Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, September 25, 2012

35. Comments

වැඩි දෙනෙක්ගේ ඉල්ලිම මත comments section එක නැවතත් මම ඇතුලත් කරලා තියෙනවා. ඒක spam කරන්නේ නැතිව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. (Spam දැම්මට වැඩක් නැතිවෙයි.) කලින් තිබුනු සියළුම comments මම අයින් කරලා දැම්මා. මොකද comments 1800 ගාණක් එකින් එක බලන්න මට වෙලාව නැති නිසා. Blog posts වල පැහැදිලි නැති තැන් තියෙනවා නම් නැවතත් අහන්න මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ලබාදෙන්නම්. ජයවේවා!

Monday, September 24, 2012

34. නිහඬතාවයට පසු

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් සමාව අයැද සිටිනවා මාගේ දිගු නිහඬතාවය පිළිබඳව. මගේ නිහඬතාවයට හේතු ගොඩක් තිබුනා. එකක් තමයි අනිකුත් ව්‍යාපාර කටයුතුවල කාර්යබහුල වීම. ඒවගේම පවුලේ වැඩ වලට වැඩි කාලයක් යොදවන්නත් සිදුවුනා. කොහොම හරි post එකක් හිත එක විදිහකට තියාගෙන ලියන්න පුළුවන් තරම් වෙලාවක් හදාගන්න බැරි වුනා. කොහොම වුනත් අන්තිම කාලේ වෙද්දී මම ටිකක් කලකිරිලා හිටියේ. මම මේ blog එක පටන් ගත්තේ කාවවත් රවට්ටලා සල්ලි හොයන්න නෙවෙයි. මම හැමවෙලේම forex market එකේ තියෙන අවධානම ගැන ඔයාලව දැනුවත් කරන්න උත්සාහ කලා. මට ඕන තරම අවස්ථා තිබුනා ඔයාලාව මොකක් හරි broker කෙනෙක්ට refer කරලා ගාණක් කඩා ගන්න. කීදෙනක් මගෙන් අහලා තිබුනද real account එකක් open කරන්න හොඳ broker කව්ද කියලා. මට ඒවගේ දේවල් කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නෑ. කීපදෙනක් මට බොරු චෝදනාත් කලා. ඒවගේම හතු පිපෙන්නා වගේ සිංහල forex blogs ඇතිවෙන්නත් ගත්තා. ඒ ගොඩක් blogs බලපු ගමන් ඒවා කරන අයගේ අරමුණු පැහැදිලි වෙනවා. ඒත් ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වෙලා තිබුනු දේ ඒ blogs වලින් දෙන්න පොරොන්දුවෙලා තිබුනා ඒ තමයි ඉක්මනින් පොහොසත්වීමේ ක්‍රමය. මම හැමවෙලේම අවධාරණය කලා forex කියන්නේ "ඉක්මනින් පොහොසත් වෙන ක්‍රමයක්" නෙවෙයි කියන එක.

කොහොම හරි දැන් මහ බැංකුවෙන් forex වලට සීමා පනවලා කියලා මටත් දැන ගන්න ලැබුනා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද ඒකෙන් හදිස්සියට සල්ලි හොයන්න ගිහින් සල්ලි නැති කරගන්න බහුතරය බලෙන් හරි නවත්තන්න පුළුවන් නිසා. හැබැයි මේකෙන් පාඩු වෙන්නේ ඇත්තටම සංයමයකින් යුතුව forex ඉගෙන ගන්න බලන් ඉන්න කට්ටියට. කොහොම වුනත් forex කියන්නේ හරියට ඉගෙන ගෙන කලොත් අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන්න ගන්න පුළුවන් මුදල් ආයෝජන ක්‍රමයක්. මහ බැංකුව මේවගේ තීරණයක් කරන් තියෙන්නේ තනිකරම forex කඩ කාරයෝ නිසා. එයාලට forex වලින් සල්ලි හොයන්න බැරි නිසා එයාලා මිනිස්සුන්ව හොර brokerලා ගාවට යවලා commission ගත්තා. එයාලට තමයි හොඳම බඩේ පාර වැදුනේ. Forex ඉක්මනින් ඉගෙන ගන්න ගිය අයටත් ඇත්තටම හොඳ දෙයක් වුනේ. දැන් එයාලට හදිස්සිය තිබුනු පලියට real accounts open කරන්න ගිහින් සල්ලි නැති කරගන්න බෑ.

