හැමෝටම ලැබුවා වූ නව අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ forex වලින් ජයම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. Blog එකටත් දැන් අවුරුද්දක් වෙනවා. කලින් අවුරුද්දට වඩා හොඳට blog එක කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාලා මට හොඳ සහයෝගයක් ලබාදෙයි කියලා. CPC Daily, Ruvinda, nuwan chandrasiri (නම් නොකිය වුනු කෙනෙක් ඉන්නවා නම් තරහා වෙන්න එපා.) හා අනිකුත් නම් නොකියවුනු සහෝදර සහෝදිරියෝ මට ලබාදුන් සහයෝගය මම ඉහලින්ම අගය කරනවා. එහෙනම් අපි කෙලින්ම අද පාඩමට බහිමු.
"Forex වලින් මුදල් සොයමු" Blog අඩවියට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි. Forex යනු අද ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන පහසුවෙන් මුදල් ඉපයිය හැකි මුදල් ආයෝජන ක්රමයකි. නිවැරදි ක්‍රම වේද අනුගමනය කිරීමෙන් Forex මඟින් ඔබට විශාල මුදලක් ඉතාමත් පහසුවෙන් උපයා ගත හැක. මෙම Blog අඩවිය මඟින් ඔබට Forex පිළිබඳව ආධුනිකයෙකු වශයෙන් ඉගෙන ගත යුතු සියලු කරුණු ඔබට සිංහල මධ්‍යයෙන් ම ඉගෙන ගත හැක.
Subscribe
Wednesday, January 11, 2012
Thursday, November 17, 2011
27. Forex trader types
ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතුටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account 500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.
Sunday, October 23, 2011
අළුත් Post එකක් ඉක්මනටම
ඉස්සෙල්ලාම මම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඔයාලාට මෙච්චර කල් බලන් ඉන්න වුනාට. මගේ කලින් post එකට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තිබුනා. Blog එක මම නවත්වන්නේ නෑ. ඇත්තටම මට post කරන්න බැරිවුනේ වැඩ අධික වෙච්ච නිසා. මම දැන් අළුත් post එකක් ලියන්න පටන් අරන් තියෙන්නේ ඉක්මනටම ඒක upload කරන්නම්. ඔයාලා හැමෝටම ජයවේවා!
Friday, August 12, 2011
ප්‍රමාදය ගැන මාගේ බලවත් කණගාටුව
සෑහෙන කාලෙකින් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහා වෙන්න එපා. නහය ගාවටම වැඩ. ඒවත් එක්ක post එකක් කරන්න වෙලාව හදාගන්න බැරි වුනා. මට තව සති 2ක් දෙන්න. ඊට පස්සේ මම අඩුම ගානේ සතියට එක පාරක්වත් post එකක් කරන්නම්. හරියට money management ගැන කියලා දෙනකම් අළුතින් Forex ඉගෙන ගන්න අය real accounts open කරන්න එපා. ආ තවදෙයක් කියන්න ඕනේ, රවී කියලා කෙනෙක් මේ blog එක නවත්වන්න පුදුම උත්සාහයක නිරත වෙනවා. 25 වෙනි post එකේ එයා comments දෙක තුනක් දාලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔය වගේ comments ගනන් ගන්නේ නෑ. හැබැයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත මේ blog එක නවතිනවට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම blog එක නවත්වන්නම්. මේ ගැන ඔයාලගේ අදහස් දක්වනවා නම් මම කැමති. එහෙනම් ඔයාලා හැමෝටම ජයවේවා!
Thursday, June 30, 2011
26. Stop Loss එකේ වැදගත්කම (Money management lesson - 2)
ඔයාලට දැන් SL එකක් හා TP එකක් දාන හැටි හොඳට පුරුදු ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම අහන්න. මට කලින් පාඩමේදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම හිතුවේ තව පොඩි post එකක් දාන්න ඕනේ කියලා.
සමහර tradersලා ඉන්නවා එයාලා SL එකක් එයාලගේ trades වලට දාන්නේ නෑ. එයාලා එහෙම දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට එයාලා trade එකක් open කලාම එයාලා computer එක ගාව ඉඳලා trade එක දිහා බලාගෙන ඉඳලා එයාලට ඕන price එකට ආවාම trade එක close කරන නිසා. ඒ කියන්නේ trade එක හරි පැත්තට යනවා නම් එයාලට අවශ්‍ය Pips ගණන ලැබුනාම එහෙමත් නැතිනම් trade එක වැරදි පැත්තට යනවා නම්, එයාලා trade එක close කරන්න හිතාගෙන ඉන්න price එකට ආවාම trade එක close කරනවා.

