Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, January 12, 2011

Forex ඉගෙන ගනිමු


"Forex වලින් මුදල් සොයමු" Blog අඩවියට ආපු ඔබලා සියලුම දෙනා මම ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා. Forex කියන්නෙ මේ දවස් වල බොහෝ දෙනෙක්ගෙ (විශේෂයෙන් Internet එකෙන් මුදල් සොයන්න උනන්දු වන අයගෙ) කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්.

බොහෝ දෙනෙක් මේක ගැන දැන ගන්න කැමති වුනාට තේරෙන බාසාවකින් Forex ගැන දැන ගන්න නොහැකි නිසා ලතවෙනවා. ඉංග්‍රීසි තේරෙන සමහර අයත් මේ Forex කොහෙන් පටන් ගන්න ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. මේ Blog එකෙන් මම උත්සහ කරන්නෙ Forex ගැන ඉගෙන ගන්න කැමති අයට ඒක මුල ඉඳන් පිලිවෙලකට සිංහලෙන්ම කියල දෙන්න.





හැබැයි මම මේ ටිකත් කියලම ඉන්න ඕනෙ. Forex කියන්නෙ Highly profitable (ඉතාමත් ලාභදායක) වගේම Highly risky (වැඩි අවධානමක් සහිත) මුදල් ආයෝජන ක්‍රමයක්. ඒ නිසා මේකෙ මූලික කරුණු ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම ඉතාමත් වැදගත්. ඒ කියන්නෙ මම මේ කරුණු ඔයාලට free කියලා දුන්නට ඔයාල මේක සල්ලි ගෙවලා කරන course එකක් කියල හිතාගෙන උනන්දුවෙන් study කරන්න ඕනෙ. එහෙම නැත්නම් වෙන්නේ අපරාදෙ ඔයාලගෙ කාලය හා (සමහර විට) සල්ලි නාස්ති වෙන එක.

මගේ මේ Blog එක Forex ආධුනිකයන්ට පමණක් නෙවෙයි, දැනටමත් Forex ගැන දන්නා හා දැනටමත් Forex වල නියැලී සිටින සහෝදර, සහෝදරියන්ටත් සංවාදයට විවෘතයි. ඉදිරියේ දි මෙම Blog එක හරහා trading strategies (Forex කල හැකි ක්‍රම) කියල දෙන කොට Forex ගැන දන්න සහෝදර, සහෝදරියන්ටත් ඒ සඳහා දායක වෙන්න පුළුවන්. ඒ මඟින් අපේ trading skills තවදුරටත් දියුණු කරගන්න හැකි වෙනවා.

Subscribe කියලා තියෙන කො‍ටුවෙ ඔයාලගෙ E-mail ලිපිනය ඇතුල් කිරීමෙන් ඔයාලට පහසුවෙන්ම අළුතින් පලකරන Blog posts ඔයාලගෙ E-mail ලිපිනයටම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රශ්න, ගැටළු පැන නැගුනෝත් comments section එක හරහා ඒවා ඉදිරිපත් කරලා ඒවාට පිළිතුරු ලබාගන්න පුළුවන්. ඔයාලගෙ යාළුවන්ටත් මේ Blog (http://forexinsinhala.blogspot.com) එක ගැන කියන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි මීළඟ Blog post එකේ ඉඳලා Forex ඉගෙන ගන්න පටන් ගමු.



මෙම ලිපි පෙලේ පළවන ලිපි හෝ ලිපි වල කොටස් මාගේ අවසරයක් නොමැතිව උපුටා පල කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.

No comments:

Post a Comment