මහ බැංකුව පනවලා තියෙන්නේ මොනවගේ සීමාවන්ද? ඒවා කොහොමද අපිට බලපාන්නේ කියලා මම තවම හරියට අධ්‍යනයක යෙදුනේ නෑ. මට හිතෙනවා ඒකට අපිට පිළියමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මම අදහස් කරන්නේ හොර වැඩ ගැන නෙවෙයි. අපිට පුළුවන් වුනොත් අපිට සාර්ථකව forex trade කරලා ලංකාවට විදේශ විනිමය ගෙනත් දෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න, මහ බැංකුවට අපිට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නෑ. එතකං අපි අපේ trading skills දියුණු කරගන්න demo accounts පාවිච්චි කරමු.

http://www.forexfactory.com/forum.php?s=69cddf5d49e2741df10364608c4ce99b
http://forums.babypips.com/  වගේ forums වලට ගිහින් ඒවාගේ තියෙන trading strategies අත්හදා බලන්න. ඒවගේම මගේ blog එකේ තියෙන money management techniques අත්හදා බලන්න. Demo එක real account එකක් කියලා හිතාගෙන හොඳ discipline එකක් තියාගෙන සාර්ථකව trade කරන්න පුරුදුවෙන්න.

මහ බැංකුවෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව හරියට අවබෝධයක් ලබාගන්නා තුරු මම forex posts දාන්නේ නෑ. අනවශ්‍ය වල්පල් බහුභූත කතාකිරීම නිසා මම comments section එකත් ඉවත් කරනවා. ඔබලා කාට හෝ මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම්  lanka.rom@gmail.com එකට e-mail එකක් එවන්න. එහෙමත් නැතිනම් මගේ facebook page එකට message එකක් දමන්න.

මාත් එක්ක මෙච්චර කල් එකට හිටපු සහෝදර සහෝදරියෝ හිතන්න එපා මම ඔයාලාව අතහැරලා පැනලා යනවා කියලා. අපි මේකට පිළියමක් හොයාගමු. මොන පසුබෑම ආවත් කා ගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්ට විතරයි forex වලින් දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවගේ මිනිසුන් වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජයවේවා!


Friday, April 20, 2012

33. අනං මනං

සියලු දෙනාටම ලැබුවා වු අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!


ඒ වගේම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා blog එක දිගටම update කරන්න බැරිවීම ගැන. Set වෙන එක එක වැඩත් එක්ක පැය 3-4ක් වියදම් කරගෙන blog post එකක් දාන්න වෙලාව හදාගන්න බැරි වුනා. ඒ අස්සේ අහස උසට comments ඇවිල්ලා. මම කලින් හිතපු විදිහට සතියකට එක ගානේ post දාන එකත් ලේසි නෑ වගේ.

අලුත් අවුරුද්දත් එක්ක අලුත්ම වැඩ set එකක් set වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඉඩ ලැබෙන විදිහට blog එක දිගටම කරගෙන යනවා.

Indika Perera කියලා සහෝදරයෙක් තරමක් වෙනස් විදිහකට forex market එක දකින ආකාරය ගැන comments කීපයක් දාලා තියෙනවා. එයා වෙනම blog එකක් හෝ forum එකක් පටන් ගත්තා නම් වඩාත් සාර්ථකව අනිත් අයට එයාගේ දැනුම බෙදා දෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ ලේසිම වැඩේ තමයි එයාට blog එකක් හදන එක. මටත් දෙන්න පුළුවන් support එකක් දෙන්නම්. එතකොට මගේ blog එක update වෙන්න පරක්කු වුනත් කට්ටියට එයාගේ blog එකට ගිහිල්ලා අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

එයා කියලා තියෙනවා එයා USA වල ලොකු markets එක්ක ගනුදෙනු කරන කෙනෙක් කියලා. අපිට ඉතින් ඒකේ ඇත්ත නැත්ත බලන්න බෑ නේ. කොහොම වුනත් මම කියන්න හදන්නේ මේකයි, මම අනිවාර්්‍යයෙන්ම forex ගැන 100%ක් දන්නේ නෑ. එහෙම දැනන් හිටිය නම් සමහර විට මට මේ තරම්වත් වෙලාවක් ඔයාලා වෙනුවෙන් වැය කරන්න බැරිවෙයි. මම තවමත් forex ඉගෙන ගනිමින් සිටිනවා. ඒ වගේම කෙනෙක් හිතනවා නම් මට blog post කීපයකින් forex ගැන සම්පූර්ණයෙන් කියලා දෙන්න පුළුවන් කියලා, ඒක ලොකු විහිලුවක් තමයි. මේ blog එකේ අරමුණ තමයි මම අවුරුදු කීපයක් තිස්සේ දැනගත් දේවල් forex ගැන ඉගෙන ගන්න කැමති අයට කියලා දෙන එක. ඒ කියන්නේ මම හතර වටේ ගිහිල්ලා ඉගෙන ගත්ත වැදගත් දේවල් ඔයාලට එක ස්ථානයකින් තරමක් දුරට හෝ ලැබෙන්න සැලැස්වීම. මේ blog එක කරන එකෙන් මට සත 5ක හෝ මුල්‍යමය ලාභ ප්‍රයෝජනයක් නෑ. තනිකරම ආත්ම තෘප්තිය පමණයි. දැන් කට්ටිය බලයි මොකද මේ මම එකපාරටම වැල් වටාරම් ගොඩක් කියන්න ගත්තේ කියලා. Indika Perera සහෝදරයා එයාගේ comment එක පටන් අරන් තිබ්බ ආකාරයට මට එක පාරටම හිතුනේ මම forex ගැන කිසිම දැනුමක් නැතිව Internet එකෙන් එහෙන් මෙහෙන් අල්ල ගත්ත ඒවා ටිකක් post කරන කෙනක් කියලා කරපු චෝදනාවක් වගේ. (මොනා කරන්නද අපිත් මිනිස්සුනේ). එහෙම දෙයක් නෙවෙයි නම් veryම very sorry.


