු Forex news trading කියන්නේ මොකක්ද කියලා.

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් stock market එකේ යම් කිසි company එකක කොටස් වල මිල ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ කොහොමද කියලා? Stock market එකේ ඉන්න අය ඒ ගැන අනුමාන කරන්නේ ඒ ඒ company වල performance බලලා. ඒ බලන කරුණු මොනාද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ, එහෙම කරොත් මේක forex lesson එකක් නෙවෙයි Economics lesson එකක් වෙනවා. (Stock market එක වැඩ කරන විදිහ ගැන අවබෝධයක් නැති අය කලබල වෙන්න ඕනේ නෑ, Forex trade කරන්න stock market එක ගැන ඉගෙන ගෙන තියෙන්න අවශ්‍ය නෑ.) අපි forex market එක ගැනත් ඒ විදිහට හිතුවොත් අපි රටක currency එකක වටිනාකම අඩුවෙයිද, වැඩිවෙයිද කියලා අනුමාන කරන්නේ කොහොමද? ඔයාලා හිතුවා නම් ඒ ඒ රටේ economy එක බලලා කියලා, ඒක තමයි හරි උත්තරය. මේ විදිහට ඒ ඒ රටවල් වල economy එක අධ්‍යනය කරන එකට කියන්නේ Fundamental analysis කියලා. Fundamental analysis කියලා කියන්නේ සාමන්‍යයෙන් forex traders ලා trading කරද්දී market එක කොයි පැත්තට යයිද කියලා අනුමාන කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම 2න් එකක්. අනිත් ක්‍රමයට කියන්නේ Technical analysis කියලා. Technical analysis වලදී ප්‍රධාන වශයෙන් අපි අධ්‍යනය කරන්නේ Charts ගැන. Indicators එහෙම 500ක් (500ක් කිව්වට 500ක්ම නෙවෙයි :) )විතර පාවිච්චි කරලා trade කරන එකට තමයි technical analysis කියලා කියන්නේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති ඔයාලා මෙච්චර කල් trade කරලා තියෙන්නේ technical analysis පාවිච්චි කරලා කියලා.

Wednesday, January 11, 2012

28. Forex trade කල යුතු වේලාවන්


හැමෝටම ලැබුවා වූ නව අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ forex වලින් ජයම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. Blog එකටත් දැන් අවුරුද්දක් වෙනවා. කලින් අවුරුද්දට වඩා හොඳට blog එක කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාලා මට හොඳ සහයෝගයක් ලබාදෙයි කියලා. CPC Daily, Ruvinda, nuwan chandrasiri (නම් නොකිය වුනු කෙනෙක් ඉන්නවා නම් තරහා වෙන්න එපා.) හා අනිකුත් නම් නොකියවුනු සහෝදර සහෝදිරියෝ මට ලබාදුන් සහයෝගය මම ඉහලින්ම අගය කරනවා. එහෙනම් අපි කෙලින්ම අද පාඩමට බහිමු. 

Thursday, November 17, 2011

27. Forex trader types

ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතු‍ටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account  500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.

Sunday, October 23, 2011

අළුත් Post එකක් ඉක්මනටම

ඉස්සෙල්ලාම මම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඔයාලාට මෙච්චර කල් බලන් ඉන්න වුනාට. මගේ කලින් post එකට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තිබුනා. Blog එක මම නවත්වන්නේ නෑ. ඇත්තටම මට post කරන්න බැරිවුනේ වැඩ අධික වෙච්ච නිසා. මම දැන් අළුත් post එකක් ලියන්න පටන් අරන් තියෙන්නේ ඉක්මනටම ඒක upload කරන්නම්. ඔයාලා හැමෝටම ජයවේවා!

Friday, August 12, 2011

ප්‍රමාදය ගැන මාගේ බලවත් කණගා‍ටුව

සෑහෙන කාලෙකින් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහා වෙන්න එපා. නහය ගාවටම වැඩ. ඒවත් එක්ක post එකක් කරන්න වෙලාව හදාගන්න බැරි වුනා. මට තව සති 2ක් දෙන්න. ඊට පස්සේ මම අඩුම ගානේ සතියට එක පාරක්වත් post එකක් කරන්නම්. හරියට money management ගැන කියලා දෙනකම් අළුතින් Forex ඉගෙන ගන්න අය real accounts open කරන්න එපා. ආ තවදෙයක් කියන්න ඕනේ, රවී කියලා කෙනෙක් මේ blog එක නවත්වන්න පුදුම උත්සාහයක නිරත වෙනවා. 25 වෙනි post එකේ එයා comments දෙක තුනක් දාලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔය වගේ comments ගනන් ගන්නේ නෑ. හැබැයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත මේ blog එක නවතිනවට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම blog එක නවත්වන්නම්. මේ ගැන ඔයාලගේ අදහස් දක්වනවා නම් මම කැමති. එහෙනම් ඔයාලා  හැමෝටම ජයවේවා!

Thursday, June 30, 2011

26. Stop Loss එකේ වැදගත්කම (Money management lesson - 2)

ඔයාලට දැන් SL එකක් හා TP එකක් දාන හැටි හොඳට පුරුදු ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම අහන්න. මට කලින් පාඩමේදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම හිතුවේ තව පොඩි post එකක් දාන්න ඕනේ කියලා.

සමහර tradersලා ඉන්නවා එයාලා SL එකක් එයාලගේ trades වලට දාන්නේ නෑ. එයාලා එහෙම දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට එයාලා trade එකක් open කලාම එයාලා computer එක ගාව ඉඳලා trade එක දිහා බලාගෙන ඉඳලා එයාලට ඕන price එකට ආවාම trade එක close කරන නිසා. ඒ කියන්නේ trade එක හරි පැත්තට යනවා නම් එයාලට අවශ්‍ය Pips ගණන ලැබුනාම එහෙමත් නැතිනම් trade එක වැරදි පැත්තට යනවා නම්, එයාලා trade එක close කරන්න හිතාගෙන ඉන්න price එකට ආවාම trade එක close කරනවා.