Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, March 28, 2011

22. තිත්ත ඇත්ත

මට සති 2කට වැඩි කාලයක් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහාවෙලාද මන්දා? තරහා වෙන්න එපා, සමහර වෙලාවට ටිකක් පරක්කු වුනාට blog එක දිගටම යනවා.

අද මම තරමක් වෙනස් දෙයක් ගැන කතා කරන්න යන්නේ. මේක මම දැන්ම කරන්න හිටපු post එකක් නෙවෙයි හැබැයි බොහෝ දෙනෙක් දිගටම real account එකක් open කරන්නේ කොහොමද කියලා අහන නිසාත් මගේ blog එක කියවන සහෝදරයෙකුගේ comment එකක් නිසාත් මට හිතුනා අද මම කතාකරන්න යන මාතෘකාව කතාකල යුතුමයි කියලා.

Saturday, March 12, 2011

21. Account Balance, Equity, Margin, Free margin හා Margin level - (Money management Lesson - 1)

අද අපි කරන්න යන්නේ තවත් ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම කෙලින්ම සම්බන්ද වෙන්නේ Money management එහෙමත් නැතිනම් අපි කොහොමද Forex වලදී අපේ මුදල් පාලනය  කරන්නේ කියන පාඩමට. Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වෙනවද නැද්ද කියන එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ Money management කියන්නේ.

අපි trade එකක් open කරලම වැඩේ පටන්ගමු. ඔයාලගේ Metatrader එකේ open කරපු trades තියෙනවා නම්, ආයෙත් trades open කරන්න අවශ්‍ය නෑ. හැබැයි trades 1කට වඩා open කරලා තියෙනවා නම් එක trade එකක් විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔයාලා පාවිච්චි කරන Strategy එකේ rules වලට අදාලව close කරන්න. එක trade එකක් විතරක් ඉතුරු කරගන්න කිව්වේ එතකොට ගණන් හදාගන්න ලේසි හින්දා.

දැන් ඉතින් ඔයාලට trades open කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාලට පුළුවන් trade එකක් open කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න.

Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell ඔයාලා අදාල විදිහට කරන්න. ඊට පස්සේ කෙලින්ම බලන්න Chart එකට පහලින් තියෙන Terminal කියන කො‍ටුවේ Trade කියන tab එක.


Wednesday, March 9, 2011

20. Forex අනිකුත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක ඇයි?

අපි අද බලමු Forex අනිත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක වෙන්නේ කොහොමද කියලා.

- No commissions, Low transaction cost
Forex market එකේදී අපි broker ලට commissions හෝ වෙන මොනවත් ගාස්තු ගෙවන්න වෙන්නේ නෑ. අපි ගෙවන එකම ගාන තමයි අපි open කරන trade එකේ spread එක. මතකනේ Spread එක, Bid හා Ask price අතර වෙනස.

Monday, March 7, 2011

19. Forex ගැන තව ටිකක් ඉගෙන ගමු.

මම මේ Forex blog එක කරගෙන ගියේ සාමාන්‍යයෙන් ගොඩක් Forex sites කරනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ලොකුවට theory කරන්නේ නැතුව practicals පැත්ත තමයි වැඩිපුර කියලා දුන්නේ. දැන් ඔයාලට නිකන් ඉන්න ගමන් කරන්න වැඩකුත් තියෙන නිසා (Trades open කරන්න දන්න නිසා) අද අපි Forex Market එක ගැන විස්තර ටිකක් ඉගෙන ගමු.

දැන් ඔයාල දන්නවනේ Forex කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම Forex වලින් සල්ලි හම්බ කරන හැටි ගැනත් ඔයාලට අවබෝධයක් තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද Forex Market එක තමයි මුළු ලෝකයේම තියෙන ලොකුම Financial Market එක කියලා. Stock Market එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ලෝකයේ තියෙන ලොකුම Stock Market එක තමයි NYSE (New York Stock Exchange) (හරියට ලංකාවේ Colombo Stock Exchange එක වගේ). NYSE එකේ දවසකට $74 Billions මුදල් ගනු දෙනු සිද්ධ වෙනවා. සෑහෙන්න ලොකු ගණනක් නේද? හැබැයි Forex Market එකේ දවසකට $4 Trillion ගනු දෙනු සිද්ධ වෙනවා.