Indika Perera මහත්මයා කියලා තියෙන සමහර කරුණු වලට මම එකඟයි. ඒත් සමහර කරුණු වලට මම එකඟ නෑ. අනිවාර්්‍යයෙන්ම Forex කියන්නේ බොහෝම ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා කරන්න ඕන සංකීර්ණ විෂයක්. ඒ වගේම ඔහු කියලා තියෙන Emotional factor එක මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තුවෙන සිටින මතෘකාවක්. ඒකයි මම හැම වෙලේම කිව්වේ දැන්ම real accounts open කරන්න එපා කියලා.

ඒත් ඔහු කියන Stock market එක ඉගෙන ගෙන Forex market එක ඉගෙන ගන්න කතාවට මම එකඟ නෑ. ඒක හරියට French language ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉස්සෙල්ලා English language එක ඉගෙන ගෙන ඒක හරහා French language එක ඉගෙන ගන්නවා වගේ. මොනා කිව්වත් ඒ දෙක languages 2ක්. අන්න ඒවගේ තමයි Forex හා Stock market කියන දෙකත්. Stock market එකේ කොච්චර expert කෙනෙක් වුනත් forex market එකට ආවට පස්සේ වෙනමම ඒකට හැඩ ගැහෙන්න ඕනේ. නැතිනම් ඉතින් lossම තමයි. එයා කියන්නේ forex volatility වැඩි නිසා stock market එක ඉස්සෙල්ල study කරන්න කියලානේ. ඒකට තමයි forex වල Daily, Weekly, Monthly වගේ time frames තියෙන්නේ. කොහොමත් ආධුනිකයන්ට කියන්නේ forex ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තුරු Daily වලට වඩා අඩු time frames වලට යන්න එපා කියලා. ඒත් ඉතින් එපා කිව්වට අහනවායැ. යන්නෙම තියෙන අඩුම time frames වලට. ඒ අතින් බැලුවොත් නම් Stock market ගිහිල්ලා ආවොත් හොඳයි කියලා හිතෙනවා එතකොට අඩුගානේ ඉවසීමවත් පුරුදුවෙයි නේ. ඒත් වඩාත් වැදගත් වෙන්නේ අඩු time frames තියෙද්දිත් Daily වගේ time frame එකක trade කරන්න තියෙන discipline  එක. ඒ discipline එක සාර්ථක forex trader කෙනෙක් වෙන්න හේතුවන ප්‍රධාන සාධකයක්.

අනිත් එක තමයි සාර්ථක trader කෙනෙක් වෙන්න forex market එක ගැන හැම අස්සක් මුල්ලක්ම දශමෙටම ඉගෙන ගන්න ඕනේ නෑ. උදාහරණයක් විදිහට හිතන්න අපි එදිනෙදා පාවිච්චි කරන උපකරණ ගැන, අපි වාහන පාවිච්චි කරනවා computer පාවිච්චි කරනවා ඔයවගේ නොයෙකුත් උපකරණ පාවිච්චි කරනවා ඒත් අපි කීයෙන් කීදෙනෙක්ට ඒ උපකරණ වැඩ කරන විදිහ ගැන අවබෝධයක් තියෙනවද? එහෙම අවබෝධයක් තිබුනේ නෑ කියලා ඒ උපකරණ පාවිච්චි කරන්න බැරිවෙලා තියෙනවද? වරදවා වටහා ගන්න එපා මම කියන්නේ නෑ එහෙම ඉගෙන ගන්න එකේ වැ‍රැද්දක් තියෙනවා කියලා. එහෙම ඉගෙන ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා අපි අයෝජයන කරන මුදල් ප්‍රමාණය වැඩිවීමත් සමඟම.


