Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, February 25, 2011

17. Candlestick charts - 2

කලින් පාඩමෙන් අපි candlestick charts ගැන පොඩි idea එකක් ගත්තනේ. අද අපි ඒ ඉගෙන ගත්ත දේවල් තවත් ටිකක් ඉස්සරහට අරගෙන යමු. අපි දැන ගන්න ඕනෙ price data වලින් මෙච්චර ලස්සන candlestick chart එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඒක දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න එක. ඔයාලට ඉස්සරහට Forex කරද්දී candlestick charts ගොඩක් අධ්‍යනය කරන්න වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක මම මේ දෙන Exercise එක කරන්න.

ඉස්සෙල්ලම EUR/USD chart එක Metatrader එකට ගන්න. ඊට පස්සේ chart එක maximize කරලා Candlestick charts කියන button එක select කරන්න. දැන් Zoom in button එක 4 පාරක් විතර click කරලා ඔයාලට හොඳට candles පේන ගානට ලොකු කරගන්න. (මේවා කරන්නේ කොහොමද කියලා ඔයාල දැන් දන්නවනේ, මතක නැතිනම් පරණ Blog posts බලන්න) ඊට පස්සේ M5 button එක click කරලා Chart shift කියන button එකත් click කරන්න. දැන් තමයි අමාරු හරිය. බලාගෙන ඉන්න price data එද්දී candles හැදෙන විදිහ. හොඳට ඉවසිල්ලෙන් බලන්න කොහොමද Bull candles හැහෙන්නේ, කොහොමද Bear candles හැදෙන්නේ, ඒ වගේම කොහොමද candle එකේ shadows, body හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න. මේ candles හැදෙන විදිහෙන් අපිට Market එක කොයි පැත්තට යයිද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

දැක්ක නේද හැම විනාඩි 5කටම සැරයක් අළුත් candle එකක් හැදෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති candles හැදෙන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා මතකද candle එකකින් දත්ත 4ක් පෙන්වනවා කියලා. ඒ දත්ත 4 තමයි පහත රූපසටහනේ දැක්වෙන්නේ. ඒ දත්ත M5 chart එකට අදාලව තමයි දාලා තියෙන්නේ. හැබැයි chart එක H1 නම් අදාල කාල පරාසය (time period) වෙන්නේ පැයක්. මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න.





දැන් අපි බොහොම interesting වැඩක් කරමු. අපි අපේ Metatrader එකේ candlestick chart එකේ පාට සම්මත විදිහට ඒ කියෙන්නේ Bull candle කොළ පාටටත්, Bear candle රතු පාටටත් පේන විදිහට පාට වෙනස් කරමු.

දැන් මම EUR/USD candlestick chart එක ගන්න කිව්වොත් ඔයාලා දැනගන්න ඕනෙ තියෙන charts ඔක්කොම close කරලා, ඊට පස්සේ EUR/USD chart එක screen එකට අරගෙන, ඒක maximize කරලා, ඊටත් පස්සේ candlestick කියන button එක click කරලා candles හොඳට පේන ගානට ලොකුකරගන්න. මම හිතන්නේ හැමෝම දන්නවා මේක කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති නොකර වැඩේට බහිමු.

දැන් EUR/USD candlestick chart එක ගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරන්න.


දැන් ඒ ආපු Menu එකෙන් Properties කියන එක select කරන්න. (මේ Menu එක keyboard එකේ F8 button එක ඔබලත් ගන්න පුළුවන්).


දැන් ඉස්සෙල්ලම Show grid කියලා තියෙන check box එකේ tick එක අයින් කරන්න. ඊට පස්සේ Show period seperators කියන check box එකට tick එකක් දාන්න. ඒකත් හරි එහෙනම් දැන් මම කහ පාට රවුමකින් සටහන් කරලා තියෙන Colors කියන tab එක click කරන්න.


අපි ප්‍රධාන වශයෙන් වෙනස් කරන්න යන්නේ ඔය රතු පාට කො‍ටුවකින් සටහන් කරලා තියෙන පාට ටික. ඉස්සෙල්ලාම Bar Up කියන එකෙන් පටන් ගමු. Bar Up කියන එකේ පහලට පොඩි ඊතලයක් තියෙන්නේ, ඒක click කරන්න. එතකොට Color Pallet එක එනවා.


දැන් ඒ Color Pallet එකේ පළවැනි row එකේ (rows කියන්නේ හරස් අතට) තියෙන 5වැනි Color එක click කරන්න. ඒක Green කියලා පෙන්වයි. ඔයාලට මොකක් හරි Color එකක නම දැන ගන්න ඕනෙ නම් ටිකක් වෙල Mouse cursor එක ඒ color එක උඩින් තියන් ඉන්න එතකොට ඒ Color එකේ නම නිකම්ම පෙන්වනවා. දැන් Bar Down කියන එකට 5වැනි row එකේ 8වෙනි Color එක එහෙමත් නැතිනම් Red select කරන්න. Bull candle කියන එකට Green, Bear candle කියන එකට Red select කරන්න.


හරි දැන් ඔයාලා ඒ කියපු ඔක්කොම ටික කලා නම් Ok button එක click කරන්න.



කියපු දේවල් ඔක්කොම හරියට කලා නම් ඔයාලගේ chart එක ඉහත රූපසටහනේ දැක්වෙන chart එකට සමාන වෙන්න ඕනෙ.