අපි නිකමට බලමු මේ ගණන් දෙක බිංදුත් එක්ක ලියලා.

$74 Billion = 74,000,000,000
$4 Trillion = 4,000,000,000,000

දැන් තේරෙනවා නේද කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා.

Wednesday, March 2, 2011

18. අපේ මුල්ම trade එක කරමු

ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.



Friday, February 25, 2011

17. Candlestick charts - 2

කලින් පාඩමෙන් අපි candlestick charts ගැන පොඩි idea එකක් ගත්තනේ. අද අපි ඒ ඉගෙන ගත්ත දේවල් තවත් ටිකක් ඉස්සරහට අරගෙන යමු. අපි දැන ගන්න ඕනෙ price data වලින් මෙච්චර ලස්සන candlestick chart එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඒක දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න එක. ඔයාලට ඉස්සරහට Forex කරද්දී candlestick charts ගොඩක් අධ්‍යනය කරන්න වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක මම මේ දෙන Exercise එක කරන්න.

ඉස්සෙල්ලම EUR/USD chart එක Metatrader එකට ගන්න. ඊට පස්සේ chart එක maximize කරලා Candlestick charts කියන button එක select කරන්න. දැන් Zoom in button එක 4 පාරක් විතර click කරලා ඔයාලට හොඳට candles පේන ගානට ලොකු කරගන්න. (මේවා කරන්නේ කොහොමද කියලා ඔයාල දැන් දන්නවනේ, මතක නැතිනම් පරණ Blog posts බලන්න) ඊට පස්සේ M5 button එක click කරලා Chart shift කියන button එකත් click කරන්න. දැන් තමයි අමාරු හරිය. බලාගෙන ඉන්න price data එද්දී candles හැදෙන විදිහ. හොඳට ඉවසිල්ලෙන් බලන්න කොහොමද Bull candles හැහෙන්නේ, කොහොමද Bear candles හැදෙන්නේ, ඒ වගේම කොහොමද candle එකේ shadows, body හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න. මේ candles හැදෙන විදිහෙන් අපිට Market එක කොයි පැත්තට යයිද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

දැක්ක නේද හැම විනාඩි 5කටම සැරයක් අළුත් candle එකක් හැදෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති candles හැදෙන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා මතකද candle එකකින් දත්ත 4ක් පෙන්වනවා කියලා. ඒ දත්ත 4 තමයි පහත රූපසටහනේ දැක්වෙන්නේ. ඒ දත්ත M5 chart එකට අදාලව තමයි දාලා තියෙන්නේ. හැබැයි chart එක H1 නම් අදාල කාල පරාසය (time period) වෙන්නේ පැයක්. මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න.


Thursday, February 24, 2011

16. Candlestick charts - 1

එහෙනම් අපි Cadlestick charts ගැන ඉගෙන ගන්න පටන් ගමු. ඔයාලට මතකද අපි Metatrader එක ගැන මුලින්ම කරපු post එකේ එක් එක් currency pairs වලට අදාල tick charts බැලුවා. ඒක හරියට Line chart එකක් වගේ නේද?


හැබැයි මේ chart එකෙන් අපිට Currency pairs එකේ price movement එක ගැන වැඩි අදහසක් ගන්න බෑ. මොකද මේක data එන එන පාරට points හැදිලා chart එක හැදෙන නිසා. ඒ නිසා Forex tradersලා මේ price data තේරුම් ගැනීමේ පහසුව සඳහා හොයාගත්ත එක්තරා chart එකක් තමයි මේ Candlestick chart කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවානේ Candlestick chart එක ගන්න විදිහ.