Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, May 27, 2011

25. Stop Loss හා Take Profit - 2 (Money management Lesson - 2)

කලින් පාඩමෙන් අපි Stop Loss, Take Profit කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තනේ. අද අපි බලමු Metatrader එකේ Stop Loss හා Take Profit කියන අගයන් අපි trade එකක් open කරද්දී දෙන්නේ කොහොමද කියලා.

එහෙනම් Metatrader එක open කරලා EUR/USD M15 chart එක ගන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත Standard colors කියන template එක load කරගන්න. (මේවා කරන හැටි මතක නැතිනම් 17 පාඩම බලන්න.) ඊට පස්සේ Auto scroll කියන button  එක uncheck කරලා Chart shift කියන button එක click කරන්න.



Wednesday, May 18, 2011

24. Stop Loss හා Take Profit - 1 (Money management Lesson - 2)

සෑහෙන කාලෙකට පස්සේ අළුත් post එකක් කරන්නේ. වැඩත් එක්ක post කරන එකත් ලේසි කෙලියක් නෙවෙයි. හරියට post එකක් කරන්න පැය 2-3 වත් යනවා.  හරි අපි කෙලින්ම වැඩේට බහිමු. මම මේ අද කරන්න යන පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. මේකේ කියලා දීලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්.

කලින් පාඩමකින් අපි Margin Level එක ගැන ඉගෙන ගත්තා මතකද? (21 පාඩමින්).  අපි ඒ පාඩමේදී ඉගෙන ගත්තා Margin Call එකක් කියන්නේ මොකක්ද කියලත්. හැබැයි Margin Call එකක් හරියටම ඇතිවෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි මදි කියලා මම හිතනවා. ඒ නිසා අද අපි ඉස්සෙල්ලාම ඒක ගැන පොඩ්ඩක් බලමු.

ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ blog එක බලන සහෝදරයෙක් අහලා තිබ්බා "Forex වල trade එකක් open කරලා ඒ trade එක close කරන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවද කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් නැතිනම්  අපිට කවදාවත් loss එකක් නැතිව trades close කරන්න පුළුවන් නේද?" කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, මොකද අපි trade එක open කරපු ගමන් trade එක loss පැත්තට ගියත් කවදා හරි price එක ආපහු profit පැත්තට එනකම් ඉඳලා අපිට trade එක close කරන්න පුළුවන් නිසා.  මොකද ඔයාලා දන්නවා නේ Forex market එකේ price එක හැමවෙලේම ඉහල පහල යනවා කියලා. මේක මෙහෙම කරන්න පුළුවන් නම් කවුරුත් මේක කරන්නේ නැත්තේ ඇයි? මේකට හේතුව තමයි Margin Call කියන එක. අපි හරියට Money management නොකලොත්, trade එකක් දිගින් දිගටම loss පැත්තට ගියොත් අපිට Margin Call එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Forex account එකේ ඉතිරි වෙන්නේ අපි trade එක open කරද්දී broker අපෙන් ගන්න Margin එක විතරයි. ඉතිරි සල්ලි ටික ඔක්කොම Forex market එකට යනවා. අපි උදාහරණයකින්ම මේක ගැන study කරමු. මේ උදාහරණයේදී Margin call එකක් ලැබෙන Marging Level  එක විදිහට 100% අපි පාවිච්චි කරමු මොකද මේක තමයි ගොඩක් brokersලා Margin call එකක් ලබාදෙන අවස්ථාව.

Thursday, May 5, 2011

අළුත් post එකක් ළඟදීම...

කට්ටිය තරහා වෙන්න එපා blog එක update කරන්න බැරි වුනාට. හොඳටම busy වෙලා හිටියා ඒකයි post කරන්න බැරි වුනේ. Party, dinner, lunch ඉවරයක් නැතුව. හෙටින් පස්සේ ඒවා සැහෙන දුරට ඉවරයි. ඊට පස්සේ වැඩි කරදරයක් නැතුව blog එක කරගෙන යන්න පුළුවන් වෙයි. මාත් එක්ක මෙතෙක් කල් හිටපු, comment කරපු සියලුම සහෝදර සහෝදරියන්ට ස්තූතියි. දිගටම blog එක බලන්න. Forex ඉගෙන ගන්න එක අතහරින්න එපා. ජයවේවා!