ඒ වගේ Indika Perera මහත්මයා බොහොම හොඳ උදාහරණයක් ගැන කතා කරලා තියෙනවා. එතනදී එයා පැහැදිලි කරලා තියෙන දේවල් ඉතාමත් වැදගත් එයා තරමක් දුරට ලොකු tradersලා හිතන විදිහ ගැන කතා කරලා තියෙනවා. එයා කියලා තියෙනවා B,F,D වලදී trades දාන එක වැරදී කියලා. ඒත් එයා ඇඳලා තියෙන chart එක අනුව ඒ ස්ථාන වල trades දාන එකේ කිසිම වැ‍රැද්දක් නෑ. මොකද ඒ හැම trade එකක්ම profitable වෙලා තියෙන නිසා. එයා කියලා දෙන්න හදන සංකල්පය බොහොම හොඳ එකක් ඒත් එයා ගත්තු උදාහරණය ගැලපෙනවද කියන එක ගැටළුවක්. ඒවගේම ඒ සංකල්පය මතුපිටින් සරල වගේ පෙනුනත් ආධුනිකයෙකුට මේක real account එකක පාවිච්චි කරන එක බොහොම අවධානම්. මොකද market එක අපිට ඕනේ විදිහට වැඩ කරන්නේ නැති නිසා. කාලයක් forex trade කරලා පදම් වෙච්ච tradersලට එයාලා ලබාගන්න fundamental data හා chart study වලින් ලබාගන්නා කරුණු අනුව ඉවෙන් වගේ trade කරන්න පුළුවන් වෙනවා. සමහර විට Indika Perera මහත්මයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුනත් සංකල්පයෙන් එහාට ගිය ප්‍රායෝගිකව පාවිච්චි කරන ක්‍රමයක් ගැන කියලා දෙන්න පුළුවන් නම් වඩාත් වටිනවා.

අපි හොඳ broker කෙනෙක් පාවිච්චි කරනවා නම් අපේ orders fill වෙන එක ගැන බය වෙන්න දෙයක් නෑ. Orders fill වෙන එක ගැන worry වෙන්න තරම සල්ලි තියෙනවා නම් ලේසිම වැඩේ තමයි ඒ සල්ලි බැංකුවේ දාලා පොලියෙන් ජීවත් වෙන එක.

කොහොම වුනත් මම නම් හිතන්නේ Indika Perera මහත්මයා blog එකක් පටන් ගන්න එක හොඳයි. මේ blog එකේ comment කිරීමෙන් ඒක දකින කට්ටිය අඩුයි.

තව ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒත් වෙලාව තමයි හදා ගන්න අමාරු. කොහොම වුනත් ඉක්මනින්ම අලුත් post එකක් දාන්නම්. Comments වලටත් හැකි ඉක්මනින් reply  කරන්නම්. එහෙනම් ඔයාලට ජයවේවා!


Friday, March 9, 2012

32. Risk management - 2 (Money management Lesson -4)


කට්ටියටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ veryම very sorry කියලා. ආයෙමත් වැඩේ පොඩ්ඩක් දෙල් වුනා. හිතපු නැති වැඩ වගයක් එකපාරටම  set වුනා. දැන්වත් වැඩේ පිළිවෙලකට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.  Comments ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම ඒවාට හෙමීට reply කරන්න නම්.

කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ USD quote currency  විදිහට තියෙන currency pairs වලදී අපේ risk එක අනුව  lot size එක ගණනය කරන්නේ කොහොමද කියන එක. අද අපි බලමු USD base currency එක විදිහට තියෙන currency pairs වල හා  USD ඇත්තෙම නැති currency pairs වලදී අපේ lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උදාහරණයකින්ම වැඩේ පටන් ගමු.

Friday, February 10, 2012

31. Risk management (Money management Lesson -4)


අළුත් post එකක් දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. සොරි වෙන්න ඕනේ. කලින් පාඩමේදී අපි කතා කලේ Risk reward ratio එක ගැන. බොහොම සරල සංකල්පයක් හැබැයි හරියට පාවිච්චි කලොත් ගොඩම තමයි. හැබැයි අනිත් හැමදෙයක්ම වගේ Risk reward ratio එකත් කරන්න ඕනේවට කලොත් සාර්ථකත්වය අඩුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න කෙනෙක් හිතනවා R:R එක 1:2 පාවිච්චි කලොත් එයාගේ trading strategy එකත් එක්ක හොඳ profit එකක් හොයන්න පුළුවන් කියලා. නමුත් එයාගේ trading strategy එක අනුව වඩාත් ගැලපෙන්නේ 1:1.5 නම් එයා 1:2 R:R පාවිච්චි කරන එකෙන් එයාට ලැබෙන ලාභය අඩුවෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි පාඩුවෙන්නත් පුළුවන්. 