Chart එකේ සුදුපාට කඩ ඉරි වලින් හැදුනු line කීපයක් තියෙනවා නේද? ඒවාට කියන්නේ Period seperators කියලා. ඒකෙන් පෙන්වන්නේ H1 chart හෝ ඊට අඩු chart වල (M30, M15, M5, M1) නම් අළුත් දවසක ආරම්භය. H4 chart එකේදි නම් අළුත් සතියක ආරම්භය. D1 chart එකේදී අළුත් මාසයක ආරම්භය. W1,MN chart වලදී අළුත් අවුරුද්දක ආරම්භය. මේක තවදුරත් පැහැදිලි කරගන්න ඔයාලා Mouse cursor එක ඒ line එක උඩ තියන candle එකේ close price එක ගාවට අරන් යන්න. (මතකනේ Red candles වල Close price එක තියෙන්නේ පහල, Green candles වල Close price එක තියෙන්නේ උඩින්, පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන් ප්‍රශ්න අහන්න.) ටික වෙලාවක් mouse cursor එක තියාගෙන ඉද්දී screen එකේ විස්තර වගයක් වැටෙනවා නේද? ඒකෙන් අපිට දැන ගන්න පුළුවන් candle එක හැදෙන්න පටන්න ගත්තේ කවදද කියලා.


දැන් chart එක උපරිමයටම Zoom in කරන්න. ඊට පස්සේ chart එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට drag කර කර පරණ data බලන්න. ඔයාලට පෙනෙයි සමහර candles තියෙනවා, ඒකට Body එකක් නෑ ඒකේ color එකත් අපි දාපු එක පාටක්වත් නෙවෙයි ලා කොල පාටක්.


ඒවගේ candles 2ක් තමයි මම සුදුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ candle එකේ open price එකයි, candle එකේ close price එකයි 2කම එකයි. එතකොට ඒක Bull candle එකක් කියන්නත් බෑ Bear candle එකක් කියන්නත් බෑ. මේවගේ candle එකකට අපි කියන්නේ Doji කියලා. මේවගේ එක එක ජාතියේ candles වලට එක එක නම් කියනවා. ඒවා ගැන මම ඉස්සරහදී කියලා දෙනවා. සාමාන්‍යයෙන් Doji එකක් හැදෙන්නේ Buyers හා Sellers අතර කරට කර තරඟයක් තියෙද්දී. ඔයාලා සමහර විට බලයි මොනාද මේ මම කියවන්නේ කියලා. මම මේ ගැන ඉදිරි posts වලදී හොඳට පැහැදිලි කරලා දෙන්නම්.


කොහොම හරි දැන් අපි chart එකේ colors  වෙනස් කරන හැටිත් දන්නවා. හැබැයි වැරදිලාවත් අපි අතින් chart එක close වුනොත් අර කරපු වෙනස්කම් ඔක්කොම කරන්න ඕනෙ ආයෙත් chart අපිට ඕනෙ විදිහට හදාගන්න. මේකටත් පිළියමක් තියෙනවා. අපිට පුළුවන් අපි කරපු වෙනස්කම් template එකක් විදිහට save කරන්න එතකොට අපිට තව chart එකක් මේ විදිහට හදාගන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ template එක load කරන එක විතරයි. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.


දැන් එන sub menu එකෙන් Save template කියන එක select කරන්න. ඊට පස්සේ එන dialog box  එකේ file name කියන එකට "Standard Colors" කියලා දාලා save කියන button එක click කරන්න.


දැන් අපි වෙනසකටත් එක්ක වෙන chart එකක් බලමු. Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරන්න. ඊට පස්සේ USD/CHF එකේ chart එක ගන්න. දැන් chart එකේ වෙන මොකුත් buttons click කරන්නේ නැතුව maximize විතරක් කරගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.


එන sub menu එකේ අපි අර ඉස්සෙල්ලා save කරපු නම (Standard Colors කියන එක) තියෙන්න ඕනෙ. දැන් ඒක උඩ click කරන්න. එතකොට අපි කලින් හදපු විදිහට colors ඔක්කොම වෙනස් වෙලා එනවා නේද? එහෙනම් දැන් ඒකත් ඔයාලා දන්නවා. Templates sub menu එකේ තියෙන අනිත් template names click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. Chart එක, එක එක විදිහට වෙනස් වෙනවා නේද? ඒ වගේම chart එකට ඔයාල කැමති පාට දාලා templates හදලා බලන්න.

තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. හැම වෙලේම candlestick chart එක හැදෙන්න දත්ත විදිහට පාවිච්චි කරන්නේ Currency pair එකේ Bid price එක.


මම ඉහත රූපසටහනේ රතු පාට රවුම් 2කින් සටහන් කරලා තියෙන තැන් 2ක බලන්න එතකොට මම කිව්වදේ ඔයාලට පැහැදිලි වෙයි.



ඉහත රූපසටහන බලන්න. කලින් මම කිව්වනේ ඒවා මොනාද කියලා පැහැදිලි කරලා දෙනවා කියලා. එතන හැම වෙලේම පෙන්වන්නේ දැනට හැදෙමින් පවතින candle එකේ Open price, High price, Low price හා Close price යන විස්තර.

එහෙනම් අද කරපු දේවල් හොඳට study කරන්න. අළුත් post එකකින් හමුවෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් comments section එක හරහා ඉදිරිපත් කරන්න.



No comments:

Post a Comment