Friday, April 1, 2011

23. අළුත් demo account එකක් open කරමු.

මේ post එක අප්‍රේල් පලවෙනිදා මෝඩ joke එකක් කියලා ඔයාලා හිතයිද මන්දා. :) කලින් පාඩමකින් මම කියලා දුන්නානේ කොහොමද demo account එකක් open කරගන්නේ කියලා.  දැන් මෙච්චර දවස් trades open, close කරලා සමහර අයගේ account එකේ සල්ලි බිංදුවටම හිදිලා ඇති. එහෙමත් නැතිනම් සමහර අයගේ accounts වල charts update වෙන්නේ නැතුව "Invalid account" කියලා පෙන්වනවා ඇති.

Monday, March 28, 2011

22. තිත්ත ඇත්ත

මට සති 2කට වැඩි කාලයක් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහාවෙලාද මන්දා? තරහා වෙන්න එපා, සමහර වෙලාවට ටිකක් පරක්කු වුනාට blog එක දිගටම යනවා.

අද මම තරමක් වෙනස් දෙයක් ගැන කතා කරන්න යන්නේ. මේක මම දැන්ම කරන්න හිටපු post එකක් නෙවෙයි හැබැයි බොහෝ දෙනෙක් දිගටම real account එකක් open කරන්නේ කොහොමද කියලා අහන නිසාත් මගේ blog එක කියවන සහෝදරයෙකුගේ comment එකක් නිසාත් මට හිතුනා අද මම කතාකරන්න යන මාතෘකාව කතාකල යුතුමයි කියලා.

Saturday, March 12, 2011

21. Account Balance, Equity, Margin, Free margin හා Margin level - (Money management Lesson - 1)

අද අපි කරන්න යන්නේ තවත් ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම කෙලින්ම සම්බන්ද වෙන්නේ Money management එහෙමත් නැතිනම් අපි කොහොමද Forex වලදී අපේ මුදල් පාලනය  කරන්නේ කියන පාඩමට. Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වෙනවද නැද්ද කියන එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ Money management කියන්නේ.

අපි trade එකක් open කරලම වැඩේ පටන්ගමු. ඔයාලගේ Metatrader එකේ open කරපු trades තියෙනවා නම්, ආයෙත් trades open කරන්න අවශ්‍ය නෑ. හැබැයි trades 1කට වඩා open කරලා තියෙනවා නම් එක trade එකක් විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔයාලා පාවිච්චි කරන Strategy එකේ rules වලට අදාලව close කරන්න. එක trade එකක් විතරක් ඉතුරු කරගන්න කිව්වේ එතකොට ගණන් හදාගන්න ලේසි හින්දා.

දැන් ඉතින් ඔයාලට trades open කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාලට පුළුවන් trade එකක් open කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න.

Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell ඔයාලා අදාල විදිහට කරන්න. ඊට පස්සේ කෙලින්ම බලන්න Chart එකට පහලින් තියෙන Terminal කියන කො‍ටුවේ Trade කියන tab එක.


Wednesday, March 9, 2011

20. Forex අනිකුත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක ඇයි?

අපි අද බලමු Forex අනිත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක වෙන්නේ කොහොමද කියලා.

- No commissions, Low transaction cost
Forex market එකේදී අපි broker ලට commissions හෝ වෙන මොනවත් ගාස්තු ගෙවන්න වෙන්නේ නෑ. අපි ගෙවන එකම ගාන තමයි අපි open කරන trade එකේ spread එක. මතකනේ Spread එක, Bid හා Ask price අතර වෙනස.