මම කලිනුත් කිව්වනේ Forex හරියට කරන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා කියලා. ඉතින් තමන්ගේ trading strategy එකට අනුව R:R එක හදාගන්න එකත් එකේ කොටසක්. අනිත් එක තමයි R:R එක හැමවෙලේම එකම අගයක් තියෙන්න ඕනේ නෑ. ඔයාලාගේ trading strategy එක අනුව trade එකෙන් trade එකට R:R අගය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් එක trade එකකට  R:R 1:2 දීලා තවත් trade එකකදී R:R එක 1:1 දෙන්න. හැබැයි මෙහෙම කරන්න ඕනේ market price එක SL වගේ දෙගුණයක් ඉහලයයි කියලා ඔයාලාට හිතෙන්නේ නැති අවස්ථාවලදී. මෙහෙම කරද්දි හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය ඔයාලා පාවිච්චි කරන අවම R:R එකේදී profits හොයන්න අවශ්‍ය ගණන වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඔයාලා 1:1, 1:1.5, 1:2 වගේ R:R කීපයක් පාවිච්චි කලොත් ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය අවම R:R එකේ දී ඒ කියන්නේ මේ උදාහරණයේදී 1:1 වලදී Profitable වෙන්න අවශ්‍ය  55% වෙන්න ඕනේ.

Friday, January 27, 2012

30. Risk Reward ratio (Money management Lesson - 3)


කලින් post එකෙන් මම කිව්වනේ ඔයාලා කැමති Moeny management ද Indicators ද කියලා කියන්න කියලා. කීපදෙනෙක්ම comments දාලා තිබුනා. හැබැයි මම හිතුවේ මීට වඩා feedback එකක් තියෙයි කියලා. කොහොම වුනත් comments දාපු ඔක්කොගෙම වගේ ඉල්ලීම වුනේ Money management. බොහොම හොඳ තේරීමක්, ඒ ඇයි කියලා මේ post එක ඉවර වෙද්දී ඔයාලට තේරුම් යයි.

Forex වලට ආධුනිකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?" කියන එක. මේක Forex අළුතින්ම ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සේ Forex trade කරන අයටත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තමයි එයාලා එක එක ජාතියේ indicators පාවිච්චි කර කර, සාර්ථක trading strategy එකක් හදාගන්න උත්සාහ කරන්නේ. එක indicator එකක් කාලයක් වැඩ කරනවා, ඊට පස්සේ ඒකෙන් එක දිගට trades කීපයක් loss වුනාම තවත් indicator එකකට මාරු වෙනවා. ඒකත් හරියන්නේ නැතිනම් indicators කීපයක් පාවිච්චි කරන trading strategy හදාගන්නවා. ඔය විදිහට ගොඩක් tradesලා Moving averages, Fibonacci retracement, Bollinger bands, MACD, RSI, Elliot Waves, Heiken Ashi, Parabolic SAR, Pivots points වගේ මෙකී නොකී indicators බර ගාණක් අතරේ අතරමං වෙනවා. (Indicators නම් වලට බයවෙන්න එපා, ඉදිරියේදී අපි ඒවා ගැන කතා කරනවා.) සමහර අයගේ charts flight එකක cockpit එකක් වගේ, දැක්කම බයත් හිතෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ trading strategy එක තමයි Forex වලින් සාර්ථක වෙන්න අවශ්‍ය ලොකුම දේ කියලා. සාර්ථක trading strategy එකක් අවශ්‍යයි, හැබැයි ඒක එක කොටසක් විතරයි.

Wednesday, January 18, 2012

29. Forex news release කරන වේලාවන්


මම ඔයගොල්ලන්ට පොරොන්දු වුනානේ සතියකට එක post එක ගානේ දාන්නම් කියලා. ඉතින් මම කොහොම හරි උත්සාහ කරනවා අඩුම ගානේ සතියකට එක post එකක්වත් දාන්න. අපි ගිය සතියේ forex trade කල යුතු වෙලාවල් ගැන දළ වශයෙන් කථා කලානේ. අද අපි බලමු Forex news trading කියන්නේ මොකක්ද කියලා.

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් stock market එකේ යම් කිසි company එකක කොටස් වල මිල ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ කොහොමද කියලා? Stock market එකේ ඉන්න අය ඒ ගැන අනුමාන කරන්නේ ඒ ඒ company වල performance බලලා. ඒ බලන කරුණු මොනාද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ, එහෙම කරොත් මේක forex lesson එකක් නෙවෙයි Economics lesson එකක් වෙනවා. (Stock market එක වැඩ කරන විදිහ ගැන අවබෝධයක් නැති අය කලබල වෙන්න ඕනේ නෑ, Forex trade කරන්න stock market එක ගැන ඉගෙන ගෙන තියෙන්න අවශ්‍ය නෑ.) අපි forex market එක ගැනත් ඒ විදිහට හිතුවොත් අපි රටක currency එකක වටිනාකම අඩුවෙයිද, වැඩිවෙයිද කියලා අනුමාන කරන්නේ කොහොමද? ඔයාලා හිතුවා නම් ඒ ඒ රටේ economy එක බලලා කියලා, ඒක තමයි හරි උත්තරය. මේ විදිහට ඒ ඒ රටවල් වල economy එක අධ්‍යනය කරන එකට කියන්නේ Fundamental analysis කියලා. Fundamental analysis කියලා කියන්නේ සාමන්‍යයෙන් forex traders ලා trading කරද්දී market එක කොයි පැත්තට යයිද කියලා අනුමාන කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම 2න් එකක්. අනිත් ක්‍රමයට කියන්නේ Technical analysis කියලා. Technical analysis වලදී ප්‍රධාන වශයෙන් අපි අධ්‍යනය කරන්නේ Charts ගැන. Indicators එහෙම 500ක් (500ක් කිව්වට 500ක්ම නෙවෙයි :) )විතර පාවිච්චි කරලා trade කරන එකට තමයි technical analysis කියලා කියන්නේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති ඔයාලා මෙච්චර කල් trade කරලා තියෙන්නේ technical analysis පාවිච්චි කරලා කියලා.