Friday, May 27, 2011
25. Stop Loss හා Take Profit - 2 (Money management Lesson - 2)
කලින් පාඩමෙන් අපි Stop Loss, Take Profit කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තනේ. අද අපි බලමු Metatrader එකේ Stop Loss හා Take Profit කියන අගයන් අපි trade එකක් open කරද්දී දෙන්නේ කොහොමද කියලා.
එහෙනම් Metatrader එක open කරලා EUR/USD M15 chart එක ගන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත Standard colors කියන template එක load කරගන්න. (මේවා කරන හැටි මතක නැතිනම් 17 පාඩම බලන්න.) ඊට පස්සේ Auto scroll කියන button එක uncheck කරලා Chart shift කියන button එක click කරන්න.

Wednesday, May 18, 2011
24. Stop Loss හා Take Profit - 1 (Money management Lesson - 2)
සෑහෙන කාලෙකට පස්සේ අළුත් post එකක් කරන්නේ. වැඩත් එක්ක post කරන එකත් ලේසි කෙලියක් නෙවෙයි. හරියට post එකක් කරන්න පැය 2-3 වත් යනවා. හරි අපි කෙලින්ම වැඩේට බහිමු. මම මේ අද කරන්න යන පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. මේකේ කියලා දීලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්.
කලින් පාඩමකින් අපි Margin Level එක ගැන ඉගෙන ගත්තා මතකද? (21 පාඩමින්). අපි ඒ පාඩමේදී ඉගෙන ගත්තා Margin Call එකක් කියන්නේ මොකක්ද කියලත්. හැබැයි Margin Call එකක් හරියටම ඇතිවෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි මදි කියලා මම හිතනවා. ඒ නිසා අද අපි ඉස්සෙල්ලාම ඒක ගැන පොඩ්ඩක් බලමු.
ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ blog එක බලන සහෝදරයෙක් අහලා තිබ්බා "Forex වල trade එකක් open කරලා ඒ trade එක close කරන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවද කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් නැතිනම් අපිට කවදාවත් loss එකක් නැතිව trades close කරන්න පුළුවන් නේද?" කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, මොකද අපි trade එක open කරපු ගමන් trade එක loss පැත්තට ගියත් කවදා හරි price එක ආපහු profit පැත්තට එනකම් ඉඳලා අපිට trade එක close කරන්න පුළුවන් නිසා. මොකද ඔයාලා දන්නවා නේ Forex market එකේ price එක හැමවෙලේම ඉහල පහල යනවා කියලා. මේක මෙහෙම කරන්න පුළුවන් නම් කවුරුත් මේක කරන්නේ නැත්තේ ඇයි? මේකට හේතුව තමයි Margin Call කියන එක. අපි හරියට Money management නොකලොත්, trade එකක් දිගින් දිගටම loss පැත්තට ගියොත් අපිට Margin Call එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Forex account එකේ ඉතිරි වෙන්නේ අපි trade එක open කරද්දී broker අපෙන් ගන්න Margin එක විතරයි. ඉතිරි සල්ලි ටික ඔක්කොම Forex market එකට යනවා. අපි උදාහරණයකින්ම මේක ගැන study කරමු. මේ උදාහරණයේදී Margin call එකක් ලැබෙන Marging Level එක විදිහට 100% අපි පාවිච්චි කරමු මොකද මේක තමයි ගොඩක් brokersලා Margin call එකක් ලබාදෙන අවස්ථාව.

Subscribe to:
Posts (Atom)