Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, January 17, 2011

3. Forex හා Currencies - 2

පහුගිය දවස් වල හොඳටම busy වෙලා හිටියා ඒකයි post කරන්න බැරි වුනේ. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති නොකර කලින් post එකේ ඉතිරි කොටසට යමු.

ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන්
බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ.

රටේ නම
මුදල් වර්ගය
Forexසංකේතය
කෙටි නම
United States of America
Dollar
USD
Buck
Great Britain
Pound
GBP
Cable
European Union
Euro
EUR
Fiber
Japan
Yen
JPY
Yen
Switzerland
Franc
CHF
Swissy
Canada
Dollar
CAD
Loonie
Australia
Dollar
AUD
Aussie
New Zealand
Dollar
NZD
Kiwi






ඉහත දැක්වෙන Table එකේ ඉතාමත් වැදගත් දේ තමයි "Forex සංකේතය" කියන එක. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද කියලා අපි කටපාඩමින් දැනගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා.

දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා.

අපි කලින් post එකකදි ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs.

Major Currency Pairs

Pair
අදාල රටවල්
කෙටි නම
EUR/USD
European Union/United States
Euro Dollar
USD/JPY
United States/Japan
Dollar Yen
GBP/USD
Great Britain/United States
Pound Dollar
USD/CHF
United States/Switzerland
Dollar Swissy හෝ Dollar Franc
USD/CAD
United States/Canada
Dollar Loonie
AUD/USD
United States/Australia
Aussie Dollar
NZD/USD
New Zealand/United States
Kiwi Dollar

ඉහත දැක්වෙන pairs වලට කියන්නේ "Major Currency Pairs" මේකට හේතුව තමයි, මේ හැම pair එකකම ඉස්සරහින් හෝ පස්සෙන් USD තියෙන එක. USD තමයි Forex Market එකේ වැඩියෙන්ම ගනුදෙනු වන මුදල් වර්ගය. පහලින් දැක්වෙන්නේ Forex Market එකේ trade වෙන මුදල් වර්ග ඒවා trade වෙන ප්‍රමාණ ප්‍රතිශත අනුව හදපු Chart එකක්. ඒකෙන් ඔයාලට පෙනෙයි USD වලට කොච්චර demand එකක් තියෙනවද කියලා.

අපි ඉහත කතා කරපු Major Currency Pairs වලට අමතරව Forex Market එකේ trade වෙන තවත් currency pairs තියෙනවා ඒවාට අපි කියන්නේ Minor Currency Pairs හෝ Major Cross-Currency Pairs කියලා. අපි දැන් ඒ මොනාද කියලා බලමු.

Euro Crosses


Pair
අදාල රටවල්
කෙටි නම
EUR/CHF
European Union/Switzerland
Euro Swissy හෝ Euro Franc
EUR/GBP
European Union/Great Britain
Euro Pound
EUR/CAD
European Union/Canada
Euro Loonie
EUR/AUD
European Union/Australia
Euro Aussie
EUR/NZD
European Union/New Zealand
Euro Kiwi


Yen Crosses


Pair
අදාල රටවල්
කෙටි නම
EUR/JPY
European Union/Japan
Euro Yen
GBP/JPY
Great Britain/Japan
Pound Yen
CHF/JPY
Switzerland/Japan
Swissy Yen
CAD/JPY
Canada/Japan
Loonie Yen
AUD/JPY
Australia/Japan
Aussie Yen
NZD/JPY
New Zealand/Japan
Kiwi Yen

මීළඟ ලිපියට.......

No comments:

Post a Comment