Wednesday, January 11, 2012

28. Forex trade කල යුතු වේලාවන්


හැමෝටම ලැබුවා වූ නව අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ forex වලින් ජයම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. Blog එකටත් දැන් අවුරුද්දක් වෙනවා. කලින් අවුරුද්දට වඩා හොඳට blog එක කරගෙන යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මම හිතනවා කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාලා මට හොඳ සහයෝගයක් ලබාදෙයි කියලා. CPC Daily, Ruvinda, nuwan chandrasiri (නම් නොකිය වුනු කෙනෙක් ඉන්නවා නම් තරහා වෙන්න එපා.) හා අනිකුත් නම් නොකියවුනු සහෝදර සහෝදිරියෝ මට ලබාදුන් සහයෝගය මම ඉහලින්ම අගය කරනවා. එහෙනම් අපි කෙලින්ම අද පාඩමට බහිමු. 

Thursday, November 17, 2011

27. Forex trader types

ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතු‍ටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account  500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.

Sunday, October 23, 2011

අළුත් Post එකක් ඉක්මනටම

ඉස්සෙල්ලාම මම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඔයාලාට මෙච්චර කල් බලන් ඉන්න වුනාට. මගේ කලින් post එකට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තිබුනා. Blog එක මම නවත්වන්නේ නෑ. ඇත්තටම මට post කරන්න බැරිවුනේ වැඩ අධික වෙච්ච නිසා. මම දැන් අළුත් post එකක් ලියන්න පටන් අරන් තියෙන්නේ ඉක්මනටම ඒක upload කරන්නම්. ඔයාලා හැමෝටම ජයවේවා!

Friday, August 12, 2011

ප්‍රමාදය ගැන මාගේ බලවත් කණගා‍ටුව

සෑහෙන කාලෙකින් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහා වෙන්න එපා. නහය ගාවටම වැඩ. ඒවත් එක්ක post එකක් කරන්න වෙලාව හදාගන්න බැරි වුනා. මට තව සති 2ක් දෙන්න. ඊට පස්සේ මම අඩුම ගානේ සතියට එක පාරක්වත් post එකක් කරන්නම්. හරියට money management ගැන කියලා දෙනකම් අළුතින් Forex ඉගෙන ගන්න අය real accounts open කරන්න එපා. ආ තවදෙයක් කියන්න ඕනේ, රවී කියලා කෙනෙක් මේ blog එක නවත්වන්න පුදුම උත්සාහයක නිරත වෙනවා. 25 වෙනි post එකේ එයා comments දෙක තුනක් දාලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔය වගේ comments ගනන් ගන්නේ නෑ. හැබැයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත මේ blog එක නවතිනවට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම blog එක නවත්වන්නම්. මේ ගැන ඔයාලගේ අදහස් දක්වනවා නම් මම කැමති. එහෙනම් ඔයාලා  හැමෝටම ජයවේවා!

Thursday, June 30, 2011

26. Stop Loss එකේ වැදගත්කම (Money management lesson - 2)

ඔයාලට දැන් SL එකක් හා TP එකක් දාන හැටි හොඳට පුරුදු ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම අහන්න. මට කලින් පාඩමේදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම හිතුවේ තව පොඩි post එකක් දාන්න ඕනේ කියලා.

සමහර tradersලා ඉන්නවා එයාලා SL එකක් එයාලගේ trades වලට දාන්නේ නෑ. එයාලා එහෙම දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට එයාලා trade එකක් open කලාම එයාලා computer එක ගාව ඉඳලා trade එක දිහා බලාගෙන ඉඳලා එයාලට ඕන price එකට ආවාම trade එක close කරන නිසා. ඒ කියන්නේ trade එක හරි පැත්තට යනවා නම් එයාලට අවශ්‍ය Pips ගණන ලැබුනාම එහෙමත් නැතිනම් trade එක වැරදි පැත්තට යනවා නම්, එයාලා trade එක close කරන්න හිතාගෙන ඉන්න price එකට ආවාම trade එක close කරනවා.

