Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, January 31, 2011

7. Lots, Margins, Leverage හා Pips - 3


ආ මට කියන්න අමතක වුනා Pip කියන නම හැදුනේ කොහොමද කියලා. Pip කියලා කියන්නේ Price Interest Point කියන එක. කලින් Blog post එකේදි අපි ඉගෙන ගත්තා Pip එකක් කියන්නේ JPY තියෙන Currency pairs වල 2 වැනි දශමස්ථානය හා අනිකුත් Currency pairs වල 4 වැනි දශමස්ථානය කියලා. හැබැයි දැන් ගොඩාක් Broker ලා prices quote කරද්දී JPY pairs දශමස්ථාන 3 කින් හා අනිකුත් Currency pairs වල price එක දශමස්ථාන 5 කිනුත් පෙන්වනවා. මේ 5වැනි (JPY pairs වල 3 වැනි) දශමස්ථානයට කියන්නේ Pipette එකක් කියලා. Pipette එකක් කියන්නේ Pip එකකින් 1/10ක්. උදාහරණයක් ගත්තොත් EUR/USD price එක 1.21506 සිට 1.21507 දක්වා වැඩි වුනා කියන්නේ EUR/USD price එක Pipette 1කින් වැඩි වුනා, එහෙමත් නැත්නම් Pip 0.1කින් වැඩිවුනා කියන එක. මේ Pipette කියන එක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් මොකද ගොඩක් වෙලාවට ආධුනික tradersලා මේක පටලවා ගන්නවා. ඒ ගොල්ලෝ හිතනවා දශමස්ථාන 5ක් තියෙද්දි 5වැනි දශමස්ථනය තමයි Pip එකක් කියන්නේ කියලා. අපි උදාහරණයක් බලමු.

GBP/JPY = 130.573, පැයකට පසු GBP/JPY = 130.568 නම් prices 2ක අතර වෙනස කොපමණද?
වෙනස (Pips ගණන) = 130.568 - 130.573 = -0.005
එම නිසා උත්තරය වෙන්නේ -0.5 Pips හෝ -5 Pipettes

EUR/USD = 1.26157, ටික වේලාවකට පසු EUR/USD = 1.26169 නම් prices 2ක අතර වෙනස කොපමණද?
වෙනස (Pips ගණන) = 1.26169 - 1.26157 = 0.00012
ඒ නිසා උත්තරය වෙන්නේ 1.2 Pips හෝ 12 Pipettes

අපි Forex Market එකේදි බොහෝ දුරට භාවිතා කරන්නේ Pips. Pipettes වැදගත් වෙන්නේ ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා trade කරන ලොකු Forex tradersලාට.

මම හිතනවා දැන් ඔයාලට Lots, Margins, Leverage, Pips හා Pipettes ගැන අවබෝධයක් ඇවිත් ඇති කියලා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් Comments section එක හරහා ඔයාලගෙ ප්‍රශ්න එවන්න.


No comments:

Post a Comment