Friday, May 27, 2011

25. Stop Loss හා Take Profit - 2 (Money management Lesson - 2)

කලින් පාඩමෙන් අපි Stop Loss, Take Profit කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තනේ. අද අපි බලමු Metatrader එකේ Stop Loss හා Take Profit කියන අගයන් අපි trade එකක් open කරද්දී දෙන්නේ කොහොමද කියලා.

එහෙනම් Metatrader එක open කරලා EUR/USD M15 chart එක ගන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත Standard colors කියන template එක load කරගන්න. (මේවා කරන හැටි මතක නැතිනම් 17 පාඩම බලන්න.) ඊට පස්සේ Auto scroll කියන button  එක uncheck කරලා Chart shift කියන button එක click කරන්න.



Wednesday, May 18, 2011

24. Stop Loss හා Take Profit - 1 (Money management Lesson - 2)

සෑහෙන කාලෙකට පස්සේ අළුත් post එකක් කරන්නේ. වැඩත් එක්ක post කරන එකත් ලේසි කෙලියක් නෙවෙයි. හරියට post එකක් කරන්න පැය 2-3 වත් යනවා.  හරි අපි කෙලින්ම වැඩේට බහිමු. මම මේ අද කරන්න යන පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. මේකේ කියලා දීලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්.

කලින් පාඩමකින් අපි Margin Level එක ගැන ඉගෙන ගත්තා මතකද? (21 පාඩමින්).  අපි ඒ පාඩමේදී ඉගෙන ගත්තා Margin Call එකක් කියන්නේ මොකක්ද කියලත්. හැබැයි Margin Call එකක් හරියටම ඇතිවෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි මදි කියලා මම හිතනවා. ඒ නිසා අද අපි ඉස්සෙල්ලාම ඒක ගැන පොඩ්ඩක් බලමු.

ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ blog එක බලන සහෝදරයෙක් අහලා තිබ්බා "Forex වල trade එකක් open කරලා ඒ trade එක close කරන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවද කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් නැතිනම්  අපිට කවදාවත් loss එකක් නැතිව trades close කරන්න පුළුවන් නේද?" කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, මොකද අපි trade එක open කරපු ගමන් trade එක loss පැත්තට ගියත් කවදා හරි price එක ආපහු profit පැත්තට එනකම් ඉඳලා අපිට trade එක close කරන්න පුළුවන් නිසා.  මොකද ඔයාලා දන්නවා නේ Forex market එකේ price එක හැමවෙලේම ඉහල පහල යනවා කියලා. මේක මෙහෙම කරන්න පුළුවන් නම් කවුරුත් මේක කරන්නේ නැත්තේ ඇයි? මේකට හේතුව තමයි Margin Call කියන එක. අපි හරියට Money management නොකලොත්, trade එකක් දිගින් දිගටම loss පැත්තට ගියොත් අපිට Margin Call එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Forex account එකේ ඉතිරි වෙන්නේ අපි trade එක open කරද්දී broker අපෙන් ගන්න Margin එක විතරයි. ඉතිරි සල්ලි ටික ඔක්කොම Forex market එකට යනවා. අපි උදාහරණයකින්ම මේක ගැන study කරමු. මේ උදාහරණයේදී Margin call එකක් ලැබෙන Marging Level  එක විදිහට 100% අපි පාවිච්චි කරමු මොකද මේක තමයි ගොඩක් brokersලා Margin call එකක් ලබාදෙන අවස්ථාව.

Thursday, May 5, 2011

අළුත් post එකක් ළඟදීම...

කට්ටිය තරහා වෙන්න එපා blog එක update කරන්න බැරි වුනාට. හොඳටම busy වෙලා හිටියා ඒකයි post කරන්න බැරි වුනේ. Party, dinner, lunch ඉවරයක් නැතුව. හෙටින් පස්සේ ඒවා සැහෙන දුරට ඉවරයි. ඊට පස්සේ වැඩි කරදරයක් නැතුව blog එක කරගෙන යන්න පුළුවන් වෙයි. මාත් එක්ක මෙතෙක් කල් හිටපු, comment කරපු සියලුම සහෝදර සහෝදරියන්ට ස්තූතියි. දිගටම blog එක බලන්න. Forex ඉගෙන ගන්න එක අතහරින්න එපා. ජයවේවා!

Friday, April 1, 2011

23. අළුත් demo account එකක් open කරමු.

මේ post එක අප්‍රේල් පලවෙනිදා මෝඩ joke එකක් කියලා ඔයාලා හිතයිද මන්දා. :) කලින් පාඩමකින් මම කියලා දුන්නානේ කොහොමද demo account එකක් open කරගන්නේ කියලා.  දැන් මෙච්චර දවස් trades open, close කරලා සමහර අයගේ account එකේ සල්ලි බිංදුවටම හිදිලා ඇති. එහෙමත් නැතිනම් සමහර අයගේ accounts වල charts update වෙන්නේ නැතුව "Invalid account" කියලා පෙන්වනවා ඇති.

Monday, March 28, 2011

22. තිත්ත ඇත්ත

මට සති 2කට වැඩි කාලයක් blog එක update කරන්න බැරි වුනා. කට්ටිය තරහාවෙලාද මන්දා? තරහා වෙන්න එපා, සමහර වෙලාවට ටිකක් පරක්කු වුනාට blog එක දිගටම යනවා.

අද මම තරමක් වෙනස් දෙයක් ගැන කතා කරන්න යන්නේ. මේක මම දැන්ම කරන්න හිටපු post එකක් නෙවෙයි හැබැයි බොහෝ දෙනෙක් දිගටම real account එකක් open කරන්නේ කොහොමද කියලා අහන නිසාත් මගේ blog එක කියවන සහෝදරයෙකුගේ comment එකක් නිසාත් මට හිතුනා අද මම කතාකරන්න යන මාතෘකාව කතාකල යුතුමයි කියලා.

Saturday, March 12, 2011

21. Account Balance, Equity, Margin, Free margin හා Margin level - (Money management Lesson - 1)

අද අපි කරන්න යන්නේ තවත් ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම කෙලින්ම සම්බන්ද වෙන්නේ Money management එහෙමත් නැතිනම් අපි කොහොමද Forex වලදී අපේ මුදල් පාලනය  කරන්නේ කියන පාඩමට. Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වෙනවද නැද්ද කියන එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ Money management කියන්නේ.

අපි trade එකක් open කරලම වැඩේ පටන්ගමු. ඔයාලගේ Metatrader එකේ open කරපු trades තියෙනවා නම්, ආයෙත් trades open කරන්න අවශ්‍ය නෑ. හැබැයි trades 1කට වඩා open කරලා තියෙනවා නම් එක trade එකක් විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔයාලා පාවිච්චි කරන Strategy එකේ rules වලට අදාලව close කරන්න. එක trade එකක් විතරක් ඉතුරු කරගන්න කිව්වේ එතකොට ගණන් හදාගන්න ලේසි හින්දා.

දැන් ඉතින් ඔයාලට trades open කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාලට පුළුවන් trade එකක් open කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න.

Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell ඔයාලා අදාල විදිහට කරන්න. ඊට පස්සේ කෙලින්ම බලන්න Chart එකට පහලින් තියෙන Terminal කියන කො‍ටුවේ Trade කියන tab එක.


Wednesday, March 9, 2011

20. Forex අනිකුත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක ඇයි?

අපි අද බලමු Forex අනිත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක වෙන්නේ කොහොමද කියලා.

- No commissions, Low transaction cost
Forex market එකේදී අපි broker ලට commissions හෝ වෙන මොනවත් ගාස්තු ගෙවන්න වෙන්නේ නෑ. අපි ගෙවන එකම ගාන තමයි අපි open කරන trade එකේ spread එක. මතකනේ Spread එක, Bid හා Ask price අතර වෙනස.

Monday, March 7, 2011

19. Forex ගැන තව ටිකක් ඉගෙන ගමු.

මම මේ Forex blog එක කරගෙන ගියේ සාමාන්‍යයෙන් ගොඩක් Forex sites කරනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ලොකුවට theory කරන්නේ නැතුව practicals පැත්ත තමයි වැඩිපුර කියලා දුන්නේ. දැන් ඔයාලට නිකන් ඉන්න ගමන් කරන්න වැඩකුත් තියෙන නිසා (Trades open කරන්න දන්න නිසා) අද අපි Forex Market එක ගැන විස්තර ටිකක් ඉගෙන ගමු.

දැන් ඔයාල දන්නවනේ Forex කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම Forex වලින් සල්ලි හම්බ කරන හැටි ගැනත් ඔයාලට අවබෝධයක් තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද Forex Market එක තමයි මුළු ලෝකයේම තියෙන ලොකුම Financial Market එක කියලා. Stock Market එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ලෝකයේ තියෙන ලොකුම Stock Market එක තමයි NYSE (New York Stock Exchange) (හරියට ලංකාවේ Colombo Stock Exchange එක වගේ). NYSE එකේ දවසකට $74 Billions මුදල් ගනු දෙනු සිද්ධ වෙනවා. සෑහෙන්න ලොකු ගණනක් නේද? හැබැයි Forex Market එකේ දවසකට $4 Trillion ගනු දෙනු සිද්ධ වෙනවා.

අපි නිකමට බලමු මේ ගණන් දෙක බිංදුත් එක්ක ලියලා.

$74 Billion = 74,000,000,000
$4 Trillion = 4,000,000,000,000

දැන් තේරෙනවා නේද කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා.